ඩොලර් 20 කට වඩා අඩු මුදලකින් මිලදී ගතහැකි සුපිරි ගැජට් 20ක් මෙන්න

එදිනෙදා ජිවිතයේ කටයුතු අතරේදී අත්‍යවශ්‍යම නොවුණත් තිබුණානම් හොඳයි හිතෙන ආකාරයේ නව නිර්මාණ කිහිපයක් තමයි මේ තියෙන්නේ.

01. සුරතුල්න්ගේ ලොව පීරීමට සහ සම්බාහනය කිරීමට DELOMO ආයතනය හඳුන්වා දී ඇති අලුත්ම උපකරණය

02. ටයිල් අතර කොටස් පිරිසිදු කරගැනීම පහසු කරවන අපූරු පෑනක් Rainbow Chalk Markers Ltd. ආයතනය හඳුන්වා දී තිබෙනවා.

03. අත්කම් නිර්මාණ වලදී භාවිතයට ගත හැකි Paint roller එකක්. ඒ වගේම හදිසියෙන් හරි බිත්ති වල පැල්ලම් ඇති වුණොත් ඒවා මත පහසුවෙන් තීන්ත ආලේප කරගන්නත් මේ උපකරණය භාවිතා කරන්න පුලුවන්. මෙය Shur-Line ආයතනයේ නිෂ්පාදනයක්.

04. දිවේ ‍රැඳී ඇති බැක්ට්‍රියා ඉවත් කරමින් මුඛ දුර්ගන්ධය ඇති වීම වළක්වන , දිගු කලක් පුරා භාවිතා කල හැකි Tongue scraper උපකරණයක්. මෙය wowE නිෂ්පාදනාය්කි.

05. මෝටර් රථ වල සවි කල හැකි එක් වර දුරකථන 3 ක් charge කල හැකි වෙනස්ම ආකාරයේ charger එකක්. මෙය Aukey ආයතනයේ නිර්මාණයක්.

06. සිරුරේ ආතතීන්-පීඩාවන් දුරුකරවමින් රුධිර සංසරණ ක්‍රියාවලිය වැඩිදියුණු කරන ZONGS ආයතනය විසින් හඳුන්වා දී ඇති ස්වයං-සම්බාහන උපකරණයක්.

07. මෝටර් රථයේ ඉදිරි ආසන පි‍ටුපස සවිකල හැකි hanger මෙවලම්. මේ අදහස IPELY සමාගම විසින් හඳුන්වාදුන් එකක්.

08. Omorc ආයතනය හඳුන්වාදී ඇති පානීය ජලය සමඟ ඔබ කැමති රසයක් මුසු කරගත හැකි පරිදි සකසා ඇති infusion සැකැස්මක් ඇති වතුර බෝතලයක්

09. ArMordy ආයතනය හඳුන්වාදී ඇති නවීන පන්නයේ Bluetooth shower speaker එකක්

10. ඕනෑම අවකාශයක් ආකර්ෂණීය ලෙස ආලෝකවත් කරන වයර් නොමැති sensor lights. මෙය AMIR සමාගමේ නිෂ්පාදනයකි.

11. රූලක්, පන්හිඳක්, බෝතල් වල පියන් විවෘත කරනයක්,ඉස්කුරුප්පු නියන 2 ක් සහ දුරකථන ආධාරකයක් සහිත අපූරු 7 -in-1 පෑනක්. මෙය Attech Innovations හි නිෂ්පාදනයක්.

12. Umbra සමාගම හඳුන්වාදී ඇති සබන්, ෂැම්පු සහ වෙනත් රූපලාවන්‍ය නිෂ්පාදන සහ බුරුසු වර්ග ආදිය පහසුවෙන් එල්ලා තැබිය හැකි ආකාරයේ flexible shower organizer නම් ‍රැඳවුමක්

13. ඖෂධ සහ පළා වර්ග වල කොළ පහසුවෙන් ඉවත්කරගැනීමට හැකිකරවන stripper උපකරණයක්.

14. මත නොගෑවෙන සේ ලස්සනට නිය ආලේප ගල්වාගන්න  හැකිකරවනKane1900 නිෂ්පාදනයක් වන nail polish stencils

15. එළවළු සහ පලතුරු වල නැවුම් බව ආරක්ෂා කිරීම සඳහා සකසා ඇති නැවත වාර කිහිපයක්ම භාවිතා කල හැකි පරිසරහිතකාමී බෑග් වර්ගයක්. මේ අදහස Natural Home ආයතනය හඳුන්වාදුන් එකක්.

16. වාහනයක ගමන් කරන අතරේ පාද වලට ඇති වන අපහසුතා මගහරවාගැනීමට උපකාරි වන විශේෂ පාද ආධාරකයක්.

17. බෙල්ලේ කැක්කුම් වලට විසඳුමක්.මේ විශේෂ travel pillow එක හඳුන්වාදී තිබෙන්නේFMAB ආයතනය විසිනි.

18. අලිගැට පේර බාගයක් නැවුම්ව කල්තබාගැනීමට උපකාරී වන විශේෂ අලිගැටපේර holder එකක්. මෙය Evriholder නිපැයුමක්.

19. අත කපාගන්නේ නැතිව පිහි ගෑරූප්පු පිරිසිදු කරගැනීමට cutlery cleaner උපකරණයක්.

20. Cafurty සමාගමේ නිපැයුමක් වන බිස්කට් කිහිපයක් රඳවා තබාගෙන තේ එකක් රසවිඳිය හැකි ආකාරයේ 2-in-1 මග් එකක්

21. නිවසේදී, වැඩකරන තැනේදි හෝ ඔබ යන යන තැන ‍රැගෙන යා හැකි මල නොබැ‍ඳෙන වානේ වලින් සකසා ඇති බීම බට. මෙය Alink ආයතනයේ අදහසක්.

22. tweexy නිපැයුමක් ලෙස හඳුන්වාදී ඇති nail polish එක රඳවාතබාගත හැකි මුදුවක් ආකාරයේ රඳවනය නිසා පහසුවෙන්ම ලස්සනට නියපොතු හැඩකරගන්න පුලුවන්.

23. Make-up sponge holder නිසා ඒවා පහසුවෙන් අසුරා තැබිය හැකියි.

24. Logitech ආයතනයේ නිපැයුමක් වන සෝදා පිරිසිදු කරගත හැකි keyboard එකක්. මේ නිෂ්පාදනය නම් ටිකක් මිලෙන් අධිකයි. කෙසේ වෙතත්,මෙය අපුරු නිර්මාණයක්.