තරුණියක් ඔබට කැමැත්තෙන් ඉන්න බව පෙන්වන ඉඟි 8 ක්

“මාත් කාගේ හරි ක්රැෂ් එකක් වෙන්න ඇති” කියලා හිත හිත ඉන්න තරුණයින්ට නම් මේ ලිපිය ගොඩක් වැදගත් වේවි. වාචික ප්රිකාශ වලට වඩා වැඩි දෙයක් ශරීර අභින එහෙමත් නැතිනම් body language හරහා අවබෝධ කරගත හැකි බව නොරහසකි. වචනයෙන් කියන්න බැරි දේවල් ඉඟියකින් හරි දැනෙන්න හැරීම තමයි කා අතරත් ප්රවසිද්ධ ක්ර්මය. ආදරයේදීත් ඔය සිදුවීම ඔය ආකාරයටම සිදුවෙනවා. අද අපි කියන්න යන්නේ තරුණියක් කෙනෙකුට කැමැත්තෙන් ඉන්න කොට සිදුකරන ඇතැම් ඉඟි බිඟි කිහිපයක් ගැනයි. තමන්ගේ හිතේ ඉන්න කෙනාට ඒ ගැන සෘජුව ප්ර කාශ කරන පුරුද්දක් ඉතින් ගැහැණු ළමයින්ට නැහැනේ. ඉතින්, එකම විසඳුම තමයි තමන්ගේ හැඟීම ගැන ඒ පුද්ගලයාට යම් යම් ඉඟි ලබාදීම. මේ දේවල් හිතාමතාම වෙන්න පුලුවන් වගේම තමන් කැමතිම කෙනා අසල ඉන්න කොට නිරායාසයෙන්ම සිද්ධ වෙන්නත් පුලුවන්. ඒ නිසා ටිකක් හොඳ අවධානයකින් හිටියොත් නම් ඔයාටත් ඉක්මනින්ම ප්‍රේමවන්තයෙක් වෙන්න බැරි වෙන එකක් නැහැ!

ලඟින්ම ඉඳගැනීම

ඔබ ඉඳගන්න තැන අසලම ගැහැණු ළමයෙක් නිතරම ඉඳගන්න පෙලඹෙන බව ඔබට දැකිය හැකි නම් ඉන් කියවෙන්නේ ඇය ඔබ කෙරෙහි යම් උනන්දුවකින් සිටින බව ඔබට ඒත්තුගැන්වීමට උත්සහ කරන බවයි. නමුත්, ඇය යම් පරතරයක් තබාගැනීමටත් එකසේ උත්සාහ කරයි නම් ඇතැම් විට ඒ ඇය තමන්ගේ හැඟීම ඔබට පවසන්නේ කෙසේදැයි සිතමින් මනසින් අපහසුතාවට පත්වී සිටින නිසා විය හැකියි. එහිදී, ඇයට උදවු කරන්න පුලුවන් එකම කෙනාත් ඔබම විතරයි

කොණ්ඩය ‍රැළිකරමින් කතාකිරීම

ඔබ අසලදී ගැහැණු ළමයෙක් නිතරම කොණ්ඩය අල්ලමින් කතා කරයි නම් ඉන් කියවෙන්නේ ද ඇය ඔබ කෙරෙහි උනන්දු බවයි. මෙය බොහෝ විට නිරායාසයෙන්ම සිදුවන හැසිරීමකි. තමන්ගේ පෙනුම ගැන ගැහැණු ළමයි කොහොමත් උනන්දුයි නේ. ඉතින්, තමාව අනෙක් කෙනාට ආකර්ෂණීයව පෙනෙනවාද කියා සැලකිලිමත් වීම ඉබේම සිදුවන දෙයකි.

ඇයගේ ඇසේ කලු ඉංගිරියාව මඟින් ද ඉඟි හඳුනාගත හැකියි.

ඇසේ කලු ඉංගිරියාව වඩාත් විශාලනය වි තිබේ නම් ඉන් කියවෙන්නේ ඇය ඔබ කෙරෙහි අවධානයෙන් සිටින බවයි. එවැන්නක් දකින්න නැත්නම් ඉතින් අවාසනාව තමයි!

ඇයගේ පාද වල ඇඟිලි චලනය කරන ආකාරය

අවස්ථාවක් ලැබුණොත් ඇයගේ පාද දෙස බලන්න. ඇය තමන්ගේ පාදයේ ඇඟිලි කරකවමින් සිටියි නම් ඉන් කියවෙන්නේ ඔබ අසලදි ඇයට වඩාත් පහසුවක් සහ සැහැල්ලුවක් දැනෙන බවයි. ඒත් සමඟම ඇගේ ඇස් විශාල වි මුහුණ වඩාත් ප්රසබෝධමත් වී තිබෙන අයුරුද දැකිය හැකි වේවි.

පාද තබාගෙන සිටින ඉරියව්ව

ඔබ හඳුනන ගැහැණු ළමයෙකු වාඩි වී සිටින විට වඩාත් සැහැල්ලු ඉරියව්වකින් සිටින බව ඔබ දැක තිබෙනවාද? ඔබ අසලදී ගැහැණු ළමයෙකු කකුල් දෙපසට දමමින් දණහිස් එකට වන සේ ඉරියව්වක් අනුගමනය කරමින් වාඩිවී සිටියි නම් ඉන් අදහස් වන්නේ ඇය විසින් ඔබව ගොඩක් විශ්වාස කරන බවත් සහා ඔබට කැමති බවත්ය. නමුත්, ඔබ අසලදී ගැහැණු ළමයෙකු කකුල් හරස් කරගෙන ඉඳගෙන සිටීමෙන් බොහෝ දුරට අදහස් වන්නේ ඔබ අසල සිටින විට ඇයට මහත් අපහසුතාවක් ඇති වන බව විය හැකියි.

ඇයගේ හැසිරීම

තමන් කැමතිම පුද්ගලයා අසලදී ඇතැම් විට යම් කලබලයකින් සහා කිසි දෙයක් හරියට කරගන්න බැරි කෙනෙකු වගේ අමුතු හැසිරීමක් ගැහැණු ළමයෙකුගෙන් නිරීක්ෂණය කල හැකියි. එසේ වන්නේ ඇය හැම විටම පරිපූර්ණව හැසිරීමට ආයාසයකින්ම උත්සාහ කිරිමයි. පහසුවෙන්ම තේරුම් ගන්න පුලුවන් ඉඟියක් !

කණ්ණාඩිය දෙස නිතර බැලීම

තමන් කැමතිම තරුණයා අසලදී කණ්ණාඩියෙන් නැවත නැවත බලමින් තමන්ගේ පෙනුම කොහොමද කියා ගැහැණු ළමයි පරික්ෂා කර බලනවාලු.

පුංචි පුංචි ඉඟි

ඇය නිතරම සිනාසෙයි නම් ,එමෙන්ම ඔබ පවසන සෑම වචනයක් ගැනම උනන්දුවෙන් අසාගෙන සිටියි නම් ඉන් අදහස් වන්නේ ඇය ඔබට ඇයගේ සම්පූර්ණ අවධානය යොමුකර ඇති බවයි. ගැහැණු ළමයෙකුගෙන් එහෙම අවධානයක් සාමාන්යරයෙන් ලේසියෙන්ම ලැබෙන්නෙත් නැහැනේ