‘දරුවෝ හිටියා කියලා නෑ මම හිතන්නේ මගේ ෆිගර් එක ගැන’ ජනප්‍රිය නිලි සචිනි කියන කතාව

සචිනි අයේන්ද්‍රා ස්ටැන්ලි නම කියු සැනින් බොහෝ දෙනෙක් අදුරන දන්න චරිතයක්. නිරූපිකාවක්, රංගන ශිල්පියක් වන ඇය ගැනයි මේ කතාව. මහනුවර ප්‍රදේශයේ උපත ලබන සචිනි පවුලේ බාලයා. පාසල් කාලයේ පටන් නිරූපණයට මනා දස්සකම් පෙන් වු සචිනිගේ ගමන ඇය විසින්ම සදා ගත් එකකි. 2001 වසරේදි නිරූපිකාවක් ලෙසට ජනතාව අතරට එන ඇය 2003 දි මිස් ශ්‍රි ලංකාව දිනාගන්න සමත් වෙනවා. චීනයේ සැන්යා හි පැවති ලෝක රූ රැජින තරඟාවලිය වෙනුවෙන් ඇය ශ්‍රි ලංකාව නියෝජනය කරන අතර 2004 වසරේදි හොදම සහය නිළියට හිමි සම්මානය දිනාගන්න ඇයට හැකි වෙනවා.

2005 වර්ෂයේදි ‘හිරුණි’ නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ දෙමින් ඇය සිය කලා ජිවිතයට මංපෙත් ⁣විවර කරගන්න අතර ඇය වේදිකාවට එන්නේ 2009 වර්ෂයේ තිරගත වු ‘හොදට හෝ නරකට’ වේදිකා නාට්‍යයෙනි. සචිනි 2016 වර්ෂයේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හි පැවති ලෝක රංග කලා ශූරතාවයට සහභාගි වු ප්‍රථම ශ්‍රි ලාංකිකයාද වෙනවා.

එදා මෙදා තුළ නිරූපන කලාවේත් රංගන කලාවේ සචිනි කියන නම ආදුනික නොවේ. දරුවන් සමඟ ඇගේ සුන්දරත්වය රැකගෙන මේ එන ගමන ගැන අපි ඇයගෙන් ම අසා සිටියා. “බොහෝ දෙනෙක් කියන්නේ කලාවට ආවහම දරුවෝ එක්ක තමන් ගැන හිතන්න වෙලාවක් කලාවක් නෑ කියලා. ඇත්තටම මටත් දරුවෝ ඉන්නවා. හැබැයි මම දරුවන්ට වගේම මටත් කාලය වෙන් කරගන්නවා. මොකද මම මට ආදරෙයි. අනික මම මගේ රැකියාවට ආදරෙයි. මම කෑම බිම ගැන සැලකිලිමත් වගේම නිරෝගි ජිවිතේකට අවශ්‍ය ව්‍යායාම වගේ දේවල් කරනවා. මම මගේ ෆිගර් එක ගැන ගොඩක් හිතනවා ඉතින් හැමදේම එක්ක මම මගේ පවුල මගේ රැකියාව වගේම මගේ සෞඛ්‍යයට කාලය, ඉඩකඩ වෙන් කරනවා. කවුරුත් ඔය කියන තරම් කාර්යබහුලයි කියලා මම හිතන්නේ නෑ. මොකද තමන්ට තමන් වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තියෙන්න ඕනි” කියලයි.

පවුල් ජිවිතේ මෙන්ම කලාව මනා ලෙස හසුරවන සචිනි ඉදිරියේදි නිර්මාණ තුළින්ද දැකිය හැකි බවයි පැවසුවේ. අවුරුදු පහළොවකට ආසන්න කාලයක් ඇය සිය ජිවිතය කලාවට වෙන් කර අවසන්. චිත්‍රපට 20ක්, ටෙලිනාට්‍ය 30කට ආසන්න ප්‍රමාණයක් රංග දක්වා ඇති සචිනි බොහෝ දෙනෙකුගේ ආදරයටද ලක්වන්නියක්

ඉතින් අපි සචිනිගෙන් ඇසුවා ඇයගේ ඉදිරි සැලසුම් මොනවද කියලා ඉතින් ඇය අපිට දුන්නේ මේ වගේ පිළිතුරක්. “ඇත්තටම මම ආසයි කලාවේ ඉදිරියටම යන්න. මොකද මගේ වෘත්තීය කියන්නේ කලාව. හරි දේ කරලා කලාවේ නමක් තියාගන්න මම ආසයි. ඒ වගේ දේවල් එක්ක තව පොඩි පොඩි බලාපොරොත්තු තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි හිතන දේම වෙයිද කියලා කාටවත් හරියට කියන්න බෑ නේ” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සචිනිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.