තරුණයන්ගේ සිහින බොඳ කරමින් දමිත්‍රි සුබසිංහ පෙම්වතා පිලිබඳ සියල්ල හෙළිකරයි

මේ දවස්වල හැමෝම වගේ ගොඩක් ආසාවෙන් නරඹන ටෙලිනාට්‍යක් තමයි ‘ඉස්කෝලේ’ කියන්නේ. අද සමාජයේ එක්තරා පැතිකඩක් පිලිබඳ අපූරුවට කියාදෙන මේ ටෙලිනාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි විහාරා කියන්නේ. විහාරා කියන්නේ සල්ලිකාර පවුලක අහිංසක දරුවෙක් ඒ වගේම ඇය ගුරුවරියක් ඉතින් මේ විහාරා කැමැත්තෙන්ම එනවා ගමේ පාසලකට උගන්වන්නේ, ඔන්න ඔය විදියට තමයි මේ ටෙලිනාට්‍ය පටන් ගත්තේ. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න විහාරාගේ චරිතයට පන පොවන්නේ පොවන්නේ කළා ක්‍ෂේත්‍රයට අලුත් මුහුණක් වන දමිත්‍රි සුබසිංහ විසින්. මේ චරිතය දමිත්‍රිට ගොඩක් සමීපයි ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” ඇත්තටම ඒ චරිතය මට ගොඩක් සමීපයි මොකද මම නර්තනයට ගොඩක් ආදරෙයි. ඉතින් මේ නිර්මාණයේ තියෙන්නේ නර්තන ගුරුවරියකගේ චරිතයක්. ඒ නිසා මේ චරිතය මට හදවතින්ම කරන්න පුළුවන් ඒ වගේම මගේ නර්තන හැකියාව මේ නිර්මාණය හරහා පෙන්වන්න ලැබීම පිලිබඳ මට සතුටුයි.

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දමිත්‍රි කියන්නේ දැන් ආදරවන්තියක් නමුත් ඇය ඔහුගේ නම නම් අපිට කිවුවේ නෑ ඉතින් දමිත්‍රි ඇයගේ ආදරේ පිලිබඳ කිවුවේ මේවගේ කතාවක් ” එයා ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාව කරන කෙනෙක්. නම දැන්ම කියන්නේ නැතුව ඉන්නම්, කොහොම වුනත් එයාගෙන් මගේ කළා කටයුතු වලට ලොකු සහයක් ලැබෙනවා ඒ වගේම මගේ රූගත කිරීම්වලට එයා සහභාගී වෙනවා. මම දැනට පෞද්ගලික බැංකුවක සේවය කරනවා, ඉතින් එයාගෙන් ලැබෙන සහයෝගය නිසා මම රැකියාවෙන් හෝ කලාවෙන් ඈත්වෙන්නේ නෑ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දමිත්‍රිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.