තරුණයන් පෝලිමේ පස්සෙන් යන පොඩි බබෙක් වගේ දඟ සුදු හාමිනේ දැන් තවත් හුරතල් වෙලා

ටෙලි නිර්මාණ රැසක් හරහාම ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි ගීතිකා රාජපක්ෂ කියන්නේ. හැමෝම ආදරේට ඇයට කියන්නේ ‘සුදු හාමිනේ’ කියලා. කාලයක් නිතරම දකින්න හිටපු රංගන ශිල්පිනියක වන ගීතිකා දැන් වැඩිය පේන්න නෑ, කොහොම වුනත් ඇය පසුගිය කාලයේ හිරු නාලිකාවේ විකාශනය වුන ‘අහස්මාලිගා’ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වුනා. ඒ වගේම ඇය විසින් රංගන දායකත්වය ලබාදුන් ටෙලිනාට්‍ය රැසක් විකාශනය වෙන්න තියෙනවා කියලත් ඇය අපට කිවුවා. ගීතිකා කියන්නේ ටෙලි නාට්‍ය වලට වගේම සිනමාපට වලටත් රංගන දායකත්වය ලබාදෙන රංගන ශිල්පිනියක් ඉතින් අයගේ මේ දෙකෙන් වැඩිපුර කැමති මොකටද කියලා අහපු ප්‍රශ්නෙකට ඇය දුන්නේ මේ වගේ පිළිතුරක්. ”ඇත්තම කියනවනම් මම වැඩිපුරම කැමති ටෙලිනාට්‍ය වලට. චිත්‍රපටයක් කියන්නේ හැමෝට ම තියෙන ලොකු හීනයක්. හැමෝම ඒ හීනෙට ගොඩක් ආදරෙයි මමත් ආසයි. හැබැයි මම වැඩිපුර කරලා තියෙන්නේ ටෙලිනාට්‍ය.” කියලයි.

ගීතිකා මේ වනවිට කළා ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයට අධිකයි. ඉතින් ඒ කාලය තුල ලබාගත් අත්දැකීම් එක්ක ක්‍ෂේත්‍රයේ අලුතින් කරන්න බලාපොරොත්තු වෙන දේවල් පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මෙහෙමයි මේ ක්‍ෂේත්‍රයේ අලුතින් දෙයක් කරන්න තරම් මම ලොකු චරිතයක් නෙවෙයි. මම මේ රංගනය පිලිබඳ හදාරන ගමන් යන ගමනක්. අපේ ක්‍ෂේත්‍රයේ අලුතෙන් එන අයත් රංගනය දහාදලා එන්න ඕන එහෙම නැත්තන් හදාරන ගමන් එදිනෙදා ලැබෙන පුහුණුව එක්ක ගමනක් යන්න ඕන. අලුත් දේවල් කරන්න ඕන. හැබැයි මට නම් අලුත් බලාපොරොත්තු නෑ” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ගීතිකා රාජපක්ෂගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.