තවමත් තනිකඩ, බෝනික්කෙක් වගේ සුන්දර චුලක්ෂි දැන් තවත් හැඩවෙලා

අපේ රංගන ලෝකයේ ඉන්න හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ, කොහොම වුනත් මේ දවස්වල චුලක්ෂි ගොඩක් ජනප්‍රියයි එයට හේතුව තමයි මේ දවස්වල ඇය සම්බන්දවෙලා ඉන්න නර්තන තරඟයක් නිසා. නර්තනයට වගේම තමයි චුලක්ෂි රංගනයටත් ගොඩක්ම දක්ෂයි. ඇය විසින් රංගන දායකත්වය ලබාදුන් සිනමාපට රැසක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ අතරින් ‘දේදුනු ආකාසේ’ ‘නිලංජනා’ ‘ගුත්තිල’ කියන සිනමාපට ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුනා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චුලක්ෂි උපත ලබන්නේ 1989 පෙබරවාරි මස 11වන දිනයි. ඉතින් මේ වනවිට චුලක්ෂිට වයස අවුරුදු 32ක් පමණ වනවා. ඒ වගේම ඇය ඇය 2014 වසරේ ශ්‍රී ලාංකික රූ රැජිණ කිරුළ හිමිකරගන්නත් සමත්ව වුනා. ඉතින් චුලක්ෂිට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් ප්‍රේක්ෂක ආදරේ හුඟක් දුරට ලැබෙනවා. ගොඩක්ම ලැබෙන්නේ තරුණයන්ගෙන්. සමහර වෙලාවට ඒ ලැබෙන ප්‍රතිචාර එක්ක මාව මේ තරම්ම ජනප්‍රියද කියලා හිතෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන” කියලයි.

දැන් චුලක්ෂිට වයස 32යි ඒ වගේම ඇය ගොඩක් සුන්දර තරුණියක් ඉතින් චුලක්ෂි ආදරේ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් මට අවශ්‍ය මිල මුදල් නෙවෙයි ඒ කෙනා අවංක වීමයි වටින්නේ. මට ආගම වැඩක් නෑ. හැබැයි එයා පවු වැඩ කරන කෙනෙක් වෙන්න බෑ. පින් පව් ගැන හොඳ වැටහීමක් තියෙන ඒ ගැන විශ්වාස කරන හොඳ ගතිගුණ ඇති අවංක කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම මට ගොඩාක් ආදරේ වෙන්න ඕන නිතරම මම ගැන හොයලා බලන්න ඕන.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන චුලක්ෂිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.