ජනප්‍රිය නිලි ධනංජි තාරුකා සුදම් සමග ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 30ක්

දඟකාර කටකාට හැඩකාර රංගන ශිල්පිනියන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ධනංජි තාරුකා කියන්නේ. ඒ වගේම ලංකාවේ බොහොමයක් රංගන ශිල්පිනියන්ගේ යහළු මනාලිය විදියට හිටපු කෙනෙක් තමයි ධනන්ජි. පුංචි තිරයේ ගොඩක් ජනප්‍රිය චරිතයක් වුන ධනන්ජි ‘එක දවසක අපි’ ‘වැලි පවුරු’, ‘සීමා නෑ ආකාසේ’, ‘නිහඬ සෙවනැලි’ වැනි සිනමාපට හරහාත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක් බවට පත්වුනා. ඒ වගේම ධනන්ජි කියන්නේ ගොඩක් දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්.

ඉතින් ධනංජි කළා ලෝකයට පිවිසුන ආකාරය පිලිබඳ අපට කිවුවේ මෙහෙමයි. ”මම පාසල් කාලේ ඉඳලම රංගනයට දක්ෂ කෙනෙක්. මම ඉගෙනගත්තේ කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්. ඒ කාලෙදිත් මම නිතරම පාසල් කලා කටයුතුවලට දායක වුණා. ඔය අතරේදි මට අහම්බෙන් වගේ රුවන් අධිකාරි කියන ඡායාරූප ශිල්පියා මුණගැහුනා. ඔහු ගත්තු ඡායාරෑප කිහිපයක් නිසා මට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊටපස්සේ මට වෙළඳ දැන්වීම් වලට සහ ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා.” කියලයි. ඒ වගේම ධනන්ජි විවාහ වෙන්නේ සුදම් එක්ක ඒ 2019 වසරේදී. ඉතින් ඇය දැන් සුදම් සමග ගෙවන ජීවිතය පිලිබඳ අපිට කිවුවේ මෙහෙමයි ” සුදම් කියන්නේ ගොඩක් හොඳ සැමියෙක් ඉතින් අපි ගොඩක් සතුටින් ඉන්නවා. අපි දෙන්නගේ ජීවිතය විවාහයත් එක්ක වෙනස් වුණා. හැබැයි එහෙමයි කියලා මගේ කලා කටයුතුවල කිසිම වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඒ ගැන හොඳ අවබෝධයක් සහ විශ්වාසයක් සුදම්ට තිබෙනවා. ඇත්තටම සුදම් එක්ක ගතකරන ජීවිතය හරි අපූරුයි. මම ගොඩක් ආසයි ඒ ජීවිතේට” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන ධනන්ජිගේ අපුරු පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.