ජනප්‍රිය රංගන ශිල්පිනී නිපුනිකාගේ වෙඩින් ප්‍රීශූට් එකේ නොදුටු දසුන් මෙන්න

නිපුනිකා හේවාගමගේ බොහෝ දෙනාගේ හද බැඳගත් ආදරණීය චරිතයක්. ටෙලි නාට්‍ය නිළියක වගේම රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක ලෙසත් අපි හමුවට එන නිපුනිකා නිතර නිතර දකින්න ලැබෙන චරිතයක් නම් නෙවෙයි.

නිපුනිකා කියන්නේ වරකට එක නිර්මාණයක් පමණක් බාරගන්නා නිළියක්ද?

මේ දවස්වල නම් මම අහස් මාළිගා ටෙලි නාට්‍යයට විතරයි වැඩ කරන්නෙ. ඊට අමතරව රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ම ඉදිරිපත් කරනව. කලින් කරල
නතර කරලා තිබුණ ටෙලි නාට්‍යයක ඉතිරි කොටස්වල රූගත කිරීම මේ මාසයේ පටන් ගන්නත් නියමිතයි. කොහොමත් මම ටිකක් තෝරා බේරාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන කෙනෙක්. මේ කාලයේ මට ගැළපෙන චරිතයක් ලැබුණෙත් නැහැ. ඒ නිසා ටිකක් ඈත්වෙලා හිටියා,

මේ විදියට චරිත තෝරාගැනීමේ පදනම කුමක්ද?

මට සාදරනයක් කරන්න පුළුවන් කියලා හිතෙන පරාසයක චරිත විතරයි මම තෝරගන්නෙ. අනිත් කාරණය මම කරන චරිතයක් කිසිම අපහසුවකින් තොරව අපේ ගෙදර කට්ටියට එකට් වාඩිවෙලා නරඹන්න පුළුවන් වෙන්න ඕන. අපේ පවුලෙ අය ගොඩක් සමීපයි. මට මල්ලි කෙනෙක් ඉන්නව. අපි හැදුන වැඩුණ පරිසරය අනුව මම කරන දෙයින් ඒ අයට පුංචිම පුංචි හානියක්වත් නොවෙන චරිත පමණයි මම බාරගන්නෙ.

ඔබ ඔය කියන විදියේ අර්ථවත් චරිත අද ටෙලි මාධ්‍ය තුළ දුර්ලභයි නේද?

දැන් හැදෙන ටෙලි නිර්මාණවල ඒ වගේ චරිත ගොඩක්ම අඩුයි. හැබැයි මටනම් ක්ෂේත්‍රයට ආපු මුල්කාලෙ ඉඳන් වෙනස් වෙනස් චරිත ලැබුණා. ගැමි චරිත අහිංසක චරිත දඟකාර චරිත මට කරන්න ලැබුණා. ඔය කොයි චරිතය කළත් අපි දැනගන්න ඕන ඒකට අනුතගවෙලා කරගෙන යන්න. අපි ඒ වෙලාවට චරිතය තුළ ජීවත් වෙන නිසා තමයි රසිකයන් චරිතයට ආදරය කරන්නෙ. අහස් මාළිගා නාට්‍යයේ මම කරන චරිතය මුල්කාලෙ හරිම නපුරුයි. ඒ කාලෙ මම හරියට දොස් ඇහුවා. සමහර අය පාරෙ තොටේදි මට බනින්නත් ගත්තා. අපි කරන චරිතය නිසි සංයමයකින් කරනව නම් ඒ චරිතයට ගොඩක් හොඳ සාදාරණයක් කරන්න අපිට පුළුවන්,

ජනප්‍රිය නිළියක් වුවත් මාධ්‍ය තුළ ඔබේ පුද්ගලික තොරතුරු අඩුවෙන් දකින්න ලැබෙන්නේ ඇයි?

මම සාමාන්‍යයෙන් ගොසිප් හදා ගන්න කැමති නැති කෙනෙක් සහ එහෙම මං ගැන කතාකරන්නතරම් වැරද්දක් දෙයක් නැහැ. මාව වැඩකදි හමුවුණත් සාමාන්‍ය විදිහට හමුවුණත් මම මෙහෙමමතමයි. මට හංගන්න කිසිම දෙයක් නැහැ.

නිපුනිකා ඔබේ විවාහය සිදුවෙන්න නියමිතයිද?

ඔව්, මගේ ජීවිතයෙ හැම දෙයක්ම මට ලැබෙන්න ඕන කාලෙදි හොඳම විදිහට ලැබුණා. ඇත්තටම ඒ පිලිබඳ මට ගොඩක් සතුටුයි, අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරෙයි අපි අතර ඉතා හොඳ අවබෝදයක් තියෙනවා රටේ තියෙන ප්‍රශ්නෙත් එක්ක ලොකු උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් නෑ අපි දෙන්නම කොහොමත් ඒවාට වැඩිය ආසා නෑ සරලව චාම්ව විවාහ උත්සවය පවත්වන්න තමා හිතන් ඉන්නේ…

ඉතින් අප සමග මෙතෙක් වෙලා තොරතුරු බෙදාගත්ත නිපුනිකා හේවාගමගේ ඇයගේ Wedding Preshoot ඡායාරූප පෙල අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මේ එම ඡායාරූප කිහිපයක්