තත්පර කිහිපයක් ඇතුලත ලොවම හැඬවූ ජේන් ගේ කඳුළු කතාව

උතුම් මිනිසත් බව ලැබීම කියන්නේ ගොඩක් උතුම් ත්‍යාගයක්, ලොවුතුරා තථාගත බුදු පියාණන් දේශනා වදාළේ ඒ විදියට. ඉතින් මේ උතුම් මිනිසත් බව ලබාගෙන සිටියත් පෙර අකුසල කර්මයක් තිබේනම් එය අපට පටිසන් දෙනවා. ඔබටත් මටත් එය පොදු කාරනාවක්. ඉතින් තමන් දුකක් ගෙවන සෑම අවස්ථාවකම පවක් ගෙවන බව සිහිතබාගෙන, ශක්තිමත්ව ඒ ගැටලුවට මුහුණ දෙන්න ශක්තියක් අප ගොඩ නගා ගන්න ඕන. ඉතින් අපි අද කියන්නේ ඒ වගේ තමන්ට ස්භාව දහමින් ලැබුන සිනහවෙන් බාරගත්ත කාන්තාවක පිලිබඳ ඇය තමයි නයිට්බර්ඩ් ජේන්. ඔව් ඇය අපේ රටේ කාන්තාවක් නෙවෙයි නමුත් ඇයගේ කතාව අපේ ජීවිත වලට ගොඩක් ලොකු පාඩමක් කියලා දෙනවා.

America’s Got Talent 2021 කියන්නේ ලෝකෙම කතා වෙන වැඩසටහනක් ජේන් අපට මුලින්ම හමුවෙන්නේ මේ වීදිකාවෙන්. සුන්දර සිනහවකින් මුව සරසාගෙන වේදිකාවට ගොඩවෙන ඇයගෙන් විනිසුරුවන් මුලින්ම අසන පැනය තමයි ”ඔබ අද පැමිණියේ කා සමඟද?” ඇය ගොඩක් සුන්දර විදියට සිනහ වෙලා පවසනවා ‘මා පැමිණියේ මා සමගින්’ කියලා. එම තරංග වේදිකාවේ ඇය දිරිමත් කරන්න හෝ ඇය වෙනුවෙන් අත්පොලසන් තබන්නවත් කිසිවෙකු පැමිණ සිටියේ නෑ. ඉතින් වේදිකාවට ගොඩවුන ඇය ගායනා කරන ගීතය පිලිබඳ විනිසුරුවන් ඇසුව පසු ජේන් කියනවා ඇය කියනවා අද ඇය ගායනා කරන්නේ ඇයගේම ගීතයක් කියලා, විශේෂත්වය තමයි ජේන් ගායනා කරන්නේ ඇයගේ ජීවිතයේ පසුගිය වසරේ කතාවයි,

ඉන්පසු විනිසුරුවන් ඇයගෙන් වෘත්තීය පිළිබඳව විමසනවා. ඉතින් ජේන් ගොඩක් සැහැල්ලුවෙන් සිනහවෙන් සරසා ගත් මුවින් ඇය ඇයගේ ජීවිත කතාව කියනවා, ඇය වසරක් පුරා රැකියාවක් නොකළ බවත් ඊට හේතුව ඇය පිළිකා රෝගයෙන් පෙළෙන නිසා බවත්, ඉතින් ඒ වචන පෙලට සංවේදී වුන විනිසුරුවන් ඇයගෙන් සමාව ඉල්ලනවා, නමුත් ජේන් ඇයගේ සුපුරුදු අව්‍යාජ සිනහවෙන් පිළිතුරු දෙනවා “No….It’s ok I’M ok” කියලා. ඉතින් විනිසුරුවන් ඇයගේ වතමාන තත්වය පිලිබඳ විමසුම ඇය කියන්නේ පෙනහළු, අක්මාව සහ කශේරුකාව ආශ්‍රිතව පිළිකාව වර්ධනය වී ඇති බවයි. ඉතින් විනිසුරුවන් ඇයගේ සුන්දර සිනහවත් ඇයගේ ප්‍රභාවත් අගය කරනවා. ඉතින් ඇය කියන්නේ ජීවිතයේ සිදුවන සෑම අභියෝගක්ම ‘It’s oky’ කියලා බාරගන්නවා කියලයි.
ඉතින් ‘NightBirde’ කියන අනුවර්ත නාමයෙන් වේදිකාවට පිවිස ඇයගේම ගීතය වන ‘I moved to California’ ගීතය ගායනා කරනවා.

ඇත්තටම ඒ ගැයුම සුමිහිරියි, ගීතය අවසානයේ ප්‍රක්ෂකාගාරයේ සියල්ලන්ගේම ඇස් කඳුලින් තෙත් වෙනවා. ඒ වගේම America’s Got Talent වේදිකාවේ ඉතාම කලාතුරකින් ලබාගන්න ලැබෙන Golden buzzer ජයග්‍රහණයකරගන්නත් ඇය සමත් වෙනවා. ඒ මොහොතේ ඇයට දැනුන සතුට ඇයගේ සිනහවෙන් සහ ඇස් තෙමුන කඳුලින් කියාපානවා. ජේන් කියනවා වෛද්‍යවරුන් පවසන විදියට මගේ ජීවිතේ බේරෙන්න 2% ක අවස්ථාවක් තියෙනවා. 2%ක් කියන්නේ 0% නෙවෙයි…ඉතිං 2% තුළ යමක් තියෙනවා කවදාවත් පරාද වෙන්න එපා උත්සහය අත්හරින්න එපා. කියලා. ඉතින් ඇයගේ ජීවිතයෙන් අපිට ගන්න තියෙන ආදර්ශ බොහොමයි. ඉතින් ඔබත් ඔබේ ප්‍රශ්නවලදී කඩා වැටෙන ඔබට පුංචි හේතුවලටත් බෑ බෑ කියන අපේ මිනිසුන්ට ජේන් කදිම ආදර්ශයක්. ඉතින් ලොවක ආදරේ දිනාගත් ආදරනීය Nightbirde ජේන් ඔබේ සුන්දර බොහෝ කාලය ඔබ මුවේ රැදේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.