තායිලන්තයේ සිටින සුරූපීම කාන්තාවන් 10 දෙනා

සුන්දරත්වය යනු සරලකමයි. කෘතීම දේවල් වලට වඩා ස්වභාවික දේ වඩාත් ආකර්ෂණීය වන්නේ ඒ නිසයි. කාන්තාවන්ගේ සුන්දරත්වය ද ඒ හා සමානයි. ලෝකයේ සෑම රටකම යුවතියන්ට ආවේණික වූ ස්වභාවික සුන්දරත්වයක් ඇත. හිසකෙස් වල වර්ණය, සමේ වර්ණය, ඇස් වල හැඩය, සිරුරේ හැඩය ආදී නොයෙකුත් සුන්දර අංග ලක්ෂණ පිහිටා ඇති ආකාරයෙ විවිධත්වයක් දක්නට ලැබෙනවා. තායිලන්තය කියන්නේත් එවන් ලස්සන යුවතියන් සිටින රටක්. තායිලන්තයේ කාන්තාවන්ගේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන කුඩා ඇස් පිහිටීමක් ඇති පියකරු මුහුණ සහා සිහින් සිරුර වැනි ආකර්ෂණීය අංග ලක්ෂණ පිහිටා ඇති ආකාරය දැකිය හැකියි. ඔවුන් සතුව ඉතා පැහැපත් සහා සුසුදු සමක් මෙන්ම කලු පැහැති හිසකෙස් පිහිටයි. නිරුපණ හා චිත්‍රපට ක්ෂේත්‍රයට වඩාත් හොඳින් ගැලපෙන මුහුණු සහා පෞරුෂයන් සහිත කාන්තාවන් පිරිසක් ලෙස තායි කාන්තාවන් හැඳින්වෙන්නේ. ඔවුන්ගේ අතිශය සුන්දරත්වය ගැන ලෝකයේම අවධානය ලැබී ඇති නිසාම අද දවසේ අපි කතා කරන්නේ තායිලන්තයේ ජීවත්වන ලස්සනම කාන්තාවන් 10 දෙනා පිලිබඳවයි. ඔවුන් විශේෂ වන්නේ හුදෙක්ම ඔවුන්ගේ රූප සොබාව නිසාම පමණක් නොව ඔවුන්ගේ දක්ෂතා සහා බුද්ධිමත් බව ද මෙහිදි වඩාත් කැපී පෙනෙයි.

10. සුපක්සෝර්න් චායිමොන්ග්කොල්

ඇය තායිලන්තයේ සිටින සරාගීතම නිරූපණ ශිල්පිණියකි. ‘කුන්දන් ලෙජන්ඩ් ඔෆ් ද වොර්ලෝර්ඩ් සහා අර්ට් ඔෆ් ද ඩෙවිල් ආදී චිත්‍රපට හරහා ඇය රංගනයට පිවිසී ඇත. ඇය ඉතා ආකර්ෂණීය රූ සොබාවක් සහා සිහින් හැඩති සිරුරකට හිමිකම් කියයි. ඇය රේසින් කාර් ධාවන ශූරියක් ද වේ. ‘FHM’ සහා ‘Mars’ ආදී පිරිමි මැගසින් කවර හැඩකිරීම සඳහා ඇය නිරූපණයෙන් දායක වෙමින් සිටින්නීය. ඇය විසින් බොහෝ ප්‍රහසන චිත්‍රපට සහා ප්‍රේමාන්විත චිත්‍රපට ‍රැසකට රංගන් දායකත්ව ලබා දී ඇත.

9. සින්ඩි බර්බ්රිණඩ්ජ්

ඇය වෘත්තියෙන් නිරූපණ ශිලිපිණියක් ලෙස කටයුතු කරයි. 1996 වසරේ ‘මිස් තයිලන්ඩ් වර්ල්ඩ්’ රූ ‍රැජිණ තරඟාවලියේ කිරුළ දිනාගනු ලැබුවේ ද ඇය විසිනි. දිය යට සිදුකල විශේෂ නිරූපණ ව්‍යාපෘතියක් හරහා ඇයට නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීමට වරම් හිමි වී ඇත.ද කින්ග් මේකර්, ඕල් අයි සී ඊස් යූ වැනි චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක වූවාය. මේ සුන්දර තායි රංගන ශිල්පිණිය තායි ටෙලිකතා මාලා ඔස්සේ ද නිතර දැකගන්නට අවස්ථාව ලැබේ.

8. සෝනියා කොවුලින්ග්

ඇය තායි ජාතික නිරූපිකාවක් මෙන්ම රංගන ශිලිපිණියකි. ඇය විසින් MTV Asia හි මාධ්යයවේදිණියක් ලෙස ද කටයුතු කර ඇත. ඇය විසින් බොහෝ ටෙලිවිෂන් වැඩසටහන් සඳහා පෙනීසිට ඇත. 2005 වසරේ තායිලන්තයේ මීලඟ සුපිරි නිරූපණ තරුව හෙවත් ‘Thailand’s next top model’ තරඟාවලියේ දී ඇයව දැකගන්නට ලැබිණි. වයස අවුරුදු 13 දී 7 up වෙළඳදැන්වීමක් හරහා ඇය නිරූපණයට එලඹී ඇත. ‘L’Oreal’ සහා ‘Olay’ ආදි සුපිරි ගණයේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතන වල ප්‍රචාරණයන් සඳහා නිරූපණයෙන් ඇය දායක වෙමින් සිටියි. ඇයට ඇත්තේ ඉතා සරගි ඇස් සහා දෙතොලක් බවයි බොහෝ දෙනා පවසන්නේ.

7. කාන්යා රට්ටනාපෙට්ච්

ඇය තායිලන්තයේ සිටින සරාගී නිරූපණ ශිල්පිණියක් හා රංගන ශිල්පිණියකි. 2005 වසරේ ස්කෙයාර්ඩ් නම් ත්‍රාසජනක චිත්‍රපටය හරහා ඇය රංගනයට පිවිසී ඇත. ලව් ඔෆ් සියම්, නර්සස් වැනි චිත්‍රපට වලද ඇයව දැක ගැනීමට හැකිය. තායි සංගීත කණ්ඩායමක් වන AM Fine හි සංගීත වීඩියෝ සඳහා ද ඇය අවස්ථා දෙකකදී පෙනි සිට ඇත. ‘ලව් ඔෆ් සියම්’ චිත්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් ඇය හොඳම සහාය නිලිය කාණ්ඩය යටතේ දෙවරක්ම නිර්දේශ වූවාය. ඇය එරට සිටින රූමත්ම කාන්තාවක් ලෙස සැලකේ.

6. අප්සරා හොන්ග්සකූලා

1965 වසරේ විශ්ව රූ ‍රැජිණ ලෙස කිරුළු දැරුවේ ඇය යි. එම කිරුළ දිනාගැනීමට සමත් වූ පළමු තායි ජාතික කාන්තාව වූයේද ඇයයි. ඇය සිත් ඇදගන්නා සුළු නිරූපණ ශිල්පිණියක් ලෙස එරට වඩාත් ප්‍රසිද්ධියට පත් වී සිටියි. 1973-1979 කාල වකවානුව තුල විශ්ව රූ ‍රැජිණ තරගාවලියේ විනිශ්‍යයකාරවරියක් ලෙස ද ඇය කටයුතු කලාය. ඇය ඉතා දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් වන අතර ‘Weil Watches Company’ සහා ‘Apsara Beauty Slimming Spa’ යන ආයතනවල සභාපතීත්වය දරන්නේ ද ඇය විසිනි. ඇයගේ හුරුබුහුටි මුහුණ සහා ආදරණීය ඇස් දු‍ටුවන් වශී කිරීමට සමත් ය.

5. චලිදා විජිත්වොන්ග්තොන්ග්

ඇය එරට සිටින සුන්දරතම හා ලස්සනම නිරූපණ ශිල්පිණියක් සහා රංගන ශිල්පිණියකි. වෙළඳදැන්වීම් හි නීරුපණය හරහා ඇය රංගන අවස්ථා හිමිකරගැනීමට සමත් වූවාය.ටවාන් ඩෙඩ් , රුක් පතිහාර්න් ආදී ටෙලිවිෂන් වැඩසටහන් වල ඇය රංගනයෙන් දායක වූවාය. ඉතා සුපිරි ගණයේ නලුවන් බොහෝ දෙනෙකු සමඟ චිත්‍රපට ‍රැසක රංගනයේ යෙදීමට ඇයට අවස්ථාව හිමි වී ඇත. ප්‍රහසන හෝ ප්‍රේමාන්විත හෝ ඕනෑම චරිතයකට සාධාරණයක් ඉ‍ටු කරන නිලියක් ලෙස ඇය ඉතා ප්‍රචලිතය. ‘Siyam Dara Star Awards’ සහා ‘Star Light Awards’ නම් සම්මාන උළෙල වල් හීදී ඇය හොඳම නිලිය කාණ්ඩය යටතේ සම්මාන ‍රැසකට නිර්දේශ වි ඇති අතර සම්මාන ‍රැසකට පාත්‍ර වීමට ද සමත් වූවාය.

4. පිට්චනාර්ත් සකාකෝර්න්

තායි ජාතික රංගන ශිල්පිණියක් වන ඇය තායි ‘FHM’ සඟරාවට අනුව සිත් ඇදගන්නා තායි කාන්තාවන්ගේ 100 දෙනාගේ ලැයිස්තුවේ ඉහළින්ම ‍රැඳී සිටින්නියකි. බිකිනි විලාසිතා ඡායාරූප වෙනුවෙන් පෙනීසිටිම වෙනුවෙන් ඇය විශේෂ ප්‍රසිද්ධියක් උසුළයි. ‘පට්ටායා මේනියෑක්’, ‘ද වික්ටිම්’ වැනි චිත්‍රපට වල ඇය රංගනයෙන් දායක වී ඇත. තායි ටෙලිකතාමාලා තුලින් ද ඇයව දැකගැනීමට අවස්ථාව හිමි වේ. නිකැලැල් සමක් සහිත හැඩති සිරුරකට හිමිකම් කියන සුරුපිණියක් ලෙස ඇය මෙම ලැයිස්තුවේ ඉහළ ස්ථානයකට පත් ව සිටින්නීය.

3. නට්තාවිරානුච් තොන්ග්මී

ඇය තායි රංගන ශිලිපිණියක් මෙන්ම නිරූපිකාවක් ලෙස ද කටයුතු කරමින් සිටින්නීය. ‘කූ ටේ පටිහන්’ නම් චිත්‍රපටය හරහා ඇය රංගන වරම් හිමිකරගත්තාය. ඇය විසින් චුලාලොන්ග්කෝර්න් විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාවව සම්බන්ධයෙන් උපාධියක් හිමි කරගෙන ඇත. ඇයගේ චිත්රතපට අතරින් ‘ෂටර්’ සහා ‘අයි මිස් යූ’ වැනි චිත්‍රපට වඩාත් කැපී පෙනේ. තායිලන්තයේ ‘FHM’ සහා ‘Maxim’ ආදී සුප්‍රසිද්ධ විලාසිතා මැගසින් හී මුල් පි‍ටුව හැඩකරන ප්‍රසිද්ධ නිරූපිකාවක් ලෙස ඇය එරටේ ජනප්‍රියත්වයට පත්ව සිටියි. ඇයගේ ආකර්ෂණීය පෙනුම නිසාම ඇය බොහෝ ජනප්‍රසාදයට ලක්ව සිටින්නීය.

2. උරස්සායා ස්පර්බන්ඩ්

තායි නිරූපිකාවක් සහා රංගන ශිල්පිණියක් වන උරස්සායා සතුව ඇත්තේ මනබඳින රූ සපුවකි. ඇය උපාධිධාරිනියක් ද වේ. නිරූපණ ක්ෂේත්‍රය හරහා ඇය රංගන වරම් දිනාගැනීමට සමත් වූවාය. දුආන්ග් ජායි අක්කානී නම් ටෙලිකතාමාලාව හරහා ඇය දැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගත්තාය. ඇය වර්තමාන තායිලන්තයේ සිටින සාර්ථකම නිලියන් අතරින් එක් අයෙකි. Elle, ‘Seventeen’, ‘Vogue’, ‘Harpers Bazaar’ ආදී ලෝකප්‍රසිද්ධ විලාසිතා මැගසින් සඳහා නිරූපණයෙන් ඇය දායක වී ඇත. වැඩිම වෙළඳදැන්වීම් ප්‍රමාණයකට පෙනී සිටින තායි නිලිය ලෙස ද ඇය හැඳින්වේ. බොහෝ ව්‍යාදපාර සන්නාම ප්‍රවර්ධන කටයුතු සමඟ ඇය සම්බන්ධ වී සිටියි.

1. ටාටා යන්ග්

මේ ලැයිස්තුවේ ඉහළින්ම ‍රැ‍ඳෙන, තායිලන්තයේ සුරූපීම කාන්තාව ලෙසට පත් වී සිටින්නේ තායි රංගන ශිල්පිණියක්, නිරූපිකාවක් සහා ගායිකාවක් වන ටාටා යන්ග් විසිනි. ඇය ගායිකාවක් ලෙස තම වෘත්තිය ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 11 දිය. ඇයගේ පළමු ඇල්බමය වූ ‘අමිතා ටාටා’ නම් ඇල්බමය එරට අතිශයින් ජනප්‍රිය වූ හා සාර්ථක වූ ගීත ඇල්බමයක් විය ඇය විසින් රඟපෑ චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඇති අතර අවස්ථා කිහිපයකදීම හොඳම නිලියට හිමි සම්මාන පවා ඇය හිමි කරගැනීමට සමත් වූවාය. ඇය බොහෝ වෙළඳදැන්වීම් සහා ප්‍රචාරණ කටයුතු සඳහා පෙනී සිටියි. ‘Academy Fantasia’ නම් ටෙලිවිෂන් වැඩසටහනේ විනිශ්චයකාරවරියක් ලෙස ඇය කටයුතු කර ඇත. ඇයගේ අතිශය සුන්දර රූප ලක්ෂණ නිසාම ඇය මේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වී සිටින්නීය.