තේ බෑග් වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ 8 ක්

ක්‍රි.ව. 1500 ට පෙර අතීතයේ සිටම තේ ජනප්‍රිය පාන වර්ගයක් ලෙස භාවිතා වී තිබේ. සියවස් ගණනකට පසුව අද වන විට පවා එහි ජනප්‍රියත්වය අඩු වී නැත. තේ පානයක් පහසුවෙන් සකසාගත හැකි පරිදි වෙළඳපොලේ තේ මලු ලෙස සකස්කර තිබෙන නිෂ්පාදන දැකිය හැකියි. එසේ භාවිතා කර ඉවත් කරන මේ තේ මලු වලින් වෙනත් ප්‍රයෝජන ලබාගත හැකි බව ඔබ දැන සිටියාද? මේ ඉන් කිහිපයක්.

1 බ්ලැක්හෙඩ්ස් සහා කුරුලෑ සුවකරගැනීම සඳහා

හරිත තේ මේ සඳහා විශේෂයි. ඒවායේ විෂබීජ නාශක ගුණය සහා ප්‍රතිපලදාහක ගුණය බහුල නිසා ඔබේ සමේ ඇති ගැටලු ‍රැසකට හොඳ ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කල හැකියි. තේ බෑග් දෙකක පමණ තේ කුඩු ගෙන එයට උණු ජලය සහා මී පැණි ස්වල්පයක් එක්කරගනිමින් මිශ්‍රණයක් සකස් කරගන්න. එය ඔබේ මුහුණේ ‘මාස්ක්’ එකක් ලෙසින් හොඳින් ආලේප කරගන්න. මිනිත්තු 20 ක් පමණ ඔබේ මුහුණේ තිබෙන්නට හැර සෝදා ඉවත් කරගන්න. මුහුණේ රතු පැහැ ස්වභාවය සහා දැවිල්ල ගතිය පහව ගොස් ඇති බව ඔබට දැකිය හැකි වේවි.

2 දත් කැක්කුම් වලට සහනයක් ලබාගැනීමට

මේ සඳහා පෙපර්මින්ට් තේ භාවිතා කල යුතුයි. එහි අඩංගු ප්‍රති-බැක්ටීරිය ගුණය සහා හිරිවට්ටන ස්වභාවය නිසා දත් කැක්කුම් වේදනාවලට සහනයක් ලබා දීමට සමත් වෙයි. මද වශයෙන් උණුසුමක් සහිත තේ බෑග් එකක් ඔබේ රිදුම් දෙන දතට තද කරමින් වේදනාව පහව යන තුරු මද වේලාවක් අල්ලාගෙන සිටින්න.

3 මාස් ශුද්ධියේ දී ඇතිවන මස්පිඬු වේදනා සමනය කිරීමට උපකාරී වේ

කැමොමයිල් තේ පානය මඟින් මාංශ පේශීන් ස්වභාවිකව ලිහිල් කරමින් සමනය කරවයි. උණුසුම් තේ පානයක් ලෙස සකසා පානය කිරීම හෝ නාන තටාකයට එක්කරමින් හොඳ උණුසුම් ජල ස්නානයක් ලබාගත හැකියි.

4 මවුකිරි ලබාදීමේදි ඇති වන තන පුඩුව තුවාල වීම් හෝ ඉරි තැලීම් සුවකරගැනීමට

මවුකිරි ලබාදෙන විට මවත් බිලිඳාත් අතර හොඳ බැඳීමක් ඇති වේ. නමුත්, මවුකිරි ලබාදීම සෑම විටම වේදනා රහිත වන්නේ නැහැ. තනපුඬුව තුවාල වීම හෝ ඉරි තැලීම නිසා ඇති වන වේදනාව සමනය කරගැනීමට පෙපර්මින්ට් තේ වඩාත් යෝග්යා වේ. තේ බෑගයක් හොඳින් තැම්බෙන්නට තබා, හොඳින් මිරිකාගෙන තනපුඬුව මත මෘදුව ආලේප කරගන්න.

5 ඉදිමුම සහා ඇස් රතු වී ඇති ස්වභාවය නැති කිරීමට

හොඳ නින්දක් නොලැබීම නිසා ඇස් ඉදිමීම හා රතු ඇස් රතු වීම සිදුවෙයි. මේ සඳහා තේ බෑග් ප්‍රතිකර්මයක් ලෙස භාවිතා කල හැකියි. භාවිතා කල හරිත තේ බෑග් දෙකක් සිසිල් වෙන්නට තබා ඇස් මත තබාගන්න.

6 ඔබේ නිවසේ විසිතුරු ශාක වර්ග හොඳින් වර්ධනය කරගැනීමට පොහොරක් ලෙස

ඔබ භාවිතා කල තේ බෑග් කසල බඳුනට දමන්න එපා. ඒවා පස සරු කරන පොහොරක් සේ නැවත භාවිතයට ගතහැකියි. ස්වභාවිකව දිරාපත් වන වෙනත් එලවළු ,පලතුරු පොතු, බිත්තර ක‍ටු වැනි දෑ සමඟ මිශ්‍ර කරමින් මල් පෝච්චි වලට එක්කරන්න.

7 මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇති වූ බිබිලි සුවකරගැනීමට

කැමොමයිල් තේ වල වේදනා සමනය කිරීමේ විශේෂ ගුණය පවතින නිසා කෘමී දෂ්ට කිරීම් වලට ප්‍රතිකාරයක් ලෙසත් භාවිතා කල හැකියි. කැමොමයිල් තේ සකස් කල පසු එම තේ බෑග් සිසිල් වීමට ශීතකරණයේ මිනිත්තු 30 ක් පමණ තබන්න.ඉන්පසුව, එම තේ මලු මදුරුවන් දෂ්ට කිරිමෙන් බිබිලි මතුව ඇති ස්ථාන වල මිනිත්තු 10 ක් පමණ මෘදුව හොඳින් ආලේප කරගන්න. අවශ්යල නම් මෙය නැවතත් වාර කිහිපයක්ම සිදුකරන්න.

8 කුඩා තුවාල වලට ප්‍රතිකාරයක් ලෙස

සෙල්ලම් කිරීමේදි කුඩා දරුවන් නිතරම තුවාල, සීරීම් හෝ තැලීම් වලට ලක් වෙනවා.එවැනි අනතුරු නිසා සම මත ඇති වන රතු ස්වභාවය ,ඉදිමුම, කැක්කුම සහා වේදනාවන් සමනය කිරීමට තේ බෑග් ප්‍රථමාධාරයක් ලෙස භාවිතා කල හැකියි. භාවිතා කල කළු තේ බෑගයක් (Black tea) සිසිල් වීමට තබා එම ස්ථාන වල මෘදුව ආලේප කරන්න.