‘තාත්තා නැතිවුනාම අපි ගොඩක් අසරණ වුනා’ පාරදිගේ ටෙලිනාට්‍යයේ රුවිනි කියන කතාව

සහෝදර ප්‍රේමය තරම් තවත් උත්තරීතර ප්‍රේමයක් මේ මිහිපිට බැඳී ඇතිද? එලෙස බැඳුණු සහෝදරත්වයෙන් ගොඩනැඟුණු ආදරණීය කතාවක් තමයි ‘පාරදිගේ’ ටෙලිනාට්‍යය. ඉතින් තම සහෝදරයාගේ දියුණුවට වගේම ඔහුගේ රැකවරණයට නිරන්තරයෙන්ම සොයා බලන ආදරණිය නැඟණියක් අපට හමුවුණා හැබැයි ඉතින් තම සහෝදරයා පවුලේ අයට හොරා කරන සිදුවීම් මාලාව තම නැගණිය දැනගන්දාට මොනවගේ ඉරණමක් උදාවෙයිද කියා අපකාටවත් තවම හිතාගත බෑ. කොහොම වුනත් මේ වනවිට රුවිනිට ඇයගේ සහෝදරයාගේ හොර වැඩ පිලිබඳ පොඩි ඉවක් දැනිලා තියෙන්නේ. ඉතින් මේදිනවල විකාශ වන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ‘රුවිනි’ ලෙසින් ඔබට සමීප වන ආදරණීය නැඟණිය තමයි නිත්‍යා දේවින්දි. ඇය ගැනයි මේ කතාබහ.

2012 දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියේ අවසන් දොළොස් දෙනා අතරට පැමිණිමත් සමඟ රංගන ජිවිතයට එළඹෙන නිත්‍යා, ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍යයෙන් ලාංකේය ප්‍රේක්ෂක ආදරේ දිනාගන්නා අතර පසුව එම ටෙලිනාට්‍යයෙන් ඉවත් වෙනවා. ඉතින් ඇය ඒ පිලිබඳ පැවසුවේ මේ වගේ කතාවක් ”මුතුලේන්දොර නාට්‍යයේ නෙලුම්ගේ චරිතය තමයි මම රඟපෑවේ. ඒ නාට්‍යය දහවල් කාලයේ විකාශනය වුනේ. කොහොම වුනත් මට ඒ නාට්‍යයෙන් ඉවත්වෙන්න වුනා මොකද ඒ ටෙලිනාට්‍යයේ විවිද ප්‍රශ්න මතුවුනා. මට ඒ නිර්මාණයට වැරද්දක් කරන්න හිතුවේ නෑ. ඒ නිර්මාණයේ වැඩ කරපු අයම තමයි මාව ඉවත්කලේ. මට ඒගැන දුකක් නෑ” කියලයි.

මේ සියල්ල හමුවේ පාර දිගේ සොදුර ගමන ගැන ඇය කිවේ මෙවැනි අදහසක්, “මෙතෙක් මම රඟපාපු ටෙලිනාට්‍ය අතර සුවිශේෂී නිර්මාණයක් විදහට ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය හඳුන්වන්න කැමැතියි. මගේ රංගන ජීවිතයට ගොඩාක් දේවල් මම ‘පාරදිගේ’ යනගමන් එකතු කර ගැනීමට වාසනාව ලැබුණා. විශේෂයෙන්ම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සමග මට වැඩ කරන්න ලැබීම සතුටක්. ඒ වගේම දැනට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ ඉහළින්ම සිටින නිර්මාණවේදියෙක් වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නිර්මාණයක වැඩ කිරීමට මාව තෝරාගත් එතුමාටත්, ඒ වගේම චාමර සමරවික්‍රම අයියාටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා.” ඇය සියළු දෙනාට ස්තුතියි ප්‍රකාශ කරන්නට තරම් නිහතමානි වුයේ ඇය ආ ගමන කටුක බව ඇය දන්න නිසාමයි. 2018 වසරේදී නිත්‍යාගේ පියා මෙලොව හැර යනවා ඉතින් ඇය ඉන්පසු ඇයගේ ජීවිතය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම ඒ අතීතේ මතක්කරන්නත් කැමති නෑ මොකද එක අපිට ගොඩක් අමාරු කාලයක්. මගේ තාත්තා නැතිවෙන්නේ පිළිකාවක් හැදිලා ඊටපස්සේ අපි ගතකලේ ගොඩක් අමාරු කාලයක්. මගේ අම්මා ගොඩක් හයිය ගැහැනියක්. ඇයගේ ශක්තිය නිසා තමයි මම අද මෙහෙම ඉන්නේ. ඒ වගේම කිසිම වෙලාවක මගේ අයියා මාව තනිකලේ නෑ.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නිත්‍යා දේවින්දිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.