‘තාත්තා නැතිවුනා කියලා මගේ දේවල් නතර කරන එක වැරදියි’ අභිෂේකා විමලවීර කියන කතාව

ගායන ලෝකයේ හමොම ආදරේ කරන ගායන ශිල්පිනියක් තමයි අභිෂේකා විමරවීර කියන්නේ. ගායනයෙන් වගේම සුන්දර රූපය අතිනුත් අභිෂේකා ලංකාවේ ප්‍රේක්ෂකයින් අතර ගොඩක් ජනප්‍රියයි. කොහොම වුනත් අභිෂේකා කියන්නේ නිතර දකින්න ඉන්න කළා කාරිනියක් නෙවෙයි. අභිෂේකා මුලික වශයෙන් නියැලිලා ඉන්නේ ගායන ක්ෂේත්‍රයේ නෙවෙයි. ඇය වැඩිපුරම නියැලිලා ඉන්නේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ. ඒ වගේම අභිෂේකා කොළඹ විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි කථිකාචාර්යවරියක් විදියටත් වැඩ කරනවා. ඒ වගේම ඇය ලේඛිකාවක් විදියටත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒ පිලිබඳ ඇය අපි සමග කිවුවේ මේ වගේ කතාවක් ”ඔව් මම ලේඛිකාවක විදියටත් දැන් ජනප්‍රියයි. පසුගිය කාලයේ එළිදක්වුව ගීතය එක්ක මගේ කාව්‍ය සංග්‍රහයත් එළියට ආවා. ඒකෙ නමත් ‘මතක’ ඒ පොතේ තියෙන ගීතය තමයි මම ‘මතක’ නමින් ගායනා කරන්නේ. ඊට කලින් වතාවක මම ‘කර්මජ’ කියලා නවල් එකක් ලිව්වා. 2020 ගොඩගේ සාහිත්‍ය සම්මාන උලෙළේ ඒ පොත හොඳම පොත් පහ අතරට ආවා.” කියලයි.

කොහොම වුනත් කාලයක් අභිෂේකා වැඩිය පේන්න හිටියේ නෑ. කාලෙට පසුව අභිෂේකා නවතත් කලාවට පිවිසෙනවා. ඉතින් එයට හේතුව විදියට ඇය අපට කිවුවේ මෙහෙමයි. ”මම කාලයක් කලාවෙන් තරමක් ඈත්වෙලා හිටියා. හැබැයි මට ආයේ කලාවට තල්ලු වුනා එයට ප්‍රධානම හේතුව තමයි මගේ බබා. දවසක් මමයි මගේ දුවයි ටීවී බලද්දී එයා එකපාරටම කිවුවා අම්මි ඉස්සරනම් ටීවී එකේ හිටියා දැන් නැහැනේ කියලා එයා ටීවී එක ඔෆ් කළා. ඉතින් මම ඒ වෙලාවේ තේරුම් ගත්තා මම කලාවේ සිටීම එයාට ලොකු ආඩම්බරයක් කියලා. ඇත්තම කියනවනම් මම කලාවට ආදරේ කලේ මගේ තාත්තා නිසා, ඉතින් තාත්තා නැතිවුනා කියලා මගේ දේවල් නතර කරන එක වැරදියි කියලා මට තේරුනා. මගේ නිර්මාණ බලන්න එක්කෙනෙක් හරි ඉන්නවනේ කියන හැඟීම මගේ දුව මා තුළ නැවත ඇති කළා.ඒකයි මම කලාවට ආවේ” කියලයි. තින් ඔයාලා හැමෝම ආදරේ කරන අභිශේකාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.