තරුනයෙක් ඔබට ආදරේ බව හඟවන ඉඟි 13ක්

කාන්තාවන් සහ පිරිමින් තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නේ වෙනස්  ක්‍රම වලට බව නොරහසකි. කාන්තාවන් එලිපිට ඒවා පැවසුවත් පිරිමි අය බොහෝ විට එසේ කරන්නේ ඉතා අඩුවෙන්. නමුත්. ඉන් කියවෙන්නේ නැහැ ඔබේ පෙම්වතා ඔබට ආදරය නොකරන බව. වචනයෙන් නොකියවෙන බොහෝ දේ හැසිරිම් වලින් කියවෙනවා. ඔබේ පෙම්වතා ඔබට ආදරය කරන බව ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ඔහු කෙරෙන් දැකිය හැකි ලක්ෂණ කිහිපයක් ගැනයි අද අපි කියන්න යන්නේ.මේ ලක්ෂණ ඔබේ පෙම්වතා තුලත් තියෙනවා නම් ඔහුගේ ආදරය ඔබට හැම විටම වචනයෙන් නොකිව්වත් ඔහු ඔබට ආදරය කරන බව නම් සැකයක් නැහැ.

01. ඔහු ඔබට සවන්දෙයි නම්, ඔබ කියන දේ අසාගෙන සිටියි නම්

අප පවසන ඇතැම් දේවල් එතරම් වැදගත්කමක් නොමැති දේවල් වන අවස්ථා එමටයි. නමුත්, ඔබ පවසන ඇතැම් සුලු සුලු දේවල් , ඔබේ පවුලේ අයගේ විස්තර, ඔබ් අකල් කී දෑ ගැන ඔබේ පෙම්වතා මතකයෙන් නැවත විමසයි නම් ඔහු ඔබගේ සෑම වචනයකටම අවධානය දෙන අයෙක් බවයි පෙනෙන්නේ.අන් අයට සවන්දෙන අය අද කාලයේ ඉතා අඩුයි.

02. තම වරද පිලිගන්නා අයෙක් නම්

ආදරණීය පුද්ගලයෙකු  තම වරද පිලිගෙන සමාව අයැදීම අවමානයක් යැයි නොසිතයි. යමක් කෙරෙහි විවිධ අදහස් පළ වන විට තමන්ගේ පෙම්වතිය/ බිරිඳගේ අදහස් වලට ගරු කරමින් ඔහුගේ මතයේම එල්බගෙන නොසිටීම ඔහු ඔබ කෙරෙහි ඇති ලැදියාව පෙන්නුම් කරන ලක්ෂණයකි. එවැනි පුද්ගලයින් සමඟ සමතයකට පත්වීම ඉතා පහසු ය.

03. වගකීමකින් යමක් සැලසුම් කරමින් සමතයකට පත්කරගැනීමේ හැකියාවක් ඇති අයෙක් නම්

ඔහු තමන්ගේ කටයුතු වල වගකීම ඔබ පිට පවරා සැහැල්ලුවෙන් කාලය කා දමන අයෙකු නොවී තමන්ගේ කටයුතු හැකි උපරිමයෙන් තනිව කරගැනීමට උත්සහ කරන අයෙක් නම් ඔහු ඉතා ආදරණීය පුද්ගලයෙකි.

04. ඔබේ හිතවතුන් සමඟ සබඳතා පැවැත්වීම- කතාබහ කිරීම කෙරෙහි ඔහුගේ අකමැත්තක් නොපෙන්වයි නම්

ඇතැම් පෙම්වතුන් තම පෙම්වතියේ ආශ්‍රයන් වලට දැඩිව තහංචි දමන බව නොරහසක්.නමුත්, ඔබේ පෙම්වතා ඔබගේ යහලු මිත්‍රයින් සමඟ, පවුලේ අය සමඟ සහ නෑදෑයින් සමඟ වඩාත් සුහදශීලීව කටයුතු කරන අයෙක් නම් ඉන් අදහස් වන්නේ ඔහු ඔබගේ පවුලේ අයට, මිතුරන්ට සහ නෑසියන් හට ගරු කරන අයෙක් බවයි.

05. යමක් ‍තෝරාගැනීමේදී ඔබේ අදහස් ද විමසයි නම්

තමන්ට අවශ්‍ය දේ ‍තෝරාගැනීමේ හැකියාව සහ දැනුම තිබුණත්, ඔබේ පෙම්වතා යමක් මිලදී ගැනිමට පෙර ඔබේ අදහසත් විමසයි නම් , උදාහරණයක් ලෙස ඇඳුම් පැලඳුම් ආදියේදි, ඉන් අදහස් වන්නේ ඔබ කැමති ආකාරයේ පෙනුමක් ඇති කරගැනීමට ඔහු උනන්දු බවයි.

06. යමක් සිදුකරන විට ඔබත් සමඟ හවුල් වීමට උනන්දුයි නම්

බැංකු කටයුතු, ලියකිවිලි කටයුතු,බඩු මුට්‍ටු මිලදී ගැනීමේදී,ෂොපිං යාමේදී වැනි කම්මැලි නමුත් අනිවාර්යෙන්ම ඉ‍ටුකරගත යුතු කටයුතු වලදී පවා ඔහු ඔබ සමඟ යාමට පැමිණේ නම් ඉන් අදහස් වන්නේ ඔහු ඒ දේවල් වලට උනන්දු බවටත් වඩා ඔබ සමඟ කාලය ගත කිරීමට ඇති කැමැත්ත නිසා බවයි. 

07. ඔබව සතු‍ටු කිරීමට සිතා ඔබ වෙනුවෙන් ආහාර වේලක් ඔහු අතින්ම පිලියෙල කරයි නම්

ඔබ වෙනුවෙන් ඔහු මේ දේවල් කරන්නේ ඔහුගේ සිතෙහි ඔබ වෙනුවෙන් ඇති ආදරය නිසාමයි. ආහාර පිසීම කියන්නේ තරමක් බාරදූර කටයුත්තක් වගේම ටිකක් කරදර වෙන්න වෙන දෙයක් නේ. ඔහු ඔබ වෙනුවෙන් තමන්ට සැනසීමේ ඉන්න පුලුවන් කාලය කැපකරනවා කියන්නේ කොතරම් ලොකු දෙයක් ද?

08. ඔබ සමඟ කාලය ගත කිරීමට පෙම්හමු-විනෝද චාරිකා සැලසුම් කරයි නම්

ඔබව සතුටට පත්වන ආකාරයේ මෙවැනි දේවල් ඔහු තනිවම සිතා සැලසුම් කරයි නම් ඔහු ඔබ ගැන නිතරම සිතමින් සිටින බව ක්‍රියාවෙන් ඔප්පු කිරීමක් වැනියි.

09. ඔහු ඔබ ඉතා ලස්සන අයෙක් යැයි සිතයි නම් පවසයි නම්

ලස්සන හැමදාම පවතින දෙයක් නොවේ. නමුත්, ඔබේ පෙනුම කොතරම් වෙනස් වුණත් ඔහු ඔබව අගය කරයි නම් ඔහු ඇත්තටම ආදරය කරන්නේ ඔබේ බාහිර සුන්දරත්වයට නොවන බව තහවුරු වේ. ඔබේ ලස්සන කොතරම් වෙනස්කම් වලට භාජනය වී තිබුණත් ඔහු ඒවා ගණනකට නොගනියි නම් ඔහු අවංකවම ඔබට ආදරය කරන බව ඉන් අදහස් වේ.

10. ඔබ වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කැපකිරීමට සූදානම් නම්

ඔබ අසනීපයකින් සිටින විට හෝ අසතුටින් සිටින විටක් ඔහුගේ වැදගත් වැඩක් අත්හැර දමමින් ඔබ වෙනුවෙන් කාලය ගත කිරීම සිදුකරන අවස්ථා ඇත්නම් ඉන් ඔහු ඔබට කොතරම් ආදරය කරනවාද යන්න පැහැදිලිය. ඉන් ඔහුගේ ජීවිතයේ ප්‍රමුඛතාව ලබාදී ඇත්තේ ඔබට බවයි පෙනී යන්නේ.

11. ඔහු ඔබේ ජයග්‍රහණ ගැන සතු‍ටු වන -ඔබේ  විනෝදකාමී අදහස් වලට සහය දෙමින් ඔබත් සමඟ විනෝද වන අයෙක් නම්

ඇතැම් පුරුෂයින් යම් අධි මානයකින් යුතුව කාන්තාවන් තම ජීවිතයේ අරමුණු සහ අපේක්ෂාවන් ජය ගැනීම කෙරෙහි ඉරිසියාවකින් කටයුතු කිරීම හා කුහක ලෙස විවේඡනය කිරීම් සිදුකරති. විශේෂයෙන්ම එසේ සාර්ථකත්වයට පත් විය නොහැකිව අසාර්ථක වූ ඇතැම් අය විසින් එසේ හැසිරෙති. නමුත්, අවංකවම ආදරය කරන පුද්ගලයෙකු තමන්ගේ පෙම්වතියගේ ජයග්‍රහණ ගැන අවංකවම සතු‍ටු වෙයි, ඇයව දිරි ගන්වයි එමෙන්ම, ඇයට උපරිම සහයෝගයක් ලබාදෙයි.

12. ඔබ වෙනුවෙන් ඇති ආදර වෙනුවෙන් ගැ‍ටුම් වලට පවා යොමු වෙයි නම්-ඔබ ගැන නිතර වද වෙයි නම්

ඔහු එසේ කරන්නේ ඔබව අහිමි වේ යැව්යි බිය නිසා විය හැකියි.ආදරණීය පුද්ගලයෙකු කිසිදා ඔබව තනි කරන්නේ හෝ අපහසුතාවට පත්කරන්නේ නැත. ඔබ සතු‍ටු වන අවස්ථාවල ඔබ සමඟ සතු‍ටු වෙනවා වගේම ඔබගේ දුකේදි පවා ඔබ සමඟ සිටිමින් දුක බෙදාගනිමින් ඔබට ශක්තියක් වීමට ඔහු උත්සහ කරයි නම් ඔහු ඔබ ගැන වදවන බව ඉන් අදහස් වේ.

13. ඔබ ඉදිරියේදි තමන්ගේ දුර්වලතා පෙන්වීමට නොපැකිලෙයි නම්

තමන්ගේ දුර්වල පැතිකඩ අන් අය දකිනවාට ඇතැම් පුරුෂයින් අකමැතිය. මනුත්, ඔහු අවංකවම ඔබට ආදරය කරන අයෙක් නම් ඔබ ඉදිරියේ හැඬීමට හෝ ඔහුගේ අපහසුතාවන් පැවසීම්ට පැකිලෙන්නේ නැත. ඔබව නැතිවේ යැයි ඔහු තුල බියක් ඇති බව ඔහු නොසඟවා පවසයි නම් ඔහුගේ ජීවිතයේ ප්‍රධානම ශක්තියත් දුර්වලතාවයත් වන්නේ ඔබ බවයි ඉන් අදහස් වන්නේ.