දකුණු කොරියාවේ සිටින සුරූපීම නිළියන් 15 දෙනා මෙන්න

කොරියානු ටෙලිකතාමාලා සහ චිත්‍රපට ක්ෂේත්‍රය කියන්නේ ලෝකයේ වේගයෙන්ම දියුණු වෙමින් පවතින කර්මානතයක්. බොහෝ වෙලාවට හොලිවුඩයටත් වඩා ආකර්ෂණීයයි කියා හිතෙන නිර්මාණ කොරියානු සිනමා කර්මාන්තය තුල බිහිවි තිබෙනවා. මේ වන විට දකුණු කොරියාවේ පමණක් නොවෙයි ඉන් ඔබ්බට මුලු ලෝකය පුරාම පුළුල් ප්‍රේක්ෂකාගාරයක් දකුණු කොරියානු ටෙලිකතා සහ චිත්‍රපට නිර්මාණ වටා නිර්මාණය වී තිබෙනවා. බොහෝවෙලාවට හොලිවුඩය බොලිවුඩයේ තරු වලට වඩා මේ කොරියානු නළු නිළියන්ගේ විස්තර ගැන ප්‍රේක්ෂකයින්ගේ කුතුහලය සහ උනන්දුව වැඩියි කියා හිතෙන තරමටම මේ අය නිතරම කතාබහට ලක්වෙනවා.විශේෂයෙන්ම මේ අයගේ ආදර සබඳතා, අඳින පලඳින විදිය, ඒ අය ඉදිරියෙදි සම්බන්ධ වන නිර්මාණ මොනවාද කියලා වගේ මේ තරු සම්බන්ධ ගොසිප් වලින් අන්තර්ජාලයේ පි‍ටු ගණනාවකින්ම පිරිලා තිබෙනවා. දකුණු කොරියානු නළු-නිළියන් බොහෝ දෙනා තම රුව ‍රැකගැනීමට ප්ලස්ටික් සැත්කම් වලට යොමුවී තිබෙනවා. රූපලාවන්‍ය සැත්කම් කියන්නේ එරට උන්මාදයක් මෙන් හැමෝම උනන්දුවෙන දෙයක් කියලා අහන්නට ලැබෙනවා.

ලෝකයේම ආදරයට අවධානයට පාත්‍ර වුණු දකුණු කොරියානු තරු අතරින් අද අපේ අවදානය එරට සිටින ලස්සනම නිළියන් 15 දෙනා වෙතයි.

15. Choi Ji Woo

ඇය ක්ෂේත්‍රය තුල හොඳ නමක් දිනාගෙන සිටින ජනප්‍රියම නිළියකි. ඇය වටා විශාල ප්‍රේක්ෂකයින් පිරිසක් සිටිති. ඇය වැඩිවශයෙන් කොරියානු ටෙලිකතාමාලා වලට සම්බන්ධ වී කටයුතු කරන්නීය.

14. Han Ga In

ටෙලිකතාමාලා වලට රංගන දායකත්වය ලබාදෙමින් ඇය ක්ෂේත්‍රයට පැමිණි අතර ඇයගේ පළමු නිර්මාණය වූයේ yellow Handkerchief කතාමාලාවයි.  Moon Embracing The Sun ටෙලිකතාමාලාව ඇගේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ නිර්මාණයයි. ඇය නිරූපිකාවක් ද වේ.

13. Yoon Eun Hye

ඇය ගායිකාවක්, නාට්‍ය ශිල්පිණියක්, නිරූපිකාවක් මෙන්ම අධ්‍යක්ෂකවරියක් ද වේ. ඇය මේ වන විටත් හොඳම නිළියට හිමි සම්මාන වලට පවා පාත්‍ර වී තිබෙනවා. Princess Hours, The 1St Shop Of Coffee Prince, Missing You Marry Him If You Dare වැනි කතාංග වල රංගනයෙන් දායක වූවාය

12. Park Shin Hye

ඇය නිළියක් මෙන්ම ගායිකාවක්, නිරූපිකාවක් සහ නර්ථන ශිලිපිණියකි. You’re Beautiful, Heartstrings, Flower Boys Next Door, The Heirs වැනි කතාමාලා ඔස්සේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත්තාය. ජපන් ටෙලිකතාමාලාවක් වූ Tree of heaven හි ඇය රංගනයෙන් දායක වූවාය. ඇය වයස අවුරුදු 13 සිටම රිදී තිරයේ කැපී පෙනුනු නිළියකි.

11. Han Ye Seul

සුරූපි නිළියක් වන ඇයගේ උපන් රට වන්නේ ඇමෙරිකාවයි. ඇය ගායිකාවක්, නිරූපිකාවක් ලෙස කටයුතු කරයි.Birth Of Beauty, Couple Or Trouble වැනි අතිශය ජනප්‍රිය කතාමාලා වල ඇය ප්‍රධාන චරිත නිරූපනය කලාය. වෘත්තිය නිසා ඇය තම ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැර කොරියාවේම පදිංචි වීමට තීරණය කර තිබේ.

10. Song Hye Kye

 කොතරම් කාර්යබහුල නිළියක් වුවත් සැමවිටම සතුටින් ඉන්න කෙනෙක් ලෙසයි ඇය ව ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුන්වන්නේ. Autumn In My Heart, Full House, The Descendents Of The Sun වැනි කතාමාලා ඔස්සේ ඇය මුලු ලෝකයේම ආදරයට පාත්‍ර වු නිළියක් වූවාය. ඇයගේ ජනප්‍රියත්වය උදෙසා ඇය මේ වන විටත් එරට පිදෙන PaekSung Art නම් සම්මානයට පවා පාත්‍ර වි තිබෙනවා. ඇය ළමා සුබසාධන කටයුතු වෙනුවෙන් බොහෝ මුදල් පරිත්‍යාගයන් සිදුකරන අයෙක් බව දැනගන්නට ලැබේ.

09. Lee Da Hae

Green Rose, My Girl, Hotel King, Slave Hunter වැනි කතාමාලා ඔස්සේ අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් ඇය එරට සිටින දක්ෂතා ‍රැසකින් පිරිපුන් නිළියකි. ඇයට ජපන් බස, චීන බස, ඉංග්‍රීසි බස හොඳින් හැසිරවිය හැකිය. චීන බව හොඳින් හැසිරවිය හැකි එරට සිටින එකම නිළිය ඇය බව පෑවසේ. ඒ සුවිශේෂීත්වය නිසාම Love Actually, Best Couple වැනි චීන ටෙලිකතාමාලාවල රංගනයට පවා ඇයට අවස්ථාවන් හිමිවී තිබෙනවා.

08. Ha Jin Won

ඇය ක්ෂේත්‍රය තුල වඩාත් ප්‍රසිද්ධ වී සිටින්නේ Amazin Yeoja යන නමිනි. ඇය බොහෝ චිත්‍රපට වල මෙන්ම ටෙලිකතාමාලා වල රංගනයෙන් දායක් වී ඇත. ක්‍රියාදාම, ප්‍රහසන, නාට්‍යමය සහ ක්‍රීඩා ආදී නොයෙකුත් සිනමා කාණ්ඩ වල නිර්මාණ වලට පෙනී සිටිමින් සිදුකල දක්ෂ චරිත නිරූපණයන් නිරන්තරෙන්ම විචාරක අවධානයට පාත්‍ර වී ඇත. වයස අවුරුදු 38 ක් වන ඇය තවමත් ලාබාල පෙනුමක් ඇති අතිශය සුරූපි කාන්තාවකි. කොරියාව තුල සිටින වඩාත් බලපෑමක් ඇතිකල හැකි නිළියන් අතරින් ඇය ද එක් අයෙකි. ඇය තවමත් අවිවාහකය.

07. Bae Suzy

ඇය නිළියක්, ගායිකාවක්, ‍රැප් ගායන ශිල්පිණියක්, නර්ථන තරුවක් මෙන්ම නිරූපිකාවක් ද වේ. ඇය එරට සංගීත උළෙලවල් වල පොප් සංගීත අංශයේ කැපී පෙනෙන දස්කම් දැක්වීම් වෙනුවෙන් සම්මාන ‍රැසකට නිර්දේශ වි තිබේ.  31 වන්න ගෝල්ඩන් ඩිස්ක් සම්මානය ඇය 2017 වසරේ හිමිකරගත්තාය. ඇය 2010 වසරේ සිට තම වෘත්තිය ජීවිතය ආරම්භ කලේ සංගීත ක්ෂේත්‍රයෙනි. ඇය සැම්සන්ග් වැනි දැවැන්ත සමාගම් සමඟ සම්බන්ධ වි වෙළඳ ප්‍රචාරණ කටෞතු වලට නිරූපණ දායකත්වය ලබාදෙමින් සිටියි.

06. Son Ye Jin

 ප්‍රේමාන්විත චිත්‍රපට වල සහ ටෙලි කතාවල නිතර දක්නට ලැබෙන මුහුණක් වන ඇය The Classic, Summer Scent, A Moment To Remember , April Snow  ආදි නිර්මාණ තුලින් දැඩි ප්‍රේක්ෂක අවධානයක් හිමිකරගත්තාය. ඇය හොඳම නිළියට හිමි බ්ලූ ඩ්‍රැගන් නම් සම්මානයට පවා පාත්‍ර වී සිටින දක්ෂ නිළියකි.

05. Kim Tae Hee

Love Story In Harvard, Stairway To Heaven, My Princes ආදි නිර්මාණ හරහා ඉමහත් ප්‍රසිද්ධියක් දිනාගත් නිළියක් වන ඇය එරට සිටින සුරූපීම නිළියකි. ඇය නිරූපිකාවක් ලෙස ද කටයුතු කර ඇත. ටොයෝටා, සැම්සන්ග් වැනි දැවැන්ත සමාගම් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු වලට ඇය සම්බන්ධ වී සිටියි.

04. Kim So Eun

වඩාත් බලාපෑමක් ඇතිකල හැකි නිළියක් මෙන්ම එරට මාධ්‍ය තුල කැපී පෙනෙන චරිතයක් වන ඇය මේ ලැයිස්තුවෙ 4 වන ස්ථානයට පත් සුරූපීම කොරියානු කාන්තාවයි. ඇය ඉතා කුඩා කාලයේ සිටම ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට වරම් ලැබූ අයෙකි. A Good Day For The Wind To Blow  නිර්මාණය තුල ඇය පර්ථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කලාය. ඇය මේ වන විට එරට සිටින අතිශය ජනප්‍රිය නිළියකි. ඇය සම්මාන සහ නිර්දේශ ගණනාවකට පාත්‍ර වී තිබෙන අයෙකි.

03. Han Hyo Joo

ලස්සන අහිංසක පෙනුම නිසාම තිරයේ කැපීපෙනෙන නිළියක් ලෙස හැඳින්වෙන ඇය Dong Yi, Brilliant Legacy  වැනි නිර්මාණ ඔස්සේ ලෝකය පුරා ප්‍රේක්ෂක අවධානය ආදරය දිනාගත්තාය. ඇය සාර්ථක වෘත්තිය ගමනක යෙදි සිටින චරිතයකි. මේ වන විටත ඇය සම්මාන ගණනාවකටම පාත්‍ර වී සිටියි. ඇය නිරූපිකාවක් ලෙසද අතිශය ප්‍රසිද්ධියක් උසුලයි.

02. Park Min Young

නර්ථන ශිලිපිණියක්, නිරූපිකාවක් වන ඇය එරට සිටින සුරූපීම නිළියකි. City Hunter, Healer, Sungkyunkwan Scandal, Remember වැනි ටෙලිකතාමාලා ඔස්සේ ඇය කොරියාවේ මෙන්ම ලොව වටා ප්‍රේක්ෂකයින්ගේ පැසසුමට ලක්වූවාය. ඇය දැවැන්ත ව්‍යාපාරික සමාගම් සමඟ එක්වී ප්‍රචාරණ කටයුතු වලට දායකත්වය ලබාදෙමින් සිටියි.

01. Nana

කොරියාවේ සුන්දරතම නිළියන්ගේ ලැයිස්තුවේ පළමු වන ස්ථානයට පත්වී සිටින ඇයගේ ඇත්ත නම Im Jin Ah ය.  ඇය ලොව අතිශයෙන්ම සුරූපි කාන්තාවන්ගේ ලැයිස්තුවේ ද සිටින්නීය. ඇය එරට සිටින දක්ෂ ගායන තරුවක් ද වේ.

*සුරූපීම කොරියානු නිළියන් එසේ තේරී පත්වෙද්දී එරට සිටින අතිශයෙන්ම සුරූපි කාන්තාව ලෙස නම් දරන්නේ Seolhyun ය. ඇය නිළියක් මෙන්ම ගායිකාවක් ද වේ. එරට කාන්තා සංගීත කණ්ඩායමක් වන AOA හි සමාජිකාවක් වන ඇය Ugly Alert, Orange Marmalade වැනි ටෙලිකතාමාලා තුලින් ප්‍රේක්ෂකයින් අතරේ ජනප්‍රියත්වයට පත්ව සිටින්නීය.