‘ජනප්‍රියත්වය නිසා යෝහානි දේශපාලනයට ඒවිද’ ලෝකෙම කතාවන ගායිකාව දැන් කියන කතාව

මේ දිනවල ලංකාවේ වගේම ලෝකෙම ජනප්‍රිය වෙලා තියෙන ගීතයක් තමයි ‘මැණිකේ මගේ හිතේ’ කියන ගීතය. ලංකාවේ නවක ගායන ශිල්පියන් දෙදෙනෙක් වන සතීශාන් සහ චමත් සංගීත් විසින් නිර්මාණය කල මේ ගීතය, මේ දෙදෙනාගේ ආරාධනයක් මත ලංකාවේ නවක ගායන ශිල්පිනියක් වන යෝහානිද සිල්වා විසින් ගායනා කරනවා.

යෝහානි විසින් ගායනා කල මෙම කවර් ගීතය මේ වනවිට යුටියුබ් හරහා නැරඹුම් වාර මිලියන 150 පසුකරලා තියෙනවා, ඒ වගේම මේ වනවිට ලංකාවේ වැඩිම විවුස් සහිත ගීතය වන්නේත් යෝහානි විසින් ගායනා කල මැණිකේ මගේ හිතේ කවර් ගීතයයි. ලෝකේ රටවල් ගණනාවකම ජනප්‍රියවුන මේ ගීතය නිසා යෝහානි ඉන්දියාවේ ප්‍රසංග ගණනාවකටම සහබාගී වුනා.

ඒ වගේම ලෝකේ බොහොමයක් නරඹන ඉන්දියාවේ ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිත අමුත්තියක් ලෙසත් ඇයට ආරාධනා ලැබිලා තිබුනා. ඒ වගේම ඉන්දියාවේ ප්‍රසංග ගණනාවකම ඇය මේ ගීතය ගායනා කරලා තිබුනා ඒ විතරක් නෙවෙයි ඇය විසින් ලංකාවේ ගීත ගණනාවක්ම ඉන්දියාවේදී ගායනා කරලා තිබුනා.

ඒ විතරක් නෙවෙයි මාලදිවයිනේ ජාතික ෆුට් බෝල් කණ්ඩායමේ මේවර තේමා ගීතය නිර්මාණය වෙලා තියෙන්නෙත් ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ තනුවටයි. කොහොම වුනත් ඉන්දීය සංචාරයෙන් පසුව ලංකාවට පැමිණි යෝහානිගෙන් ලංකාවේ මාද්‍යවේදියෙක් අහපු පැනයටක ඇය දුන්නේ මේ වගේ පිළිතුරක් මේ ලැබුන ජනප්‍රියත්වය එක්ක යෝහානි දේශපාලනයට එනවද? ”නෑ නෑ, කොහොමටවත් නෑ. මම ආටිස් කෙනෙක්, සංගීතය හදාරන කෙනෙක් ඉතින් ඒ මට ඇති” කියලයි,

ඉන්දීය සංචාරයෙන් පසු ප්‍රසංග ගණනාවක් සඳහා ඇයට ලෝකේ රටවල් රැසකින් ආරාධනා ලැබිලා තියෙනවා කියලත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරලා තිබුනා, ඒ වගේම ඇයගේ මීළඟ විදේශ සංචාරය යෙදී තියෙන්නේ ඩුබායි රාජ්‍යයට කියල ඇය මාද්‍ය හමුවේ ප්‍රකාශ කරලා තිබුනා. ඉතින් ලංකාවේ ගීතයක් ජාත්‍යන්තරයට රැගෙන ගිය යෝහානිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.