තාත්තලා පිටතට නොපෙන්නුවට ළමයින්ට කොච්චර ආදරේද කියලා පෙන්වන පින්තූර 11ක්

දස මසක් කුසේ දරාගෙන සිටියේ නැති වුණත් තාත්තා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කොයි තරම් විශාල කැපකිරීමක් , වෙහෙසමහන්සි වීමක් වෙනවාද කියා වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. තාත්තෙක්ගේ ජීවිතේ වටිනම වස්තුව තමයි ඔහුගේ දරුවන්. ඊටත් වඩා සතුටක් ඔහුගේ ජීවිතයේ නැති බව ඕනම තාත්තා කෙනෙකුගේ පිළිතුර වේවි.  තමන්ගේ හිතේ තියෙන ඕනම ප්‍රශ්ණයක් වුණත් දරුවෙක් එක්ක ගත කරන කාලයේදී අමතක වෙලාම යනවා. පිය-දරු බැඳීම කියන්නේ ආදරයේ වෙනම ප්‍රභේදයක් බඳු සම්බන්ධතාවයක්. තමන්ගේ පණටත් වඩා තම දරුවන්ට ආදරය, සෙනෙහස ,‍රැකවරණය ලබාදෙන ආදරණීය පියෙකුගේ දරුවන් වීමට අපි බොහෝ දෙනා වාසනාවන්ත වී ඇත්තෙමු.

තමන්ගේ දරුවන් වෙනුවෙන් තාත්තා කෙනෙක් කොච්චර ලොකු ආදරයක් හිතේ දරාගෙන ඉන්නවාද කියා සිතෙන ආකාරයේ අවස්ථා කිහිපයක් කැමරා කාචයේ සටහන් කරගැනීමට ලොව පුරා සමහර අම්මලාට හැකි වෙලා තිබෙනවා.

මේ ඡායාරූප පෙළ එවන් ආදරණීය තාත්තලා 10 දෙනෙක් ගැනයි.