දකුණු කොරියාවට යනවනම් මෙන්න මේ දේවල් 10 කරන්න හිතන්නවත් එපා

යම් රටක සංචාරය කිරිමට පෙර එම රටේ සංස්කෘතින් සහ සම්ප්‍රදායන් පිලිබඳව යම් දැනුමකින්- අදහසකින් යුක්ත වීම ඉතා උචිතයි. විශේෂයෙන්ම ඇතැම් සාම්ප්‍රදායික ආසියාතික රටවල සංචාරය කිරීමේදි ඔබ මේ කෙරෙහි සැලකිලිමත් වන්නේ නම් වඩාත් සුදුසුයි. අපේ ඇතැම් පුරුදු සහ් හැසිරීම් වලින් ඔවුන්ගේ සංස්කෘතියට නිගරු කලාක් මෙන් හැඟීමක් ඔවුන් තුල ඇතිවිය හැකියි. එබැවින් ඔබ වෙනත් රටක සංචාරය කිරීමේදි එරටේ සිරිත් විරිත් වලට ගරු කරමින් කල යුතු නොකල යුතු දේවල් ගැන අවබෝධයකින් සිටීම ඉතා වැදගත්.එවැනි රටක් තමයි දකුණු කොරියාව. ඔබ සංචාරකයෙන් විදියට දකුණු කොරියාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් ඉන්න අයෙක් නම් මේ කරුණු 10 ත් අමතක කරන්න එපා.

01. චොප් ස්ටික්ස් වලින් සෙල්ලම් කරන්න එපා!

කොරියානු සංස්කෘතිය තුල චොප් ස්ටික්ස් භාවිතා කිරීමේදි තහංචි ‍රැසක් ගැන සඳහන් වෙනවා. ඒ කියන්නේ යම් කෙනෙකු ඒවා භාවිතා කිරීමේදි නොකල යුතු දේවල්.උදාහරණයක් ලෙස ඔබේ ආහාරය ගෑරුප්පුවකින් කරන්නාක් මෙන් චොප් ස්ටික්ස් වලින් සිදුරු කරමින් අනුභව නොකල යුතුයි. එය ඔබට ආහාර පිලිගැන්වූ පුද්ගලයාට හෝ කෝකියාට සිදුකල පෞද්ගලික අපහාසයක් සේ ඔවුන් සලකති.චොප් ස්ටික්ස් සිරස් අතට අල්ලා ගෙන සිටීම දකුණු කොරියාවේ සම්මතයන්ට අනුව මරණය යන්න හඟවන සලකුණකි. එරට අවමඟුල් වලදි එසේ දුම් කූරු වැලි වල ගසා තිබීම අනිවාර්යෙන් සිදුකරන්නකි.

02. ටැටූ විලාසිතා පිටතට නොපෙන්විය යුතුයි.

බොහෝ ආසියාතික රටවල මෙන් දකුණු කොරියාව තුල ටැටූ විලාසිතා කෙරෙහි ඇත්තේ එතරම් හොඳ ආකල්පයක් නොවෙයි. ටැටූ විලාසිතා සිදුකිරීම මෙන්ම ටැ‍ටු නිර්මාණ ශිලිපින් ලෙස කටයුතු කිරීම එරට නීති විරෝධී ක්‍රියාවකි. වෛද්‍ය සේවාව යටතේ සිරුරු පින්තාරු කරගැනීම වැනි දේවල් සඳහා අවසර ලබාදී ඇත. සිරුරේ ටැටූ විලාසිතා ඇති පුද්ගලයින්ව පොෆ්හු ස්ථාන වලදි එතරම් සුහදශීලි බවකින් පිලිනොගැනීම වගේම ඇතැම් විට ‍රැකියා සඳහා බඳවා නොගැනීම පවා සිදුවිය හැකියි.

03. කර ගැඹුරට කැපූ විලාසිතා භාවිතා නොකරන්න.

වඩාත් ගැඹුරු ලෙස විවර වී ඇති කරක් සහිත ඇඳුම් සරාගී බව ඉස්මතුකරන්නක් ලෙසයි කොරියානුවන් අතරේ පිලිගැනීම වන්නේ. නමුත්, Mini-skirt විලාසිතා සඳහා කිසිඳු බාධාවක් නැති බව දැකිය හැකියි. බොහෝ කාන්තාවන් මෙම විලාසිතාව බහුලව භාවිතා කරන අයුරු සුලබ දර්ශණයකි.

04. කැෆේ වලදි වේටර් වරුන්ට සන්තෝසම් (ටිප්) ලබාදෙන්න එපා.

දකුණු කොරියානු අවන්හලකදී ඔබ විසින් වේටර්වරයෙකු හට ටිප් එකක් ඉතිරි කර යාම සැලකෙන්නේ ඔහුට/ඇයට කල අපහාසයක් ලෙසයි. ඔවුන් හට ඉතා හොඳ වේතනයක් ලැබෙන නිසා ඔබේ මේ ක්‍රියාව එහි කාර්ය මණ්ඩලයට සිදුකල නිගරුකිරීමක් සේ දිස්විය හැකියි. නමුත්, ඇමෙරිකාව හෝ යුරෝපා රටවල සංචාරය කිරීමේදී නම් මෙය කිසිසේත්ම ගැටලුවක් නෙවෙයි.

05. ආහාර පිඟානේ ඉතිරි කරන්න එපා.

කොරියානුවන් ආහාර සම්බන්ධව දක්වන්නේ වෙනස්ම ආකල්පයකි. එරටේ ආහාර ප්‍රමාණයෙන් විශාල කොටස් ලෙසත්, පදම් කරමින් සහ ඉතා සැර අධික ලෙස සකස් කර පිලිගන්වයි. යම් පුද්ගලයෙකුගේ නිවසට අමුත්තෙකු ලෙස ගිය විටකදී ඔවුන් විසින් විසින් ඔබට පිලිගන්වන ආහාර පාන ප්‍රතික්ශේප කිරීම නොකල යුතු දෙයකි. විශේෂයෙන්ම, ඔබ ආහාර පිඟානේ ඉතිරි නොකල යුතුයි. කැන්ටින්, කැෆේ සහ අවන්හල් වලදි පවා මෙසේ නොකල යුතුයි (එසේ සිදුකිරීමෙන් ඔබට මුහුණ දීමට සිදුවිය හැකි ගැටලු සිද්ධීන් අවම කරගත හැකියි.)

06. එරට සාමාන්‍ය ජනයා දෙස දෑස් අයා බලාගෙන ඉන්න එපා

මෙය තමන්ගේ පෞද්ගලික නිදහසට බාධා කිරීමක් ලෙස ඔවුහු සලකති. එමෙන්ම සාමාන්‍ය ජනයාගෙන් නොවිමසා ඔවුන්ගේ ඡායාරූප ලබාගැනීමත් නොකල යුතුයි.  එය දඬ මුදලක් ගෙවීමට හෝ නිර්දෝශීබව ඔප්පු වන් අතුරු පැය කිහිපයක් පොලිසියේ ප්‍රශ්න කිරීම් වලට ලක්වීමට සිදුවන ආකාරයේ වැරද්දකි. එබැවින් එවැනි අවදානම් සහගත දේ නොකර සිටීම නුවණට හුරුය.

07. වැඩිහිටි පුද්ගලයින් සමඟ ගැ‍ටුම් ඇතිකරගන්න එපා.

වැඩිහිටි පුද්ගලයින් හට කීකරුව ඔවුන්ට අවනත විය යුතු බවත් ඔවුන්ට එරෙහිව දරුණු ලෙස හැසිරීම නොකල යුතු බවත් කොරියානුවන් අතර පිලිගැනීමයි. කොතරම් වැරදි සහගත චරිතයක් ඇති පුද්ගලයෙකු වුවත්, ගැ‍ටුම එම පුද්ගලයා විසින්ම ඇතිකල එකක් වුවත්,එම පුද්ගලයාට විරුද්ධව කතා නොකල යුතුයි. එරටදී ඇතිවන සැම ගැ‍ටුමකම වැඩි වාසිය එරට පුද්ගලයින් හට ලැබෙන අයුරින් විසඳනු ලබයි. වංචාකරුවන්ට මෙය අනිසි අවසරයක් කරගෙන තිබෙන බව පැවසේ.

08. ඔවුන් අතර භාවිතයේ ඇති ‘වැසිකිලි’ මාතෘකාව ගැන එතරම් වික්ෂිප්ත වෙන්න එපා.

මල-මූත්‍රා පිටවීම් ගැන එලිපිට කතාබහ කිරීම එරට ජනයා විසින් සිදුකරන්නකි. එම මාතෘකාව පිලිබඳව ඔවුහු නිදහසේ කතාකරති. ආහාර ගන්නා අතරතුරදී, යහලු මිත්‍රයින් සමඟ සිටින විටදී, පෙම්වතා/පෙම්වතිය සමඟ සිටින විට දී ආදී ඕනම අවස්ථාවක ඇදී එන සාමාන්‍ය  මාතෘකාවකි. විශේෂයෙන්ම මල-මූත්‍රා වල ස්වභාවය ගැන පවා. එරට පොදු වැසිකිළි පද්ධතිය ඉතා ඉහළ පිරිසිදුකමකින් යුක්ත නොමිලේ පහසුකම් සපයන ජාලයකි. සෝල් නගරයේ වැසිකිළි සංස්කෘතිය සිහිගන්වමින් ඉදිකර ඇති විශේෂ උද්‍යානයක් පවා ඇත.  ස්වභාවික දේ අප්‍රසන්න විය නොහැකියි කියායි ඔවුන් කියන්නේ.

09. මහාමාර්ග වලදි හමුවන තැන තැන වැතිරී සිටින පුද්ගලයින්ව අල්ලන්න එපා.

මද්‍යසාර කෙරෙහි කොරියානුවන්ගේ ආකල්ප වෙනස් වූ එකකි. ඔවුහු ඉතා මහන්සි වි සති අග මද්‍යසාර පානය කරමින් ප්‍රීති වෙති.තමන්ගේ කාර්යාල සගයින් සමඟ එකට මත්පැන් පානය කරමින් විනෝද වීම ඔවුන් සිදුකරති. තමන්ගේ කාර්යාල ප්‍රධානියාගේ ඇරයුමක් ප්‍රතික්ශේප කිරීම සිදුනොකල යුත්තක් සේ සලකති. ඇතැම් ආයතන වල කාර්යාල ප්‍රධානියා සමඟ එසේ පිටතට ගොස් මත්පැනින් විනෝදවීම උසස්වීමක්, හෝ පඩි වැඩිවීමකට පවා හේතුවක් විය හැකියි. මෙවැනි අවස්ථා වලට සහභාගි වූ හොඳට ඇද පැලඳගත් පුද්ගලයින් සෝල් නගරයේ තැන තැන මහ මග වැටී සිටින අයුරු සුලබ දසුනකි. ඔවුන්ව ස්පර්ෂ කිරීම, අවදි කිරීමට උත්සාහ කිරීම හෝ නිවසට ඇරලීමට උත්සාහ නොකරන්න. පොලිසිය ඒ ගැන කටයුතු කරාවි.

10. ඔබට කැමති කැමති තැන දුම් පානය කිරීමට අවසර නැහැ.

දකුණු කොරියාව තුල  දුම් පානය කිරීම තහනම් දෙයක් නොවේ. ඒ සඳහා අවසර ඇතත් ඔබට කැමති සෑම තැනකදීම හිතු මනාපෙට එය සිදුකල නොහැකියි. සාමාන්‍ය ජනයාට හානියක් නොවන ලෙස සකස් කල දුම් බොන ස්ථාන සකස් කර තිබේ. දුම් පානය සඳහා අවසර ඇත යනුවෙන් සඳහන් වන කුටි හෝ වට කරන ලද ස්ථාන ඇත. දුම් පානය සඳහා අවසර නොමැති තැනක සිගරට්‍ටු දැල්වීම දඩයකට යටත් කල හැකි වරදකි.