‘දැන් තමයි මට ගැලපෙනම කෙනා ලැබුනේ’ පළමු විවාහට සමුදුන් කේෂාන් අලුත් පෙම්වතිය තුරුලුකරන් කියන කතාව

මීට වසර කිහිපයකට පෙර ටීවී දෙරණ නාලිකාවේ විකාශනය ඇරඹු දෙවෙනි ඉනිම නාට්‍ය ඒ කාලයේ වගේම අදත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. මෙගා නාට්‍ය ගණයට අයත්වන මේ නාට්‍ය, රචනා කරන්නේ ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක්ම නිර්මාණකල සමන් එදිරිමුණි විසින්. දෙවෙනි ඉනිම නාට්‍යයේ ගොඩක්ම රඟපාන්නේ නවක රංගන ශිල්පීන් සහ රංගන ශිල්පිනියන්. ඉතින් මේ නාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න හිතුවක්කාර චරිතයක් තමයි ‘අවන්ත’ කියන්නනේ. ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍ය විකාශනය ආරම්භ වුන මුල්කාලයේ විලන් චරිතය තමයි අවන්ත. තමන්ගේ සහෝදරයෙක් වන අනුහස්ටකල වෙනස්කම් නිසා ඒ දවස්වල කවුරුවත් අවන්තට වැඩිය කැමති නෑ. කොහොම වුනත් දැන් අවන්ත හොඳ කෙනෙක්. ඉතින් දැන් අවන්තට හැමෝම ආදරෙයි.

ඉතින් මේ විදියට ලංකාවේම ප්‍රේක්ෂක ආදරේ දිනාගත් අවන්තගේ චරිතයට පන පොවන්නේ කේෂාන් ශෂීන්ද්‍ර විසින්. කේෂාන් කියනේ නවක රංගන ශිල්පියෙක්. ඔහුගේ පළමු ටෙලිනාට්‍ය තමයි ‘දෙවෙනි ඉනිම’. කොහොම වුනත් මේ නාට්‍ය නිසා කේශාන්ට විශාල පිරිසක් ආදරේ කරන්න පෙළඹුනා. ඒ වගේම කේශාන්ට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ තරුණියන්ගෙන් කියලයි කේෂාන් කියන්නේ. කේෂාන් කලාවට පිවිසෙන්නේ ගායකයෙක් විදියට ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා. නමුත් කේෂාන් ලංකාවේ හැමෝගේම අවධානය දිනාගත්තේ රංගන ශිල්පියෙක් විදියට. ඉතින් ඒ පිලිබඳ කේෂාන් කියන්නේ මේ වගේ කතාවක් ”මම මේ ක්‍ෂේත්‍රයට පය තියෙන්නේ ගායකයෙක් විදියට ටීවී දෙරණින්. ඒ වගේම මම රංගන ශිල්පියෙක් වෙන්නෙත් ටීවී දෙරණ නිසා. මගේ ජීවිතය වෙනස්කලේ දෙරණ ආයතනය. ඇත්තටම මට ගොඩක් සතුටුයි අද මම ඉන්න තැන පිළිබඳව සහ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරේ පිලිබඳව” කියලයි.

ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත් කේෂාන්ගේ පළමු ආදරයනම් එතරම් සාර්ථක වෙන්නේ නෑ. යුගදිවියක් ගතකල කේෂාන් පසුව පුද්ගලික හේතු කිහිපයක් නිසා බිරිඳගෙන් වෙන් වනවා. ඉන්පසු කාලක් තනිකඩ දිවියක් ගතකල ඔහු දැන් ආදර වන්තයෙක් වෙලා. කේශාන්ගේ දැන් පෙම්වතිය තමයි මධූ මුනසිංහ. ඇය කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද තරුණියක් නෙවෙයි. ඉතින් කේෂාන් මධූ ගැන කියන්නේ මේ වගේ කතාවක් ”මධූ කියන්නේ ගොඩක් හොඳ කාන්තාවක්. දැන් තමයි මට හොඳම කෙනා ලැබුනේ. ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද කියලා මට කියලා දුන්නේ එයා.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන කේෂාන්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.