ජපන් කෙල්ලෙක් වගේ ලස්සන වෙන්න රහස් 06ක්

ලොව ලස්සනම කාන්තාවන් ඉන්න රටක් ලෙස සැලකෙන ජපානයේ කාන්තාවන්ගේ රූප සොබාව සහ සිරුරේ ආකර්ෂණීය හැඩය ගැන දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. වයස අවුරුදු 40 ක කාන්තාවකගේ පෙනුම හරියටම අවුරුදු 25 ක තරුණියකගේ පෙනුමට සමාන තරම් ලස්සනය. වාර්තා වලට අනුව ජපාන කාන්තාවන්ගේ ආයු කාලය ඉතා වැඩි බව හෙලි වී තිබෙනවා. ඔවුන්ගේ සුන්දරත්වය කෙරෙහි ජපානයේ ආහාර රටාව සහ පුරුදු ද හේතු වී ඇති බවයි සැලකෙන්නේ.පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

01. පෝෂණීය සමබල ආහාර වේලක් ලබාගැනීම

 ජපන් ජාතිකයින් ආහාරයට ගන්නේ සුෂි පමණක් නෙවෙයි. එය් වැරදි මතයක්. ඔවුන්ගේ ආහාර වේල් විවිධත්වයකින් යුක්තයි. ඔවුන් මාලු, මුහුදු පැළෑටි, එළවළු. සෝයා, බත්, පලතුරු සහ ග්‍රීන් ටී වලට වැඩි ප්‍රියතාවක්  දක්වති.ජපන් ආහාර වේලක සමබල පෝෂණයක් අඩංගු වේ. ඔවුන් අධික කැලරි සහිත ආහාර වර්ග සහ ක්ෂණික ආහාර වර්ග පරිභෝජනය කරනවා ඉතා අඩුය. විවිධ වාරයන් වලට හටගන්නා ගස්වලම් ඉදුණු නැවුම් පලතුරු වර්ග පරිභෝජනය කිරීම ඔවුන්ගේ පුරුද්දයි. දේශගුණය සහ සෘතු වලදී ඔවුන්ගේ ආහාර රටාවන් තරමක් වෙනස් වේ. සීත කාලයේදී සාම්ප්‍රදායික ලෙස මස් වර්ග, මාලු වර්ග, උණුසුම් පාන වර්ග සහ සුප් වැනි දේ පරිභෝජනය කරති. උණුසුම් ගිම්හානයේදී ඔවුන් සිසිල් සුප් වර්ග, මුහුදු ආහාර, සලාද වර්ග සිසිල් මාලු ආහාර පරිභෝජනය කරති.

02. ආහාර පිසින ක්‍රම

අධික උෂ්ණත්වයේ තැම්බීම (ඉස්‍ටු දැමීම), ග්‍රිල් එකක ආහාර පුලුස්සා ගැනීම, වාෂ්පයෙන් තම්බාගැනීම හෝ අඩු තෙල් ප්‍රමාණයකින් විශේෂ බඳුන් වල ආහාර බැද ගැනීම වැනි ක්‍රම ඔවුන් භාවිතා කරති. වඩාත් ඉක්මනින් පිසගැනීම පහසු වීමට එළවළු පෙති ලෙස කැබලිකරගනිති.මෙම ආහාර පිසීමේ ක්‍රම වල ඇති වැදගත්කම වන්නේ ඒ හරහා ආහාර වල ගුණාත්මක බව සහ පෝෂණය නොනැසී ආරක්ෂා වීමයි. එළවළු තැම්බීමෙන් ලැබෙන සාරය වෙනත් ආහාර වර්ග රසකරගැනීමටද භාවිතා කරති. ඔවුන් කුළුබඩු වර්ග භාවිතයේදී වඩාත් ප්‍රවේශම් වෙති. ආමාශයට, අක්මාවට සහ වකුගඩු වලට හානිවිය හැකි බැවින් සැර අධික ලෙස කුළුබඩු භාවිතා නොකරති. ආහාර වඩාත් සැහැල්ලු ලෙස පිසගනිති. ආහාර වල ස්වභාවික පෙනුම, රසය සහ වර්ණය ආරක්ෂා වන සේ ආහාර මද වශයෙන් පිසගැනීම සිදුකරති.

03. ආහාර ගැනීමේ සංස්කෘතිය

ආහාර ගැනීම එරට සම්ප්‍රදායට අනුව තවත් එක් චාරිත්‍රයකි. ඔවුන් ආහාර ගන්නේ ඉතා හෙමීටය. කුඩා බඳුන් වලට දමාගෙන ආහාර කුඩා කැබලි ලෙසත් ආහාරයට ගනිති. ආහර වල රසය සහ පෙනුම ‍රැකෙන සේ පිසගැනීමට උනන්දු වෙති. එබැවින් ආහාර සැරසීම වැනි දේ ඔවුන් අතින් සිදුවන්නේ කලාතුරකිනි. විවිධ ආහාර වර්ග වෙනත් වෙනත් බඳුන් වල තබා තිබෙන අතර එක් බඳුනක සියල්ල දමාගන්නේ නැත. ආහාර බඳුන පිරෙන තුරු ආහාර එහි පුරවා නොගනිති. මේ ක්‍රමය නිසා වැඩියෙන් ආහාර ගැනීම ස්වභාවිකවම පාලනය වේ.

04. පාන් වෙනුවට අනුභව කරන්නේ බත් ය.

සෑම ආහාර වේලකදීම බත් යනු නොවරදින ආහාරයකි. ඒවා ලුණු හෝ බටර් මුසු නොකරමින් පිලියෙල කරගනිති. බර ආහාර වර්ග අඩංගු නොවන නිසා ඔවුන්ගේ සිරුරු මහත් මනා හැඩයකින් පවත්වාගැනීම පහසු වී තිබෙන බව පෙනේ.

05. දවසේ ප්‍රධාන ආහාර වේල ලෙස සැලකෙන්නේ උදෑසන ආහාරයයි

ජපානයේ විශ්වාසය අනුව උදෑසන ආහාරය තමයි දවසේ වැදගත්ම ආහාර වේල වන්නේ. ඔවුන් උදැසන ආහාර වෙලට විවිධ ආහාර වර්ග පිලියෙල කරගනිති. සාමාන්‍යයෙන් මාලු, බත්, ඔම්ලට්, මිසෝ සුප්, කොළ වර්ග මුසු කල සෝයා බඳුනක්, මුහුදු පැළැටි වලින් සැකසූ ආහාරයක් සහ ග්‍රීන් ටී පානයක් නොවරදීම බොහෝ විට එහි අන්තර්ගත වන ආහාර අතර වේ.

06. පැණිරස අතුරුපස අනුභව ඉතා විරල දෙයකි

ජපානයේ ආහාර වලින් පසු අතුරුපස අනුභව කිරීම කලාතුරකින් සිදුවන්නකි. ඔවුන් පැණි රස ආහාර කෙරෙහි ඇති අපේක්ෂාවන් තරමක් වෙනස්ය. ඔවුන් මෝචි නම් බත් වලින් සකසන විශේෂ අයිස් ක්‍රීම් වර්ගයක් සකසති. ඔවුන්ගේ බොහෝමයක් අතුරුපස වර්ග වල මේද සහ සීනි අඩංගු ඉතා අඩුවෙන් යොදා තිබේ. ඒවායේ රස බටහිර අතුරුපස වලට වඩා හාත්පසින් වෙනස්ය.