තනිවම මුදල් උපයමින් ධනවත් වූ ලොව පොහොසත්ම ළමුන් 10 දෙනා

දෙමාපිය උරුමයෙන් විශාල ධනස්කන්ධයකට උරුමකම් කියූ දරුවන් ගැන අපි මින් පෙර ඔබට තොරතුරු කියා තිබෙනවා. නමුත්, තමන්ගේ උත්සාහයෙන් සාර්ථක විදියට මුදල් උපයමින් ඒ තත්වයට පැමිණි දරුවන්ද ලෝකයේ සිටිනවා. අද අපි ඔබට කියන්න යන මේ ලැයිස්තුවේ සිටින  ළමුන් අතරින් බොහෝ දෙනා තමන්ගේ පාසල් ගමන නිමාවෙන්නත් කලින් තමන්ගේ උත්සහයෙන් සහ කැපවීම මිලියන ගණනින් මුදල් උපයන අය බවට පත් වී සිටින අයයි.

ස්වෝත්සාහයෙන් දියුණු වී සිටින ලොව ධනවත්ම ළමුන් 10 දෙනායි මේ.

01. Rayan Kaji

මීට වසර කිහිපයකට ඉහතදී ඔහු පෙර පාසල් යන වයසේ පසුවු අතර toys reviews ,එහෙමත් නැතිනම් සෙල්ලම් බඩු ගැන විස්තර පැහැදිලි කරන YouTube වීඩියෝ නැරඹීමට බොහෝ ප්‍රිය කල අයෙකු විට, ඔහු ඒවාට දැක්වු කැමැත්ත නිසාම තම මව ලවා YouTube Channel එකක් නිර්මාණය කරගෙන තිබුණා. නමුත්, මුල්  කාලයේදී ඔහුගේ වීඩියෝ කිසිවෙකුත් නරඹා තිබුණේ නැහැ. Cars චිත්‍රපටයේ මෙන් සෙල්ලම් බඩු 100 කට වඩා අධික ප්‍රමාණයක් සමඟ ඔහු සෙල්ලම් කරන අයුරු ඔහුගේ මව වීඩියෝ කර YouTube එකට මුදාහැර තිබුණු අතර ඇගේ මේ උපක්‍රමය ඔහුට වාසනාව ගෙන ආවා කිව්වොත් වඩාත් නිවැරදියි.මේ වීඩියෝව හරහා ඔහු අතිශයින්ම අන්තර්ජාලයේ ජනප්‍රිය වුණා.

මේ වන විට ඔහුගේ වයස අවුරුදු 9 යි.ඒ වගේම YouTube හි වැඩිම ආදායමක් උපයන කෙනෙක් විදියට ඔහුව හැඳින්වෙනවා. ඔහු උපයම නුදල ඩොලර් මිලියන 30 ක් පමණ වන බව සඳහන් වෙනවා. Highest paid YouTubers-2018 ,2019,2020 යන වසර වල සෑම ලැයිස්තුවකම උහුගේ නමත් ඉහළින්ම ‍රැඳී තිබෙනවා.

02. Nastya

අන්තර්ජාලයේ ප්‍රසිද්ධ YouTube තරුවක් වන ඇය රුසියානු ජාතික දැරියකි. ඇය මස්තිශ්ක ආඝාත තත්වයෙන් පෙළෙයි. වෛද්‍යවර්න් අනාවැකි පළ කරතිබුණේ ඇයට කිසිදාක කතා කිරීමේ හැකියාව නොලැබෙනු ඇතැයි කියායි.

2015 වසරේ ඇගේ දෙමාපියන් තම ව්‍යාපාර විකුණා දමා ඒ සියලු මුදල් Like Nastya chaneel එක නිර්මාණය කිරීම වෙනුවෙන් ආයෝජනය කර තිබුණා. මෙහිදී ඇය විසින් සෙල්ලම් බඩු වර්ග ගැන පැහැදිලි කරන Toys unboxing විඩියෝ පළ කරනු ලබනවා. මේ වන විට ඇයට සිටින Subscribers ප්‍රමාණය මිලියන 190.6 ක් බවයි කියන්නේ. 2020 වසරේ ඇය උපයා තිබූ ආදායම් ප්‍රමාණය ඩොලර් මිලියන 18.5 කි.

03. Mattehew David Morris

පළමු ගීත වල Remix ගීත නිර්මාණ වීඩියෝ පළ කරන YouTube channel එකක් හරහා තමයි ඔහු සාර්ථක මුදල් උපයන්නෙක් බවට පත්වෙලා තිබෙන්නේ. ඔහුව MattyBRaps/MattyB යන නම් වලින් ද හැඳින්වෙනවා. ඔහු පළමු වරට Remix ගීතයක් නිර්මාණය කර තිබුණේ Justin Bieber ගේ Eanie Meenie නම් ගීතයටයි. ඒ 2010 වසරේදී වූ අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 7 කි. වසර 4 ක් ගත වන විට ඔහුගේ Channel එකේ  subscribers ප්‍රමාණය බිලියන ගණනක් ඉක්මවා තිබුණා. ඔහුගේ දළ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 3 ක් පමණ බව සඳහන් වේ.

04. Moziah Bridges

ඔහු අලංකාර විදියට අඳින්න පලඳින්න කුඩා කාලයේ ඉඳන්ම ලොකු කැමැත්තක් දක්වපු දරුවෙක් කියලයි කියන්නේ. ඔහු තම මිත්තණියගෙන් සහ මවගෙන් ඇඳුම් මැසීමට ඉගෙන ගෙන තිබූ අතර වයස අවුරුදු 9 දී ඔහු විසින් ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කටයුතු කර තිබෙනවා.ඔහු විවිධ විලාසිතා වල බෝ සහ ටයි පටි ඇතුලු සැරසිලි ඇඳුම් නිර්මාණය කරන අතර ඒවායේ මිල ගණන් ඩොලර් 15-50 ත් අතර වටිනාකමින් අලෙවි වන බව සඳහන් වේ. වසර 6 ක් තුල ඔහුගේ ව්‍යාපාරය ඩොලර් 600,000 ක් පමණ වටිනාකමකින් යුතු නිෂ්පාදන ප්‍රඹාණයක් අලෙවි කර ඇත.

05. Alina Morse

ඇගේ සීනි රහිත රස කැවිලි ව්‍යාපාරය ඇය ආරම්භ කර ඇත්තේ ඇයට වයස අවුරුදු 9 ක් තරම් වු කුඩා කාලයේදීය. ඇයට එම අදහස ලැබී තිබුණේ ඇයගේ පියා ඇයට දත් නරක් වෙන නිසා පැණි රස කෑම තහනම් කර තිබිම නිසාය. YouTube හී වීඩියෝ නරඹා ඇය සීනි රහිත රස කැවිලි වට්ටෝරුවක් සකසාගත්තාය. Zolli Candy Company නම් ඇය සතු ව්‍යාපාරය හරහා ඇය ඩොලර් මිලියන 6 ක තරම් මුදලක් උපයා තිබෙනවා. ඇයට ලොව පුරා ගැනුම්කරුවන් පිරිසක් පවා සිටිනවා. ඇය යටතේ සේවකයින් 6 ක් පමණ සිටිනවා. ඇය තවමත් සිටින්නේ ද්විතියික පාසලේයි. නර්ථන කටයුතු අතරේ ව්‍යාපාරික කටයුතුත් සමබර කරගැනීමට ඇයට හැකි වී තිබෙනවා.

06. Nick D’Aloisio

පරිගණක වැඩසටහන්ක්‍රියාකරුවෙකු වන නික් ජීවත් වන්නේ එක්සත් රාජධානියේයි. ඔහු තනිවම මෘදුකාංග නිර්මාණය කිරීමට පටන්ගෙන තිබුණේ වයස අවුරුදු 12 තරම් ලාබාල වියේදිය. වයස අවුරුදු 15 දී ඔහු නොමිලේ බාගත කිරිමේ පහසුව සහිත Iphone මෘදුකාංගයක් නිර්මාණය කර තිබුණා. එය නමින් Summly නම් විය.  එම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ පුවත්පත් ලිපි සංක්ෂිප්ත කරමින් දළ අදහස භාවිතා කරන්නා හට දැනුම් දීමට කටයුතු කිරීමයි. Yahoo ආයතනයට ඔහු මෙම මෘදුකාංගය අලෙවි කර තිබුණේ ආසන වශයෙන් ඩොලර් මිලියන 20 ක් වැනි මුදලකටයි.ඔහුගේ එම නිර්මාණය සඳහා Wall Street නම් සඟරාව විසින් ඔහුට වසරේ නවනිපැයුම්කරු යන විශේෂ නාමය පිරිනමා ඇත. Times සඟරාවට අනුව ලොව වඩාත් බලපෑම් කල හැකි යෞවනයන්ගේ ලැයිස්තුවට ඔහුද අයත්ය.

07. Kyle Giersdorf

පූර්ණ කාලීන වීඩියෝ ගේම් ක්‍රීඩකයෙක් වන ඔහු වයස අවුරුදු 16 දීම මිලියනපතියෙකු බවට පත්වුණේ නිව්යෝර්ක් හි පැවැති  Fornite World Cup තරඟාවලියේ ශූරයා බවය පත්විමත් සමඟයි. එහිදී ඔහු ඩොලර් මිලියන 1.8 ක් තරම් විශාල මුදල් ත්‍යාගයක් දිනාගනු ලැබුවා.

08. Evan

Angry birds කාටූන චරිත වල සමාන සෙල්ලම් බඩු කිහිපයක් යොදාගෙන ඔහු සහ ඔහුගේ පියා stop motion recording එකක් එහෙමත් නැතිනම් වීඩියෝ සංස්කරණයක් නිර්මාණය කර තිබුනා. ඔහු මෙය ඔහුගේ පවුලේ අයට සහ මිතුරන්ට පෙන්විමට YouTube හි පළ කර තිබුණු අතර ඔහු නොසිතූ තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඊට ලැබී තිබුණා. 2015 වසරේ ඔහු ඩොලර් මිලියන 1.3 ක් ඔහුගේ YouTube Channel එක හරහා උපයා තිබුණා.  මේ වන විට ඔහුට YouTube channel 5 ක් තිබේ.

09. Farrhad Achidwalla

වයස අවුරුදු 13 දී ඔහු තම දෙමාපියන්ගෙන් ඩොලර් 10 ණයක් ලබාගෙන ගුවන් යානා නිර්මාණකරණය සහ ආකාශ තරණ විද්‍යාව පිලිබඳ අන්තර්ජාල ප්‍රජාවක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණා. ඔහු පසු කාලයකදී මෙම ව්‍යාපෘතිය ඔහුගේ ප්‍රේක්ෂකයෙකුට අලෙවි කර තිබුණේ ඩොලර් 1200  මුදලකටයි. වයස අවුරුදු 16 දී ඔහු ඩොලර් 400 ක මුදල් ආයෝජනයක් කරමින් Rockstah Media නමින් ව්‍යාපාරයක් ආරම්භ කලේය. ඒ හරහා සන්නාම අලෙවිකරණ කටයුතු, වෙළඳ  ප්‍රචාරණ කටයුතු සහ වෙබ් නිර්මාණ කටයුතු සම්බන්ධ සේවාවන් ලබාදීම සිදුකලේය.  ඔහුගේ වත්කම් ප්‍රමාණය අනුමාන වශයෙන් ඩොලර් මිලියන 4 ක් පමණ වන බව පැවසේ.

10. Isabella Barrett

Toddlers and Tiaras කතාමාලාව ඔස්සේ ජනප්‍රිය ළමා තරුවක් වුණු ඇය ඒ හරහා වයස අවුරුදු 6 ක් තරම් ලාබාල වියේදීම මිලියනපතිනියක් බවට පත්ව සිටියි.ඇය මේ වන විට පසුවන්නේ නව යොවුන් වියේයි. ඇය සතුව ව්‍යාපාර සන්නාම 5 ක් පවතියි.