චුයින්ගම් ආහාරයට ගන්න එපා…!

චුයින්ගම් කියන්නේ ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය රසකැවිල්ලක්. එහි ඉතිහාසය වසර 10,000 ක් පමණ පැරණියි. චුයින්ගම් ආහාරයට ගැනීම යම් දුරකට දන්ත සෞඛ්‍යයට වැදගත් බවත් ටිකක් විතර සිරුරේ බර අඩු කරගන්නත් ප්‍රයෝජනවත් වන බවටත් මතය්ක් තිබෙනවා. හැබැයි, මෙහෙම සඳහන් වුණාට එක දිගට ගොඩක් චුයින්ගම් කන්න පටන් ගන්න එකනම් කිසිසේත්ම ඔබේ සිරුරට හිතකර වන්නේ නම් නැහැ. මොකද හිතකර දේවල් වුණත් ප්‍රමාණාත්මකව සහා නිවැරදිව උපයොජනය කරන ආකාරය ගැන දැනුවත්කමක් නොමැති වීමෙන් ඉන් ඇති විය හැකි යහපතට වඩා අහිතකර බලපෑම් වැඩිවිය හැකියි, විශේෂයෙන්ම ඔබේ සෞඛ්‍යට. “ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනම නෑ” කියලා කතාවක් ඔබත් අහලා ඇතිනේ! චුයින්ගම් ආහාරයට ගන්නා විට මේ කරුණු ගැනත් දැනගෙන සිටීම ඔබේ සෞඛ්‍යය මනාව පවත්වාගැනීම සඳහා ප්‍රයෝජනවත් වේවි.

අධික ලෙස චුයින්ගම් ආහාරයට ගැනීම හේතුවෙන් ඔබේ හකු ප්‍රදේශයේ පිහිටි මාංශ පේශීන් විශාල වියහැකියි.

විශේෂඥයින් පවසන්නේ දිනපතාම අධික ලෙස චුයින්ගම් ආහාරයට ගැනීම පුරුද්දක් වීම හේතුවෙන් එම පුද්ගලයාගේ මුහුණේ ලක්ෂණ පෙර නිර්ණය කල නොහැකි සේ වෙනස් වීමට පටන් ගත හැකි බවයි. උදාහරණයක් ලෙස ඇතැම් අයෙකුගේ හනුව හත‍රැස් ස්වරූපයකට පත්විය හැකියි (square jaw line). ඒ වගේම තමයි වැඩි වශයෙන් චුයින්ගම් ආහාරයට ගන්නා විට හකු ප්‍රදේශයේ ඇති මාංශ පේශීන් අධික ලෙස විඩාවට පත්වීම (overstrain) නිසා ඒවා විශාල වීම සහා මෙම පුරුද්ද නිසා හිසරදය වැනි පීඩා තත්ව මතුවීම සිදුවිය හැකියි. මෙය වැඩිවශයෙන් නව යොවුන්වියේ පසුවන්නන් තුල දැකිය හැකි ලක්ෂණ වේ.

මින්ට් රසැති චුයින්ගම් ආහාරයට ගැනීම නිසා ක්ෂණික ආහාර (junk food) වලට ඇති ප්‍රියතාවය වැඩි වී යාහැකියි.

දිනපතා කෙටි ආහාරයක් (ස්නැක් වර්ගයක්) ගැනීමට ප්‍රථම පුරුද්දක් ලෙස මින්ට් චුයින්ගම් ආහාරයට ගන්නේ නම් එම පුද්ගලයා තුල ස්නැක් වර්ගයට වඩා ක්ෂණික ආහාර වර්ගයක් රසවිඳීමට ප්‍රියතාවයක් වර්ධනය වන බව 2013 වසරේ සිදුකල අධ්‍යනයකින් හෙලි වී තිබුණි.මෙසේ සිදුවන්නේ චුයින්ගම් වල අඩංගු ‘මෙන්තෝල්’ වල ඇති තිත්ත රසය ස්නැක් එකක් ලෙස ඔබ රසවිඳින පලතුරු කැබලිවලට එක්වීමයි. ඇතැම් පුද්ගලයින් විසින් චුයින්ගම් රසවිඳ දිවේ ඉතිරි වන රසය ඉවත්කරගැනීම සඳහා ආදේශක ලෙස පෙර සකස් කර ඇති හැම්බර්ගර්, චිප්ස් ආදි සෞඛ්‍යට එතරම් හිතකර නොවන ක්ෂණික ආහාර අනුභව කිරීමට පෙලඹෙන බව ද ඔවුන් විසින් පෙන්වා දෙති.

සීනි-රහිත චුයින්ගම් ආහාරයට ගැනිම මඟින් බඩපිපුම ඇති විය හැකියි.

මෙවැනි තත්වයක් හටගැනීම සඳහා බලපෑ හැකි හේතු 2 කි: පළමු හේතුව, ඔබ චුයින්ගම් එකක් සපන විට ඒ සමඟ වාතය ද ගිලීම සිදුකරන නිසා බඩේ පිපුම ඇතිවිය හැකියි. දෙවන හේතුව වන්නේ, සීනි අඩංගු නොවන චුයින්ගම් නිෂ්පාදනයේදි බහුලව භවිතා වන සීනි රසකාරක (sugar alcohol) අන්තර්ගත වීමයි. මෙවැනි රසකාරක ජීර්ණයට පත් නොවුණද ඒවා දිගු කාලයක් ආමාශයේ ‍රැඳි තිබෙන්නේ නැත. නමුත්, බඩවැල් මාර්ගයේ දි ඇති වන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා ඒවා පැසීමට ලක්වි ආමාශය තුල විශාල බුබුලක් ලෙස ලෙස වර්ධනය වී බඩේ පිපුම ඇති වීමට පටන් ගනියි.

කෘතිම රසකාරක නිසා සිරුරේ ඇති බැක්ටිරියාවන් අසමතුලිත වීයාහැකියි.

ශරිර සුවතාව පවත්වාගැනීම සඳහා සීනි රහිත චුයින්ගම් ආහාරයට ගැනිම බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත ය. නමුත් අධ්‍යනයක් මඟින් පෙන්වා දී ඇත්තේ එවැනි සීනි අඩංගු නොවන චුයින්ගම් සකසා ඇත්තේ කෘතිම රසකාරක භාවිතා කර නම් ඒවා නිතර ආහාරයට ගැනීම මඟින් බඩවැල් තුල සිටින බැක්ටීරියාවන් අසමතුලිත ස්වභාවයකට පත්වීම (dysbiosis) සිදුවිය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථූලතාවය වැඩි කරවන බැක්ටීරියා වර්ධනය ශීග්‍රවත් වියහැකිය. නමුත්, පර්යේෂකයන් විසින් දක්වා සිටින්නේ මෙවැනි තත්වයන් මතුවීම පුද්ගලයාගෙන් පුද්ගලයාට සහා අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්වීම සිදුවිය හැකි බවයි. නමුත්, සිරුරේ හිතකර බැක්ටීරියාවන් සමතුලිතව තබාගත හැකි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කිරීමට මුල් තැනක් දීමට කටයුතු කල යුතු බව ද ඔවුන් පෙන්වා දේ.

බෝනස්: සිරුරට අහිතකර නොවන ලෙස චුයින්ගම් රසවිඳින්නේ කොහොමද?

  • මේ උපදෙස් අනුව චුයින්ගම් ‍තෝරාගත්තොතින් ඔබේ සෞඛ්‍යයට හානි ඇති නොවන ලෙස ඔබ කැමතිම චුයින්ගම් රසබලන්න හැකියාව තිබෙනවා.
  • සීනි රසකාරක අඩංගු චුයින්ගම් ආහාරයට ගැනිම මඟින් ස්ථූලතාවය ඇතිවීමට බලපෑම් ඇතිවිය හැකියි. එබැවින් දත් කුහර ඇති වීම වළක්වාගැනීමේ අරමුණින් මේ වර්ගයේ චුයින්ගම් භාවිතා නොකර සිටීම උචිතය.
  • ප්‍රධාන ආහාර වේලකට පසු සීනි අඩංගු නොවන චුයින්ගම් එකක්ක් මිනිත්තු 20 ක් පමණ හොඳින් සපන්න.
  • දිනකට සෝර්බොටෝල් (sorbitol) අඩංගු චුයින්ගම් කැබලි 14 කට වඩා අනුභව නොකල යුතුය.
  • ඔබ කෘතිම රසකාරක වලට ආඅසාත්මිකතා ඇති හෝ සංවේදීතාවක් දක්වන අයෙකු නම් ‘ක්සයිලිටෝල්’ (xylitol) අඩංගු චුයින්ගම් වර්ග උත්සාහ කරබලන්න. එය ස්වභාවික සීනි මද්‍යසාරයක් බැවින් දත් වල අපහසුතාවන් මතු නොකරන අතර විදුරුමස් වල බැක්ටීරියා ආසාදන මතුවීමද වළක්වයි.