දවස් 21න් කොන්ඩේ වැවෙන අපූරු මැජික් එක

දිගු කෙස් කලඹක් කාන්තාවකට ආභරණයක් වගෙයි. කෙසේවුවත්, නිරෝගි, ශක්තිමත් දිගු කෙස් කලඹක් ඇතිකරගැනිම වගේම පවත්වාගැනීම පහසු කටයුත්තක් නෙවෙයි. ඒ සඳහා හොඳ පෝෂණයක් බාහිරව සහා අබ්‍යන්තරව ලබාගත යුතුයි. අබ්‍යන්ත්‍රික පෝෂණය ගැන කතා කරන විට අප ලබාගන්නා ආහාර වලට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. හිසකෙස් වර්ධනයට බොහෝ ඉවහල් වන අත්‍යාවශ්‍ය පෝෂක ‍රැසක් අඩංගු ආහාර වර්ග 7 ක් ගැනයි අද ඔබට පැවසීමට සූදානම් වෙන්නේ.

1සැමන්

සැමන් වල අඩංගු ඔමේගා-3 මේද අම්ල මඟින් හිසකෙස් ශක්තිමත් කරමින් හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි. හිසකෙස් වර්ධනයට බාධාවෙමින් හිසකෙස් වල තැටි නිර්මාණය නොවෙන ටෙලොජන් අවධිය වසර බාගයකින් අඩුකරගැනීමේ විශේෂ හැකියාවක් ඔමේගා-3 පෝෂක බහුල ආහාර පවතින බව විද්‍යාත්මක පර්යේෂණ වලින් හෙලි වී ඇත. ඊට අමතරව සැමන් වල අඩංගු විටමින් B 12 සහා යකඩ පෝෂක මඟින් හිසකෙස් ඉතා ඉක්මනින් වර්ධනය වීමට ප්ර්යෝජනවත් වේ.

2 බෙල්ලෝ

බෙල්ලෝ වල අඩංගු සින්ක් පෝෂණ ගුණය නිසා හිසකෙස් සීග්ර්යෙන් සහා දීප්තියකින් යුක්තව වර්ධනය කරගැනීමට හැකියි. නිතර පරිභෝජනය කල නොහැකි ආහාරයක් නිසා සින්ක් බහුල වෙනත් ආහාර වර්ග ආදේශක ලෙස භාවිතා කල හැකියි. උදා: තිරිඟු (නිවුඩ්ඩ), හරක් මස් (අක්මාව විශේෂයි) ඌරු මස් වල සින්ක් බහුලව අඩංගුය.

3 කුකුල් මස්

හිසකෙස් වල 80% ක්ම නිර්මාණය වී ඇත්තේ කෙරටින් වලින්ය. කුකුල් මස් වල සත්ව ප්‍රෝටීන බහුල නිසා හිසකෙස් සඳහා අවශ්යකය කෙරටින් නිෂ්පාදනයට බොහෝ උපකාරි වේ. මාස 2-3 කාලයක් තිස්සේ නිසි ප්‍රෝටින් පෝෂණයක් සිරුරට නොලැබීමෙන් ප්‍රෝටින් ඌනතාවය හටගත හැකි අතර එමගින් හිසකෙස් වර්ධනය වීම නැවති ආඩාලවී යයි. සත්ව ප්‍රෝටීන් බහුල ආදැශක ආහාර ලෙස කලුකුම් මස්, හා මස් ද දැක්විය හැයි.

4බිත්තර

හිසකෙස් වර්ධනයට සහා පැවැත්මට උපකාරි වන ප්‍රෝටීන් සහා බයෝටීන් වැනි අත්යෙවශ්යහය පෝෂක ‍රැසක් බිත්තර වල අඩංගු වේ. විශේෂයෙන්ම, එහි අඩංගු බයෝටින් මඟින් හිසකෙස් හැලීයාම වළක්වාගැනීමට ප්‍රයෝජනවත් වේ. ඊට අමතරව සෛල විභේදනයට අවශ්යහය ලෙයුසින් සහා හිසකෙස් සඳහා හිතකර ඇමයිනෝ අම්ල ‍රැසක් බිත්තර වල අන්තර්ගත වේ.

5ආමන්ඩ් ඇට

හිසකෙස් වර්ධනයට සහා ශක්තිමත් බවට ඉවහල් වන විටමින් E ගුණය ආමන්ඩ් වල බහුලයි.ආමන්ඩ් ඇට ග්‍රෑම් 30 ක දෛනික විටමින් අවශ්යලතාවයෙන් 70% ක් සපුරාගත හැකි බව පැවසේ. ආමන්ඩ් වල අඩංගු බයෝටින්, මේද අම්ල, විටමින් B වැනි වෙනත් හිතකර පෝෂක ‍රැසක් අඩංගු ය.

6වට්ටක්කා ඇට

වට්ටක්කා පිසීමේදි බොහෝ විට වට්ටක්කා ඇට ඉවත් කරනු ලබනවා. නමුත්, ඒවා ඔබේ හිසකෙස් වලට අවශ්යෝය පෝෂක ‍රැසකින් අනුනයි. හිසකෙස් වර්ධනයට උපකාරී වන විටමින් B1,B2,B3,B4 සහා හිස්කබලේ නීරෝගී බව වැඩිකරන විටමින් B5සහ B6 වැනි විටමින් ‍රැසක් ඒවායේ අඩංගු වේ. අධිකව හිසකෙස් ගැලවී යාම පාලනය කරගැනීමට ඔබේ ආහාර වේලට වට්ටක්කා ඇට එකතුකරගන්න ඔබට හැකියි.

7ලෙන්ටිල්ස්

යකඩ පෝෂක බහුල ලෙන්ටිල්ස් කොළ වර්ග හිසකෙස් වර්ධනයට ඉතා ප්‍රයෝජනවත් ආහාරයකි. ලෙන්ටිල්ස් සුප් කෝප්පයක දෛනික යකඩ අවශ්යයතාවයෙන් බාගයක්ම සපුරා ගත හැකියි. ලෙන්ටිල්ස් වල හිස්කබලට සම්බන්ධ රුධිර සැපයුම සාමාන්යවය තත්වයට පත්කරවන කොලයින් මෙන්ම සින්ක් ඇතුලු වෙනත් පෝෂ්යධ පදාර්ථ ‍රැසක් අඩංගුව පවතියි.