‘තරිඳු වගේ සැමියෙක් ලබපු මම හරි වාසනාවන්තයි’ ජනප්‍රිය නිලි චන්දිමා කියන කතාව

මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශනය වන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘පාර දිගේ’ කියන්නේ.ඉතින් මේ ටෙලිනාට්‍යයේ රඟපාන නළු නිලියන් මේ දිනවල ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඒ වගේ මේ නාට්‍යයේ ඉන්න ජනප්‍රිය චරිතයක් තමයි ඩාලින් අක්කා කියන්නේ. මේ දැලින් කයන චරිතයට පන පොවන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන චන්දිමා කරුණාදාස විසින් ඉතින් ඇය ඩාලිං කියන චරිතය පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ”ඩාලින් අක්කා කියන්නේ මුහුදුබඩ ප්‍රදේශයක ඉන්න විවාහක කාන්තාවක්, ඒ වගේම ඩාලින් අක්කා ටිකක් සල්ලි වලට කෑදරයි ඒ වගේම කට ටිකක් සැරයි. එක තමයි ඒ චරිතයේ ස්භාවය. ඩාලින් අක්කාගේ කට එහෙම සැර උනාට මගේ කට එහෙම සැර නෑ” කියලයි.

චන්දිමා කියන්නේ ටෙලිනාට්‍ය ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන් දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතින් අය නිලියක් වුන ආකාරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්. ” කැළණි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි මම නිලියක් වෙන්නේ. මම කැලණියේදී නාට්‍ය හා රංගකලාව ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධියක් හදාරා අවසන් කළා. ඒ ඒවගේම මගේ රංගනයේ මූලික අඩිතාලම වේදිකාව. අවුරුදු හතරක් වේදිකාවේ ඉඳලා තමයි මම ටෙලිනාට්‍ය වලට සහ වෙළඳ දැන්වීම් වලට දායක වුනේ” කියලයි. චන්දිමා මේ වනවිට විවාහකයි ඉතින් ඇය ඇයගේ ආදරණීය සැමියා පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ”එයාගේ නම තරිඳු ගංගානාත්. අපි විවාහ වෙලා දැනට අවුරුදු දෙකක් වෙනවා අපි හමුවුනේ විශ්වවිද්‍යාලයේදී. ඇත්තටම මගේ කළා කටයුතුවලට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. විවාහ වුනාම කාන්තාවක් වශයෙන් වගකීම් ගණනාවක්ම තියෙනවා. නමුත් තරිඳු මාව ඒ වගකීම් වල කොටුකලේ නෑ ඇත්තටම තරිඳු ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් එවැනි සැමියෙක් ලබපු මම හරි වාසනාවන්තයි.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආසාවෙන් නරඹන ‘පාරදිගේ’ ටෙලිනාට්‍යයේ ඩාලින් අක්කගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.