ජපානය ගැන අමුතු කරුණු 18ක්

ජපානය කියන්නේ ලෝකයේ තිබෙන විශිෂ්ඨතම රටවල් අතින් එකක්. ජපානයේදී සියවස් ගණනක් පුරා පැවතෙන සම්ප්රාශදායන් සහා නවීන ලෝකයේ සම්ප්‍රදායන් අතර සහජීවනය හොඳින් දැකගත හැකියි. ඒ වගේම නව නිර්මාණකරණයේ ප්රපමුඛයෙක් ලෙස ජපානයට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. අසමසම ජපන් රාජ්යයයේ පුදුමාකාර දේවල් කිහිපයක් ගැනයි මේ සටහන.

ලෝකයේ වඩාත් සුරක්ෂිතම අගනුවර වන්නේ ටෝකියෝ නගරයයි.

The Economist Intelligence Unit නමැති පර්යේෂණ ආයතනය විසින්සිදුකරනලද ලොව ආරක්ෂාකාරීම නගර පිළිබඳ වර්ගීකරණයට අනුව ටෝකියාව එහි පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා. එහිදී අදාල කරගැණුනු නිර්ණායක වන්ම තොරතුරු වල සුරක්ෂිත බව සහා පෞද්ගලික ආරක්ෂාව, සෞඛ්යාරරක්ෂාව සහා යටිතල පහසුකම් ආදී බොහෝ ක්ෂේත්රසයන්ගෙන් ජපානයට මුල් තැන හිමිකරගත හැකිවී තිබෙනවා. එම වර්ගීකරණයේ දෙවන ස්ථානයට පත්ව තිබෙන්නේ සිංගප්පූරු රාජ්යහයයි. තෙවන ස්ථානය නැවත වරක් ජාපනයේම පිහිටි නගරයක් වන ඔසාකාවට හිමි වී තිබෙනවා.

සවිස්තරාත්මකව උපදෙස් දක්වාතිබීම

ජපානයේ බොහෝ විට මාර්ගෝපදේශනයන් සහා අත්පොත් ලබාදීම (manuals) බහුලව භාවිතා වෙනවා. ඒ නිසාම විදේශිකයින්ට පවා කිසිඳු ගැටලුවක් නොමැතිව රට පුරා සංචාරය කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. විශේෂයෙන්ම උපදෙස් මාලාවන් බොහෝ අවස්ථාවල ඉංග්රීවසි බසට පරිවර්තනය කරතිබීමත් රූපසටහන් භාවිතයෙන් ඕනෑම කෙනෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි ලෙස නිරූපණය කර තිබීමත් ජපානයේ සංචාරය කරන විට දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක්.

ජපානයේ කුඩා දරුවන් සඳහා එක් පොදු උපන්දිනයක් ඇත

නොවැම්බර් 15 කියන්නේ සෑම වසරකම අවුරුදු 3,5 සහා 7 යන වයස් වල දරුවන් සඳහා පැවැත්වෙන විශාල සැමරුම් උත්සවයක්. එය නමින් ‘Shiti-Go-San’ කියායි හඳුන්වනු ලබන්නේ. එහි සරල අර්ථය තමයි ‘seven-Five-three’ නැතිනම් ‘හත-පහ-තුන’ කියන අදහස. ජපානයේ ඔත්තේ සංඛ්යාථ හඳුන්වන්නේ මැජික් ඉලක්කම් ලෙසයි. ඒ වගේම මේ වයස් කාණ්ඩ ඔවුන් වර්ග කරන්නේ දරුවන්ගේ වර්ධනයේ වැදගත් අවධීන් සංකේතවත් කරන වයස් සීමාවන් ලෙසයි.

පොදුවේ උදෑසන සිදුකරන ව්‍යායාම්

ජපානයේ පාසල් සිසුන් සහා බොහෝ ආයතනයන්හි සේවකයින් දවසේ කටයුතු ආරම්භ කිරීමට පෙර උදෑසන පොදු ව්යාහයාම් කාලයක් වෙන් කර තිබෙනවා. මේ සම්ප්‍රදාය ආරම්භ වී ඇත්තේ 1928 දී බවයි පිලිගැනෙන්නේ. මේ ක්‍රමවේධයට බොහෝ දෙනා ඉතා කැමත්තක් දක්වන බවයි පැවසෙන්නේ. ජපන් වැසියන් විශ්වාස කරන ආකාරයට මේ තුලින් ඔවුන්ට වඩාත් ප්‍රබෝධමත් බවක් ලැබෙනවා වගේම එකිනෙකා සමඟ සමීප හිතවත්කමක් ඇතිකරගැනීමට අවස්ථාව හිමි වෙනවා. ජපානය කියන්නේ සාමුහිකත්වය අගයන රටක්. ඒ නිසාම අන්තර් සම්බන්ධතා කෙරෙහි ඔවුන් වැඩි උනන්දුවක් දක්වනවා.

විශේෂිත නිවාඩු ලැබෙන සිකුරාදා දවස් හෙවත් ජපානයේ premium Fridays

ජපන් වැසියන් වැඩි ප්‍රමුකත්වයක් ලබාදෙන්නේ ඔවුන්ගේ ‍රැකියාවටයි. හරියට ‍රැකියාවත් සමඟ විවාහ වෙලා ඉන්නවා වගේ බැඳීමක් තමයි ඔවුන්ට තිබෙන්නේ. දෛනිකව වැඩි කාලයක් වැඩකරන ස්ථානයේ ගතකරන ජපන් වැසියන් නිතරම සිටින්නේ දැඩි තෙහෙට්ටුක ගතියකින්. ඉතින්, ජපන් රජය විසින් මේ තත්වය තේරුම් ගනිමින් ඒ සඳහා විශේෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරතිබෙනවා. මේ වැඩසටහන තමයි විශේෂිත සිකුරාදා නිවාඩු දීමනාව හේවත් ‘premium Friday’ යනුවෙන් හැඳින්වෙන්නේ. මේ හරහා සෑම මසක අවසන් සිකුරාදා දිනයේ සියලුම සේවකයින්ට වැඩනිමවීමට පැය කිහිපයකට පෙරම ‍රැකියා ස්ථානයෙන් පිටවීමට හැකියාව ලබාදී තිබෙනවා. මේ දීමනාව මුළින්ම භාවිතා කර තිබෙන්නේ ජපාන ආර්ථික ඇමතිවරයා වූ හිරෝෂිගේ සෙකෝ විසිනි. එසේ කලින් වැඩනිමා කරමින් ඔහු අයිස් ක්‍රීඩාවක් වන Curling ක්‍රීඩාවේ නිරත වුණු බවයි වාර්ථා වෙන්නේ.

වසර දහස් ගණනක් පැරණි ඉතිහාසයක් සහිත ව්‍යාපාරික ආයතන

‘Property Rights’ හෙවත් දේපළ නීතිය කෙරෙහි ජපානය සෘජු සහා දැඩි ප්රහතිපත්ති අනුගමනය කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අදටත් පැරණිතම ජපන් ව්යාඩපාරික ආයතනයක් වන ‘Hoshi Ryokan’ නමින් හැඳින්වෙන ජපන් සාම්ප්රජදායික හෝටල් ව්යායපාරය වැනි ආයතනයන් අදටත් එලෙසම පවතින්නේ. මෙම ආයතනය 718 වර්ශයේ සිට පැවත එන්නක් වන අතර අද දක්වාම එකම පවුලක් යටතේ පරම්පරා 46 ක උරුමයෙන් පසුවත් සාර්ථකව කටයුතු මෙහෙයවමින් සිටිනවා.

සුන්දර අභයභූමි ‍රැසක් දැකිය හැකිවීම

ජපානයේ හොන්ෂු දූපතේ මියැගි පළාතේ පිහිටි ‘Zao’ නම් හිවල් ගම්මානය මේ අතරින් වඩාත් විශේෂ වෙනවා. එම ගම්මානයේ සිටින හිවල්ලුන්ගේ ගහනය ඉතා අධිකයි. එහි ගමන් කරන පිරිස් අතරින් කුඩා දරුවන් හැර වැඩිහිටියන් හට පමණක් හිවලුන්ට ආහාර ලබාදීමට අවස්ථාව හිමිවේ.

ක්ෂණයකින් සිදුකරන පාර අලුත්වැඩියාකිරීම්

2014 වසරේදී ෆුකුඕකා නගරයේ මහා මාර්ගයක අඩි 45 ක ගැඹුරින් ගිලාබැසීමක් සිදුවුණා. මෙසේ ගිලාබැසීමට හේතුව වී ඇත්තේ ඒ යටින් පිහිටි උමංමාර්ගයේ ගොඩනැගිලි ඉදිකර තිබීමයි. වාසනාවකට මෙන් කිසිවෙකුටත් මේ අනතුරින් ජීවිත හානි සිදුවූයේ නැහැ. අද වන විට මෙම මාර්ගය දෙස බලන කිසිවෙකුටත් මෙවැනි විපතක් සිදුවුණා ද කියාවත් අදහාගත නොහැකි තරමේ විශිෂ්ඨ ලෙස එම මහා මාර්ගය පිලිසකර කිරීමට ජපන් මහා මාර්ග සේවකයින් කටයුතු කරතිබෙනවා. ඒ සඳහා ඔවුන්ට ගත වී තිබුණේ පැය 48 ක් පමණි. මේ සිදුවීම අන්තර්ජාලය හරහා ලොවම පුදුමයට පත්කල පුවතක් වුණා.

සැලකිල්ලකින් කටයුතු කරන නඩත්තු සේවකයින්

රූපයේ දැක්වෙන්නේ ඒවැනි අවස්ථාවක්. මේ නඩත්තු සේවකයින් පිරිස පිරිසිදු කිරීම අතරේදී කුණු තැවරීම වැළැක්වෙන පරිදි අසල ඇති මෝටර් රථය හොඳින් ආවරණය කිරීමට කටයුතු කර තිබෙනවා.

සීමීත ඉඩකඩක උපරිම සැපපහසුව සලසාතිබීම

ජපාන වැසියන් ජීවත් වෙන්නේ කුඩා ඉඩප්‍රමාණයක් සහිත නිවාස වලයි. ඇත්තෙන්ම ඒවා බද්ධ නිවාස (apartments) ස්වරූපයක් ගන්නවා. භාණ්ඩ අවම ප්‍රමාණයක් භාවිතා කරමින් නිවාස සකස් කරගැනීමට ඔවුන් බොහෝ විට පෙලඹෙනවා. රූපයෙන් දැවෙන්නේ එවැනි නිවසක බැල්කනිය අසල මල් පැල වලට වතුර දැමීමට පහසු ලෙස සින්ක් එකක් සවි කරතිබෙන ආකාරයයි.

අවධානය යොමු වන සේ පිලිසකර කරතිබීම

කාණු කවාට(manholes) වසා ඇත්තේ එහි අනතුර හඳුනාගැනීමට හැකි ආකාරයෙනි. ඒවා ආකර්ෂණීය රූප භාවිතා කරමින් අවධානය යොමුවන සේ සකස්කර ඇත. ඇතැම් ඒවා කෞතුක ලක්ෂණ වලින් යුක්තයි.

සීග්‍රගාමී දුම්රියන් හෙවත් Bullet trains

අධි වේගී ෂින්කන්සෙන් දුම්රිය විශේෂය මේ නමින් හඳුන්වයි. මේවාගේ වේගය පැයට සැතපුම් 200 කි (පැයට කි.මි.320). ඒ වගේම හරි වේලාවටම මේවා ධාවනය සිදුකරනවා. ප්‍රමාදය කියන්නේ ජපන් වැසියන් පිළිකුල් කරන දෙයක්. පුද්ගලයාගේ වැරද්දක් නැතත් ප්‍රතමාදයට සමාවක් නැහැ.

ජංගම දුරකථනයට සම්බන්ධ අනතුරු හැඟවීමේ සංඥා පද්ධතියක්

J-Alert නම් ජාතික පද්ධතිය හරහා රජය මඟින් පුරවැසියන්ව මාධ්යනයන් සහා ශබ්ධ විකාශන යන්ත්ර හරහා දැනුවත්කිරීම හැරුනු විට ජපානයේ වෙනම කෙටිපණිවිඩ ක්‍රමවේදයක් ද පවතිනවා. නවීන ජංගම දුරකථන වල ස්ථාපනය කරතිබෙන මෙම alert සේවාව හරහා තත්පර 4-20 ක් අතර කාලයකදී සියලුම ජනතාවට හදිසි අවස්ථා සහා අනතුරු ගැන දැනුවත්කිරීම සිදුකරනවා.

විවිධත්වයකින් යුත් ආහාර වර්ග

සාම්ප්රගදායික ‘ඔකොනෝමියැකි පෑන් කේක්’ වල සිට සකුරා මල් රසැති චොකලට් රසකැවිලි ආදී විවිධ වර්ගවල ආහාර ඔබට ජපානයෙදී රසවිඳීමට අවස්ථාව හිමිවෙනවා.

එලවළු සහා පලතුරු වලින් කලාත්මක නිර්මාණ කිරීම

‘මුකිමොනො’ නම් එලවළු සහා පලතුරු කැටයම් කිරීමේ කලාව ජපානයේ ඉතා ප්‍රචලිත සම්ප්රකදායකි. ජපානයේ සෑම ප්‍රෙදේශයකටම ආවේණික වූ ‘මුකිමොනො’ තේමාවක් තිබෙනවා. මුල් කාලයේදී මුහුදු ආහාර කැටයම් කිරීමට භාවිතා කල එක් විශේෂිත කැටයම් පිහියක් සහා අනෙකුත් කැටයම් උපකරණ තමයි මේ සඳහා භාවිතාකරනු ලබන්නේ.

දත් කුහර නැතිකරන දත්බෙහෙත්

ජපන් ජාතික විද්යාුඥයෙකු වන Kazue Yamagashi විසින් ප්‍රථම වරට වේදනාව රහිතව දත්වල ඇති කුහර සහා පැලුම් ඉක්මනින් යථා තත්වයට පත්කල හැකි විශේෂ දත්බෙහෙතක් නිපදවීමට සමත්වී තිබෙනවා. මෙම දත්බෙහෙතේ අඩංගු ද්‍රවුයන් මඟින් බිඳුණු එනමලය සෙමින් ද්‍රාවනය කරයි. මිනිත්තු 3 කට පමණ පසු මෙම ආලේපය කැටගැසීම සිදුවේ. මෙසේ ඝන වූ කෘතිම තරලය ස්වභාවික එනමලයට කාවැදී ශක්තිමත්ව ‍රැඳීම සිදුවේ.

අමුතු ආකාරයේ නිපැයුම්

අමුතු ස්වරූපයේ නව නිර්මාණ නිසාම ජපානය වැඩියෙන් කතාබහට ලක්වෙන අවස්ථා වැඩියි. රූපයේ සඳහන් වෙන්නේ කාන්තා දණහිස් ආකාරයෙන් සකස් කල කොට්ටයක්. ජපන් වෙළඳපොලේ මේ ආකාරයේ අමුතු නිෂ්පාදන බහුලව දැකිය හැකියි.

ජපන් පාසල්

ලෝකයේ ප්‍රවණතාවය අතින් වැඩිම පාසල් ඇත්තේ ජපානයේ බවයි පැවසෙන්නේ. උදාහරණයක් විදියට ජපාන පාසල් වල ශ්රේනණි ක්‍රමයක් නැහැ. ඒ වෙනුවට දරුවා ඉගෙන ගැනීමට සූදානම් මට්ටම ගුරුවරයා විසින් නිශ්චය කිරීම සිදුවේ. දරුවන් කේන්ද්‍ර කරගත් අද්‍යාපනය රටාවක් තමයි මෙම පාසල් වල පවතින්නේ. පාසලේදී ජංගම දුරකථන භාවිතය තහනම් වේ. දුරකථනය භාවිතා කර හසුවුණොත් නැවත එය ලබාගැනීමට දෙමාපියන් සමඟ පැමිණිය යුතුයි. ඒ වගේම තමයි ජපන් පාසල් වල පිරිසිදුකිරීම සඳහා සේවක පිරිසක් නැහැ. ඒ වෙනුවට පාසලේ සියලුම පිරිසිදුකිරීම් කටයුතු සිසුන් විසින්ම සිදුකල යුතුවෙනවා