ජීවිතයේදී අමුතුම ආකාරයේ සිදුවීම් වලට මුහුණ දුන් පුද්ගලයින් 8 දෙනෙක්

අහඹුවක් කියන්නේ නිරන්තරයෙන් සිද්ධ වන දෙයක් නෙවෙයි වගේම අපි කවුරුත් අපේක්ෂා කරන දෙයකුත් නෙවෙයි. ජීවිතයේ අපි හැමෝටම අපේක්ෂිත දේවල් වලට වඩා අනපේක්ෂිත අහඹු දේවල් වලට මුහුණ දෙන්නට සිදුවන සම්භාවිතාව වැඩියි නේ. අද කතාව අහඹු දේවල් ගැනයි.  බලන්නකෝ මේ පුද්ගලයින් 8 දෙනාට මුහුණ දෙන්න සිදුවෙලා තිබුණු අහඹු සිදුවීම් මොනවාද කියලා!

කඩේ නමයි බිලේ ගාණයි සම වුණු අහඹු මොහොත

මේ පුද්ගලයා දිනක් ආහාර ගැනීමට  7-Eleven නම් අවන්හලට ගොස් තිබුණා. පුදුම සහගත විදියට ඔහුගේ අතට පත් වුණු බිලේ අගයත් කඩේ නමට සමානම අගයක් වි තිබුණා. මෙහෙමත් දේවල් වෙන්න පුලුවන් ද?

මකුලු දැල් කුළුණ

ඔව් ඔබ හරියටම වචනය කියෙව්වා.  පැරීසියේ අයිෆල් කුළුණ වගේ මේ ගොඩනැගිලා තියෙන්නේ මකුළු දැලක්! එක් ඡායාරූප ශිල්පියෙකුට මේ සුන්දර අහඹු දර්ශණය තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගැනීමට හැකිවී තිබුණා.

Knob එකේ හැඩයයි මුද්දේ කැටයමයි සමානයි

කවුරුත් කවදාවත් හිතයිද තමන්ගේ මුද්දේ හැඩය දොරක knob එකකට සමාන වෙයි කියලා.

කෞතුකාගාරයේ තමන්ගේ රූපයට සමාන රුපයක් තියෙනවා දැක්කම

වරක් ඔහු නරඹමින් සිටි කෞතුකාගාරයේ තිබී මොහුට වෙනස්ම චිත්‍රයක් හමුවී තිබෙනවා. ඔහුගේ මූණට සමාන මිනිස් රුවක් එහි තිබෙන බව දු‍ටු ඔහු ඒ සමඟ සෙල්‍ෆි ඡායාරූපයක් ගැනීමට අමතක කරලා නැහැ. රූප දෙකේ සමානකම දිහා බලන්න, පුදුමයි නේද!

දවටනයේ රූපය හිස්තැන සම්පූර්ණ කල අවස්ථාවක්

පසුබිමින් ඇති පාෂාණ පර්වතයේ කවුරුන් හෝ නගිමින් සිටින බවක් පෙනුනාද?  හැබැයි, ඒක නෙවෙයි ඇත්ත, මේ තියෙන්නේ එක් පුද්ගලයෙකු කන්දක් නගිමින් සිටින අයුරු දැක්වෙන දවටනයක්. පසුබිමින් ඇති කන්දත් දවටනයත් දෙස එකවරක බැලුවොත් වෙනස හොයාගන්න බැරි තරමට එකම රූපයක් කියලයි හිතෙන්නේ, අපූරු නිර්මාණශීලිත්වයක්

නිවුන් සොහොයුරාව හමුවෙලා!

මේ පුද්ගලයා මිලදී ගෙන තිබූ වේෆර් පැකට්‍ටුවේ සඳහන් ලාංඡනය ඔහුගේ රුවට සමාන බව දැකිය හැකි වී තිබේ. මේ ඔහු එයත් සමඟ ගත් ඡායාරූපයක්. තමන්ගේ නිවුන් සොහොයුරා හමුවුණා වගේ සතුටක් තමයි ඔහුගේ මුහුණෙන් නම් පෙනෙන්නේ. අපූරු අහඹුවක්!

සුපිරි වෙළඳසැලේ අහඹුව

මේ ඉන්නේ එකම දවසේ එකම වර්ගයේ ඇඳුම් ඇඳගෙන එකම තැනක බඩු මිලදි ගන්න පැමිණ සිටි කාන්තාවන් දෙදෙනෙක්.

රොනෑල්ඩෝ ගේ ප්‍රේක්ෂකයාත් රොනෑල්ඩෝ වගේමයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ රොනෑල්ඩෝ තමන්ගේ ප්‍රේක්ෂකයෙකු සමඟ සෙල්ෆී ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවක්. ප්‍රේක්ෂකයාගේ මුහුණුවරත් ටිකක් රොනෑල්ඩෝට සමානයි නේද? ඒ හේතුව නිසාම මේ ඡායාරූපය අන්තර්ජාලය කැලඹු එකක් ද වුණා.