ජනප්‍රිය ගායක සන්තුෂ් වීරමන් හදිසියේ රෝහල් ගතකරයි දැන් තවත්වය මෙන්න

ලංකාවේ අංක එකේ ගායක යුවලක් තමයි භාතිය සහ සන්තුෂ් කියන්නේ. ගීත ඇල්බම් ගණනාවක් හරහා ලාංකේය තාරුණ්‍යයේ සිත් වශී කරගත් මේ දක්ෂ ගායකන් දෙදෙනා 1998 වසරේ ඉඳල අද වෙනකන්ම ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. පොප්, ආර් ඇන් බී, හිප්-පොප් ප්‍රභේදයන්වල ගීත ගායනා කරන මේ යුවල, මේ වනවිට සම්මාන ගණනාවක්ම දිනාගන්න සමත්වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ රසික ආදරේ ඉහලින්ම ලැබෙන මේ යුවලගේ එක් අයෙක් වන සන්තුෂ් වීරමන් සමග අපි ටිකක් කතා කරන්න හිතුවා. ‘BNS’ සුසංයෝගයට දැන් ගොඩක් වයසයි ඉතින් භාතියගේ සහ සන්තුෂ්ගේ බැඳීම තවමත් ඒ විදියටම තියෙනවද කියලා අපි අහපු පැනයකට සන්තුෂ් වීරමන් දුන්නේ මේ වගේ පිළිතුරක් ”ඉස්සර වගේම තමයි. අපි දෙන්නගේ මේ සහෝදර බැඳීමට දැන් අවුරුදු 25කට කිට්ටුයි. එදා වගේම අදත් අපේ රට තුලත් රටින් එපිටත් තව අළුත් දේවල් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා” කියලයි.

හැමෝටම තියෙන ප්‍රශනයක් තමයි ඕනෑම යාළුවෙක් වුනාම කාලෙන් කාලෙට ඔවුන් අතර විවිද ගැටළු ඇතිවෙනවා, ඉතින් බාතිය සහ සන්තුෂ් අතර මේ වගේ ගැටළු ඇතිවෙන්නේ නැද්ද කියන එක. ඉතින් ඒ පිලිබඳ සන්තුෂ් කිවුවේ මේ වගේ කතාවක් ”මෙහෙමයි එහෙම නැත්තෙමත් නෑ සාකච්ඡාවලදී අපි දෙන්නගේ සමහර මත වෙනස්. ඒ හැරෙන්න වෙන දේවල් නෑ. අපි දෙන්නට දෙන්නා වැරද්දක් වංචාවක් කරගෙන නෑ. අමනාප වුනානම් ඒ මත වලට විතරයි නමුත් ඒක අපේ මිත්‍රත්වයට බාදාවක් කරගන්නේ නෑ. අපේ පවුල ගත්තත් එහෙමයි. අපි නිතරම හමුවෙනවා. අපේ බිරින්දෑවරු වගේම අපේ ළමයිනුත් ගොඩක් එකමුතුයි.” කියලයි.

කොහොම වුනත් මේ කාලය අපේ කළා ලෝකයේ කළා කරුවන් පිලිබඳ සුබ ආරංචි ගොඩක් අඩුවෙන් අහන්න ලැබෙන කාල වකවකවානුවක්, රටේ පවතින තත්වයත් එක්ක අපි හැමෝම ගොඩක් ආදරේ කරන ‘BNS’ කණ්ඩායමේ ප්‍රධානියෙක් වන භාතිය ජයකොඩි පසුගිය කාලයේ රෝහල් ගත කරලා තිබුනා, දින ගනාවක් රෝහල් ගතව සිටි ඔහු සුවවී නැවත නිවසට පැමිණියා, නමුත් මේ වනවිට ‘BNS’ කණ්ඩායමේ අනිත් ප්‍රභලයා, මේ දිනවල බහුලව පවතින රෝගට ගොදුරුවී අද රෝහල් ගත කරලා තියෙනවා, ඔහු මේවනවිට පුද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානය ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ වගේම ඔහුගේ තත්වය සාමාන්‍ය තත්වයට ගන්න වෛද්‍යවරයන් උත්සාහ කරගෙන යනවා කියලත් අපට නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ දැනගන්න ලැබුනා. ඉතින් අපි හැමෝම ආදරේ කරන සන්තුෂ් වීරමන්ට ඉක්මන් සුවය ලැබෙන්න කියලා අපිත් ප්‍රර්ථනා කරමු නේද..?

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.