ජංගම දුරකථනය නිසා ඔබේ සිරුරේ සිදුවන වෙනස්කම් 7ක් මෙන්න

අද කාලයේ බොහෝ දෙනෙක්ට ස්මාර්ට් දුරකථනයක් තිබෙනවා. ස්මාර්ට් දුරක්ථනය නිසා අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු ගොඩක් පහසු වී තිබෙන බව කියන්න පුලුවන්. හැබැයි, ස්මාර්ට් දුරකථන භාවිතයේ සෘණාත්මක පැතිකඩකුත් තිබෙනවා. ඒ තමයි ඇතැම් අය ඊට ඇබ්බැහිවි තිබීම. ඇස්තමේන්තු වාර්තා වලට අනුව පුද්ගලයෙක් සතියකින් එක් සම්පූර්ණ දිනයක් දුරකථනය භාවිතා කිරීමට වැය කරන බව හෙලි වී ඇත. මෙම ඇබ්බැහිය ඔබ නොසිතූ විරු ආබධ ඔබට ලඟා කරවන්නේ ඔබටත් නොදැනීම විය හැකියි. ඔබත් දවසේ වැඩිවෙලාවක් ස්මාර්ට් දුරක්ථනය අතේ තියාගෙන බෙල්ල නවාගෙන එය භාවිතා කරමින් කාලය ගත කරන කෙනෙක් නම් මේ වගේ රෝගාබාධ තත්වයන් ඔබටත් මතුවිය හැකි අවදානම වැඩි බව මතක තබාගැනීම නුවණට හුරුයි.

01. iPosture හෙවත් කොන්ද සහ බෙල්ල කුදු කරගෙන සිටීම නිසා ඇති වන තත්වය

ස්මාර්ට් දුරකථනය හෝ ලැප්ටොප් පරිගණකය භාවිතා කරන විට අප කොන්ද කුදු කරගෙන සිටින ඉරියව්ව හැඳින්වෙන නමයි. එයihunch (කුදය) නැතිනම් text neck යනුවෙන් ද හඳුන්වයි. මෙම ඉරියව්වෙන් සිටින විට කොන්ද පහළ අතට වඩාත් ඉදිරියට නැවී තිබීම මෙන්ම බෙල්ල වඩාත් ඉදිරියට ඇදී නැවී තිබීම නිසා ඒ ආශ්‍රිත මාංශ පේශින් දුර්වල වීම වගේම වේදනාව-කැක්කුම හටගැනීමට පටන්ගනියි.

මෙය වළක්වාගත හැකි ආකාරය: උපාංග සහ මෙවලම් භාවිතයේදී කොන්ද ඉදිරයට නැවීම, කුදුවීම , සිරුර ඇදීමකට ලක් කිරීම සිදුනොකරන්න. එම උපාංග ආදිය ඇස් මට්ටමට ගෙන භාවිතා කරන්න හුරු වන්න.

02. Smartphone pinky ආබාධ තත්වය

ඔබේ ප්‍රධාන නැතිනම් හුරු අතේ සුලැඟිල්ල (pinky finger) පෙනුමින් වකු‍ටු වී හෝ අසාමාන්‍ය ස්වභාවයක් ගෙන තිබෙනු දැකිය හැකි නම් මෙම සංසිද්ධිය smartphone pinky නමින් හැඳින්වන තත්වය විය හැකියි. මෙය ස්වභාවික සහ තාවකාලිකව ඇතිවන්නක් සේ සලකන තත්වයක් වුවද ඉන් ඔබට ඇති විය හැකි සෘණාත්මක බලපෑම් ඇත. උදාහරණයක් ලෙස එකම ඉරියව්වකින් දුරකථනය බොහෝ වෙලාවක් අල්ලාගෙන සිටීම නිසා ඔබේ අත්ලේ, ඇඟිලි වල සහ බාහුවේ  මාංශ පේශීන් වඩාත් ඇදීමකට ලක්විම සහ තෙහෙට්‍ටුවට ලක්වීම සිදුවිය හැකි අතර ඉන් ස්නායු වලට හානි වීම පවා සිදුවිය හැකියි. මෙම තත්වය ඇතිවීම වළක්වාගැනීමට නම් ඔබේ අත් වලට දිනපතා ව්‍යායාම ලබාදෙන්න. අත් එකිනෙක පටලවා ඇඟිලි වඩාත් හොඳින් ඇදෙන සේ ව්‍යායාම සිදුකරන්න.

03. Cell phone elbow ආබාධ තත්වය

මෙය Tech arm ලෙසත් හඳුන්වනු ලබන අතර කාර්පල් ටනල් සින්ඩ්‍රෝමය හඳුන්වන නිල නොවන වෛද්‍ය නාමයයි.කාපල් ටනල් යනු අත්ලේ ඇති අස්ථි සහා අස්ථි බන්ධන වලින් වටවූ ඉතා ප‍ටු මාර්ගයකි.මෙහි ඇති මධ්‍යම ස්නායුව සම්පීඩනයට ලක්වූ විට අතේ හිරි වැටීම, ක‍ටු අනින ගතිය සහා අත්ලේ සහා බාහුවේ අප්‍රාණිකත්වය ඇතිවේ. මෙම සින්ඩ්‍රෝම තත්වයේ පූර්ව රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ මහපටැඟිල්ල, දබ‍රැඟිල්ල සහා මැදැඟිල්ල මඟිනි. දෛනිකව පුරුද්දක් ලෙස හෝ ‍රැකියාවේ කොටසක් ලෙස නැවත නැවත සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් වල පීඩනයෙන් නිසා අතේ කණ්ඩරාවන් ඉදිමීමට පටන් ගනියි. එවිට අත අප්‍රාණික වී හිරිවැටීමට පටන් ගනියි.අතේ සන්ධි කොටස් හොඳින් ඇදෙන සේ ව්‍යායාම සිදුකිරීම සහා දුරකථනය භාවිතා කරන කාලය අවම කිරීම මඟින් මෙවැනි සින්ඩ්‍රෝම තත්වයන් ඇතිවීම වළක්වාගත හැකිය.

04. Text claw නම් පීඩාකාරී තත්වය

ඔබට ඔබේ ඇඟිලි වල තෙරපුමක් හෝ මාංශ පේශීන් වල දැඩි වේදනාවක්-කැක්කුමක් දැනෙයි නම් ඇය ඇතැම් විට ඔබට  Text claw  තත්වය ඇතිවී තිබෙන බව අනුමාන කල හැකියි. මෙය කියුබිටල් ටනල් සින්ඩ්‍රෝමය (Cubital tunnel syndrome) හෙවත් රත්නීය ස්නායුවට ඇතිවන දැඩි තෙරපුම සහ එය ඇදීමට ලක්වීම හේතුවෙන් අත අප්‍රාණික වීම, හිරි වැටීම හෝ බාහුවේ මාංශ පේශීන් දුර්වල වි යාමේ තත්වයයි. මෙම තත්වය හටගැනිම වළක්වාගැනීමට උපාංග ආදිය භාවිතා කිරීමේදි ඔබ සිටින ඉරියව්වන් නිතර වෙනස් කරන්න. ඇමතුමක් ගන්නා විට headset එකක් භාවිතා කරන්න. අත් වලට  ස්ට්‍රෙචිං ව්‍යායාම  ලබාදෙන්න. උණුසුම් හෝ සිසිල් පැක් වර්ග වලින් අත් සම්බාහනය කරගන්න.

05. Texting thumb නම් පීඩාකාරී තත්වය

මෙය මහපට ඇඟිල්ලේ කණ්ඩරාව ප්‍රදාහයට ලක්වීමේ තත්වයයි.එහිදී ඇඟිලි පුරුක් වටා වේදනාව හටගැනීම සිදුවීම හෝ සම මතුපිට අනින සුලු ස්වභාවයක් දැනීම සිදුවිය හැකියි. ප්‍රමාණයෙන් කුඩා දුරකථන භාවිතය නිසා බොහෝ දුරට මෙය හටගනියි. මෙම තත්වය ඇතිවිම වළක්වාගැනීමට දුරකථනය භාවිතා කරමින් සිටින අතරේ සුලැඟිල්ලේ පීඩනය ඉවත්වීම පහසු වන සේ යම් accessory එකක් භාවිතා කිරීම සහ දුරකථනය සිරස් අතට අල්ලාගෙන දිගු වෙලාවක් නොසිටීම සුදුසුය.

06. computer vision syndrome නම් දෘෂ්ටිය හා සම්බන්ධ සින්ඩ්‍රෝමය

දවස පුරා පරිගණක සහ දුරකථනය භාවිතා කරමින් ‍රැකියාව සිදුකරන පුද්ගලයින් හට ඇස් වල පෙනීම සම්බන්ධ ගැටලු වලට මුහුණ දීමට සිදුවන අවදානම ඉතා වැඩිය. ඩිජිටල් තිරයේ වැඩි ආලෝකය නිසා ඇසට හානිවීමත් සමඟ ඇස් ශීඝ්‍රයෙන් වෙහෙසට පත්වීම, හිසරදය තත්වයන් ඇතිවීම, ඇස් වල වියළි බව ඇති වීම සහ දේවල් බොඳවී පෙනීමට පටන් ගැනීම වැනි ආබාධ වලට ගොදුරු වීම සිදුවේ. මෙම තත්වය හඳුන්වන්නේ computer vision syndrome නමිනි. මෙම අක්ෂී ආබාධ ලක්ෂණ පහළ වීම වළක්වාගැනීමට විශේෂ කාච සහිත කණ්ණාඩි යුගලක්  හෝ අක්ෂි කාච පැලඳීම සිදුකල හැකියි. එමෙන්ම ඔබේ ‍රැකියා ස්ථානයේ මේසය වඩාත් නිවැරදි ඉරියව්වකින් සහ ඔබට පහසු ආකාරයෙන් වෙනස්කම් සිදුකරමින් සකස් කරගැනීමට උත්සහ කරන්න.

07. හදිසි පිපිරීම් නිසා සිදුවිය හැකි පිලිස්සිම්

මෙම ලැයිස්තුවේ ඇති භයානකම අනතුර වන්නේ මෙයයි. එනම් දුරකථනය කොට්ටයට යට තබාගනිමින් නින්දට යාම හෝ දුරකථනය ඇඳ අසල charge වෙමින් තිබෙන විට නින්දට යාම ඉතා භයානක අනතුරක් වුවද ඇති විය හැකි අහිතකර පුරුද්දකි.ඔබ එසේ දුරකථනය charge වෙමින් තිබියදි නින්දට ගිය අවස්ථාවක දුරකථනය පුපුරා යාමට පවා ඉඩ ඇති අතර ඉන් ඔබට අනපේක්ෂිත ලෙස පිලිස්සුම් තුවාල ඇතිවිය හැකියි. එබැවින් දුරකථනය මෙසේ අනාරක්ෂිතව ඔබ අසල තබානොගැනීමට සැලකිලිමත් වන්න.