තමන්ගේ පෙනුම නිසා එක් ‍රැයකින් ලෝකෙම ජනප්‍රිය වුණු පුද්ගලයෝ 10ක්

අන්තර්ජාලය සහ සමාජ ජාලා ගිණුම් හරහා ඉතාම සුලු පුවතක් පවා ලැව් ගින්නක් වගේ මුලු ලෝකය පුරාම පැතිරෙන්නට ගතවන්නේ තත්පර කිහිපයක් විතරයි. ඇඟිල්ලක් දුරින් ලෝකයම සමීප කල අන්තර්ජාලයට පින් සිදුවෙන්න තමන්ගේ අසමසම දක්ෂතාව හෝ ආකර්ෂණීය පෙනුම නිසා ලෝකප්‍රසිද්ධ වෙන්නට තරම් වාසනාවන්ත වුණු කිහිප දෙනෙක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. තමන්ගේ ජීවිතයට මෙතරම් ජනප්‍රියත්වයක් එක් ‍රැයකින් ලැබේවි කියා මොවුන් කිසිවෙකු සිහිනයෙන් හෝ සිතන්නට නැතිව ඇති. ලෝකයේ අනපේක්ෂිත ලෙස ප්‍රසිද්ධියට ලක් වූ පුද්ගලයින් 10 කු ගැනයි මේ.

Nicky Libert

ලන්ඩනයේ එක්තරා සිසුවියක්  තරුණ වැඩබිම් කම්කරුවෙකුගේ ඡායාරූපයක් ඇයගේ සමාජ ජාලා ගිණුම් වල පළකර තිබුණා. ඇයට එම තරුණයා මුණගැසී තිබුණේ ඇම්සර්ඩෑම් නගරයේදියි. ඡායාරූපය දු‍ටු බොහෝ දෙනා ඔහුගේ කඩවසම් බව ගැන දැඩි ලෙස කතාබහ වී තිබුණා. විශේෂයෙන්ම ඔහුගේ පින්තූරය ට්විටර් හරහා විශාල ලෙස හුවමාරු වී තිබුණා. අවසාන ප්‍රතිඵලය වුණේ නිකී හට ‘Elite’  නම් සුප්‍රසිද්ධ නීරුපණ ශිල්පින්ගේ ඒජන්සියෙන් නිරුපණය සඳහා ආරාධනාවක් හිමි වීමයි. එම ඡායාරූපය ඔහුගේ සම්පූර්ණ ජීවිතයම වෙනස් කිරීමට හේතුවක් විය.

Baddie Winkle

Baddie නම් මේ කාන්තාවගේ ඡායාරූපයක් ඇයගේ මිනිපිරිය විසින් ඇයගේ Instagram ගිණුමේ පළකිරීමත් සමඟ ඇයට විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙන්නට පටන් ගෙන ඇත. ඇයගේ ගිණුමේ මේ වන විට සාමාජිකයින් මිලියන 3 ක් ඉක්මවා සිටිති. Baddie ඉතා ක්‍රියාශීලි ජිවිතයක් ගත කරමින් සිටින්නීය. ඇය නර්තනයට ඉතා ප්‍රිය කෙනෙක් බවයි දැනගන්නට ලැබෙන්නේ. කොහොම වුණත් ඇයට බොහෝ දෙනෙකුගේ ආදරය නො අඩුව ලැබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. තමන්ගේ පෙනුම කලින් කලට වෙනස් කරගන්නත් ඇය අමතක කරන්නේ නැහැ. ඇයට talk- shows වලටත් බොහෝ ආරාධනා ලැබෙනවා වගේම ඇය ඒවාට සතුටින් සහභාගී වෙනවාලු.

Emanuele Fasano

එක් දවසක් තරුණ සංගීතයට ලැදි ඉතාලි ජාතික කොලු ගැටයෙකුට තමන්ගේ කෝච්චිය මගහැරී තිබුණා. කල හැකි දෙයක් නොමැති වූ නිසා ඔහු වටපිට බලද්දී දුම්රිය ස්ථානයේ ඇතුලේ තිබූ පියානෝවක් දකින්නට විය. ඔහු වෙන කවුරුත් නොව Emanuele ය. ඔහු පියානෝව වයමින් ඉන්නා අයුරු එක්තරා සංගීත නිෂ්පාදකවරයෙකුගේ නෙත ගැටිණි. ඔහු විසින් Emanuele ගේ වාදනය පටිගත කලේය. සමාජ ජාලා ගිණුම් හරහා මෙම වීඩියෝ පටය අතිශය ජනප්‍රියත්වයට පත් වන්නට විය. එහි ප්‍රතිඵලයක් විදියට Emanuele හට ඉතා වටිනා music contract එකක් අත්සන් තැබීමටත් අවස්ථාව හිමි වි තිබුණා.

Nusret Gokce

ඔහු තුර්කි ජාතික කෝකිවරයෙකි. ඔහු ඉතා දක්ෂ ලෙස මස් පිසින ආකාරය දැක්වෙන වීඩියෝ හරහා ඔහු බොහෝ දෙනා අතර ඉක්මනින් ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඔහුගේ Instagram ගිණුමේ ඉන්න followers ලා ගණන මිලියන 9 ඉක්මවන බවයි කියන්නේ. ඔහුගේ අපූරු අභිනයන් සජීවීව  දැකබලාගන්න ලියනාරොඩෝ ඩිකැප්‍රියෝ වැනි සුපිරි තරු පවා පැමිණෙනවාලු.

Arshad Khan

ඉස්ලාමාබාද් නුවර කඩවීදියක තේ අලෙවිකරන්නෙක් ලෙස ‍රැකියාව කල මෙම 18 හැවිරිදි තරුණයා මුලු ලෝකයේම ප්‍රසිද්ධ වීමට ගත වූයේ එක් රාත්‍රියක් පමණයි. වරක් එක්තරා ඡායාරූපශිල්පියෙකු මෙම නිල් පැහැති දෑස් හිමි කඩවසම් තරුණයාගේ ඡායාරූපයක් තම Instagram පි‍ටුවේ පළකිරීමත් සමඟ බොහෝ දෙනාගේ අවධානය Arshad දෙසට යොමු වුණා. ඒ සඳහා දහස ඉක්මවමින් Likes, comments ගලා ඒමට පටන් ගෙන තිබුණා. හැමෝම මේ තරුණයා කවුදැයි විමතියට පත් වී තිබුණා. ඉතින් මේ ජනප්‍රියත්වයත් එක්ක Arshad ට හරි අපූරු අවස්ථාවකුත් ලැබුණා. ඒ තමයි නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට සම්බන්ධ විමට ලැබුණු අවස්ථාව. වර්තමානයේ ඔහු නිරූපණ කටයුතු වල යෙදෙමින් තමයි සිටින්නේ. ඔහු බලාපොරොත්තු වන්නේ සිනමා තරුවක් විදියට තමන්ගේ වෘත්තිය ගමන වෙනස් කරගන්න කියලයි ආරංචි වෙන්නේ.

Philippe Dumas

විශ්‍රාමික පුද්ගලයෙකු වූ Philippe අන්තරජාල වෙබ් අඩවියක් වූ Reddit හරහා තම ඡායාරූප පළකර තිබුණා. එහිදී ඔහු අසා තිබුණේ තවමත් ඔහුට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න තරම් සුදුසුකමක් තියෙනවාද කියලයි. ඔහුගේ අසමසම කඩවසම් පෙනුම වෙබ් අඩවියේ, සමාජ ජාලා ගිණුම් හරහා දහස් ගණනක්  ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දිනාගැනීමට විතරක් නොවෙයි සුප්‍රසිද්ධ නිරූපණ ශිලිපීන්ගේ ඒජන්සි ‍රැසකින් ඔහුට ඇරයුම් විශාල ගණනක් ද ගලා ඒමට පටන්ගෙන තිබුණා. කොහොමහරි ඔහු තමන්ගේ නිරූපණ ශිල්පියෙකු වීමේ සිහිනය හැබෑ කරගැනීමට සමත් වුණා. වර්තමානයේ ඔහු සාර්ථක නිරූපණ ශිල්පියෙකු ලෙස විලාසිතා සමාගම් කිහිපයක්ම සමඟ කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.

Mike Varshavski

වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වන Mike ජීවත් වන්නේ ඇමෙරිකාවේ නිව් ජර්සි හියි. ඔහු තමන්ගේ Instagram ගිණුම හරහා තරුවක් වුණු පුද්ගාල්යෙකු බව හැඳින්වීමට පුලුවන්. ඔහු දිනපතා තමන්ගේ දෛනික කටයුතු සිදුවන ආකාරය දැක්වෙන ඡායාරූප ‍රැසක් එහි පළකර තිබෙන ආකාරය දැකිය හැකියි. ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතා ඉහළ බවයි පැවසෙන්නේ. People’ මැගසිනය විසින් “ලොව ජීවත්වන සරාගීම වෛද්‍යවරයා” යන නමින් ඔහුගේ ඡායාරූපයක් පළකර තිබුණා. ඔහුට නිරුපණය සඳහා ද විශාල ඇරයුම් ප්‍රමාණයක් ලැබෙනවාලු. නමුත්, ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ වෛද්‍ය වෘත්තියට පමණක් මුල් තැන දෙමින් කටයුතු කරන්න. ඔහු එරට සිටින අතිශය ජනප්‍රිය පුද්ගලයෙක් බවට මේ වන විටත් පත්වෙලා හමාරයි. ඔහු නීරෝගි ජීවිතයක් ගත කරන ආකාරය වැනි වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් විවිධ සුබසාධක කටයුතු වල නිරත වෙමින් සිටින බවයි දැනගන්නට ලැබෙන්නේ.

Cindy Kimberly

ජනප්‍රිය ගායක ජස්ටින් බීබර් විසින් ඔහුගේ එක්තරා ගිණුමක මේ තරුණියගේ ඡායාරුපයක් පළකරමින් පහතින් යම් සටහනක් තබා තිබුණා.omg who is this?!!!”යනුවෙන් දක්වා තිබූ එම සටහනත් සමඟ ඇය එක් රෑයකින්ම අන්තර්ජාලය කැලඹූ චරිතයක් බවට පත් වුණා. ඔහුගේ ප්‍රේක්ෂකයින් විසින් ඇය කවුදැයි ඔහුට සොයාදීමට සමත් වී තිබුණි. මෙම තරුණිය ස්පාඤ්ඤයේ කොස්ටා බ්ලැන්කා හි පදිංචි 17 හැවිරිදි සිසුවියක් වූවාය. ඇය අර්ධ-කාලීන ‍රැකියාවක් ලෙස දරුවන් ‍රැකබලාගැනීමේගි යෙදී සිටියාය. කෙසේවෙතත්, ඇයට දිගින් දිගටම ලැබුණු ප්‍රතිචාර සහ ආකර්ෂණයත් එක්ක ඇයට විශාල නිරුපණ සමාගම් සමඟ ගිවිසුම් ගත වී කටයුතු කිරීමට ආරාධනා ‍රැසක් ලැබෙන්නට පටන් ගෙන තිබුණා. වර්තමානයේ ඇය සුප්‍රසිද්ධ නිරුපණ ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කරමින් සිටින්නීය.

Seven Otten

ඔහු නර්තනයේ යෙදෙන වීඩියෝවක් යූ ටියුබ් හරහා ප්‍රචාරය වීමත් සමඟ මිලියන 43 කට අධික ප්‍රමාණයක් එය නරඹා තිබුණා. ඒ වීඩියෝවෙන් ඔහුව මුලු ලෝකයක්ම දැනගත්තා කිව්වොත් වඩාත් නිවැරදියි. ඉතින්, මේ සුපිරි නර්තන තරුව තමයි වර්තමාන ජර්මනියේ බොහෝ ප්‍රසිද්ධ වෙළඳදැන්වීම් වල මුහුණුවර වෙලා තිබෙන්නේ. ඔහුට දැන් ඔහුගේම කියලා නර්තන ඇකඩමියකුත් තිබෙනවාලු.

Jeremy Meeks

Jeremy 2015 වසරේදි නීති උල්ලංඝනය කිරීමක් නිසා වරදකරු බවට පත් වූයේය. එහිදි ඔහුට වසර 2 ක් හිර දඬුවම් නියම විය. ස්ටොක්ටොන් පොලිස් දෙපාර්තමේන්තුව ඔහුගේ ඡායාරූපයක් තම මුහුණු පොතේ පළ කිරීමත් සමඟ ඔහුගේ ඡායාරූපය ඉතා ඉක්මනින් අන්තර්ජාලයේ කතාබහක් ඇතිකිරීමට සමත් වී තිබුණා. බොහෝ දෙනා ඔහුට අන්වර්ථ නාමයක් ද ලබා දී තිබුණා. එනම් “a handsome felon” නැතිනම් කඩවසම් අපරාධකාරයා ලෙසයි. ඔහු සිරදඬුවමින් නිදහස් වූ පසු ඔහුට නිරූපණ වරම් කිහිපයක්ම ලැබී තිබුණා. දැන්, ඔහු කාලය ගත කරන්නේ සුපිරි තරු සමඟ බවයි දැනගන්නට ලැබෙන්නේ.

අන්තර්ජාලය කියන්නේ මිනිසෙකුගේ ජීවිතයට කොතරම් වෙනසක් ඇතිකරන්න පුලුවන් තැනක් ද කියලා හිතෙනවා නේද?