ඩයනා කුමරිය එකවර ඔරලෝසු 2 ක් පලදින හේතුව වසර ගණනකට පසු හෙළිවෙයි

වේල්සයේ රෝස කුසුම ලෙසින් විරුදාවලිය ලැබූ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකාවක් වූ ඩයනා කුමරිය යනු තම සුන්දර අහිංසක සිනාවෙන් මුලු ලෝකයක්ම වසඟ කල කාන්තාවකි. ඇයගේ විලාසිතාවන් ලෝකයේ ‍රැල්ලක් බිහි කිරීමට සමත් වූ ඒවා විය. ඇය ඉතා කරුණාවන්ත හදවතක් ඇත්තියක බවයි වඩාත් ප්‍රචලිත. හදවතේ ‍රැජිණිය ලෙසින් හඳුන්වන ඇය ජනතාව ඉදිරියේදි තම අත්වැසුම් පවා භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරමින් සාමාන්‍ය ජනයා සමඟ සමිපව කටයුතු කරන ආකාර දැක්වෙන ඡායාරූප ඕනෑ තරම්ය. ඇයගේ ඇතැම් ඡායාරූප අතරින් කැපි පෙනුනු එක් සිදුවීමක් ගැනයි අද අපේ අවධානය. ඇය වරක් එකම අතේ ඔරලෝසු දෙකක් පැලඳ සිටින ආකාරය කැමරා කාචයේ හසු වී තිබුණා. එයට හේතුව කුමක් වෙන්න ඇති ද? ආරංචි මාර්ග වල සඳහන් වන ආකාරයට ඩයනා කුමරිය තම ආදරණියන් වෙනුවෙන් ඇයගේ සිතේ ඇති ආදරය සහා සෙනෙහස ප්‍රකාශ කිරීම නිතරම සිදුකල දෙයකි. ඉතින්, මෙසේ ඔරලෝසු දෙකක් පැලඳිම පි‍ටුපස එවැනි වැදගත් විශේෂ හේතුවක් ඇත.

ඩයනා කුමරිය සහා චාර්ල්ස් කුමරු ගිවිසගත් මොහොත

මෙම පින්තූරය ලබාගෙන තිබුණේ 1981 වසරේ යෙදී තිබූ ඩයනා කුමරිය සහා චාර්ල්ස් කුමරු ගේ විවාහ ගිවිසගැනීම සිදුවූ මොහොතට පසුවය. ඡායාරූපයේ දැක්වෙන්නේ ඇය විසින් චාර්ල්ස කුමරු පෝලෝ ක්‍රීඩාවේ නිරත වන ආකාරය දෙස නරඹමින් සිටින අවස්ථාවකි. ඇයගේ සුන්දරත්වය දු‍ටු ඔබට බොහෝ විට ඇගේ අතේ ඔරලෝසු 2 ක් තිබෙන බව මගහැරෙන්නට ඇති.! මෙසේ ඔරලෝසු දෙකක් පැලඳීම ඇය  තම සැමියාට කෙරෙහි ඇති ආදරය සහා සෙනෙහස ප්‍රකාශ කිරීම සංකේතවත් කිරීමකි.

ආරංචි මාර්ග පවසන ආකාරයට රත්‍රං ලෝහයෙන් නිමවා ඇති සිහින් පටි සහිත ඔරලෝසුව ඩයනා කුමරියට අයත් එකක් වන අතර කලු පැහැති පටිය සහිත ඔරලෝසුව අයත් වන්නේ චාර්ල්ස් කුමරුන්ටයි. තම සැමියාව ආදරයෙන් සිහිපත් කරවන්නක් ලෙස මෙන්ම ඔහුට වාසනාව ගෙන ඒමේ අරමුණින් ඔහුගේ ඔරලෝසුව තමන් පලඳින බව ඩයනා කුමරිය වරක් පවසා ඇති බව සඳහන්, මෙම විශේෂ ඉඟිය මධ්‍යතන යුගයේ තිබූ එක්තරා සම්ප්‍රදායක් සිහිගැන්වීමට සමත් වේ. එනම් අසරුවන්ගේ පොරයකට පෙර නයිට්වරුන්ගේ හෙල්මටය පි‍ටුපස ඔවුන්ගේ පෙම්වතියන් විසින් ලේන්සුවක් ගැටගැසීමේ සම්ප්‍රදායයි. එය තරඟ පිටියට යන තරඟකරුවන් සඳහා වාසනාව සහා ජය ප්‍රාර්ථනා කරමින් සහය පල කිරීම සංකේතවත් කරන්නකි.

කොහොම වුණත් ඉතින්, මේ යුවලගේ විවාහ ජීවිතය නම් එතරම් සාර්ථක එකක් නොවුණු බව මුලු ලෝකයාම හොඳින් දන්නා කාරණයක්. ඉතා අවාසනාවන්ත ලෙස ඇය අකාලයේ මියයාම ද ලොවම කම්පාකල පුවතක් විය. නමුත්, සබඳතාවයේ මුල් කාලයේදි ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි හොඳ ආදරයකින් සහා ලබැඳියාවකින් ගත කර ඇති බවයි පෙනෙන්නේ.

ඇය තම ආදරණීයන් වෙනුවෙන් ඇති ලබැඳියාව ප්‍රසිද්ධියේ පෙන්නුම් කල පළමු අවස්ථාව මෙය නොවේ.

තම විවාහ දිනයේදී ඩයනා කුමරිය විසින් බ්‍රිතාන්‍ය මහ ‍රැජිණ ප්‍රධානය කල ඔ‍ටුන්න ඇය විසින් පැලඳීම ප්‍රතික්ෂේප කලාය. ඒ වෙනුවට ඇය පැලඳ සිටියේ තම පවුලට බොහෝ කාලයක් තිස්සේ අයත්ව තිබූ පාරම්පරික ඔ‍ටුන්නකි. ඇයගේ පවුලේ කාන්තාවන් සෑම දෙනාම තම විවාහය දා මෙම ඔ‍ටුන්න පැලඳීම ඇයගේ පවුලේ චාරිත්‍රය වී තිබී ඇත තම පවුලේ සම්ප්‍රදායන්ට ගරු කරමින් ,පවුලේ අයට මුල් තැන දි කටයුතු කරමින් තම පවුල වෙනුවෙන් ඇති අවංක ආදරය සහා භක්තිය ප්‍රසිද්ධියේම හුවා දැක්වූ අවස්ථාවක් ලෙස බොහෝ දෙනා මෙම සිදුවීම ගැන කතාබහ වී තිබුණා. එය ඇය කොතරම් ලස්සන හදවතක් තිබුණු කාන්තාවක් ද කියා තහවුරු වන තවත් අවස්ථාවකි.