‘ගොඩක් මිනිස්සු මාව ගස්වල නග්ගන්න හදනවා’ ජනප්‍රිය ගායිකා නිරෝෂා කියන කතාව

ලංකාවේ ගායන ලෝකයට විවිද ගායන ශිල්පිනියන් කාලෙන් කාලෙට එකතුව් වෙනවා. නමුත් හදවතේ රැඳෙන ගීත නිර්මාණය වෙන්නේ බොහොම අඩුවෙන්. එත් අපි අද මේ කතා කරන්නේ අපේ කළා ලෝකයට නොමැකෙන මතක සටහන් රැසක් එකතුකළ ගායන ලෝකයේ දැවැන්ත චරිතයක් පිලිබඳ ඇය තමයි නිරෝෂා විරාජිනී. තිස් වසරක අධික කාලයක් කළා ක්‍ෂේත්‍රයේ රැඳී සිටිමින් සම්මානනීය ගායිකාවක වුන ඇය මේ වනවිට හැමෝම ආදරේ කරන චරිතයක් බවට පත්වෙලා. ගොඩක් ජනප්‍රිය කළා කාරිනියන්ට තියෙන ගැටළුවක් තම ‘රසික තදබදය’ කියන්නේ ඉතින් මේ කාරනාව පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මම දන්නවා ගොඩක් මිනිස්සු මාව ගස්වල නග්ගන්න හදනවා කියලා හැබැයි මම කවදාවත් එහෙම ගස් නගින කෙනෙක් නෙවෙයි. මොකද මට මගේ ගැන හොඳ අවබෝදයක් තියෙනවා. මගේ දක්ෂ තාවය පිලිබඳ අවබෝදයක් තියෙනවා ඒ නිසා මාව අන්දන්න ලේසි නෑ” කියලයි.

කොහොම වුනත් නිරෝෂා කියන්නේ ලංකාවේ දේශපාන තත්වය පිලිබඳ කතා කරන චරිතයක් නෙවෙයි එයට හේතුව විදියට ඇය කියන්නේ මේ වගේ කතාවක් ”ඇත්තටම කියනවනම් මම දේශපාලනේ පිලිබඳ කතා කරන්න කැමතිම නෑ. ඒ කාලේ ඉඳලම මම මේ රටේ දේශපාලනය පිලිබඳ කතා කරලා නෑ. දේශපාලනයටත් වැඩිය අපේ රටේ මිනිස්සු ගැන, ආකල්ප අවුලක් විදියටයි මම මේක දකින්නේ හෙට බුදුරජානන් වහන්සේ පහල වුනත් ජේසුස් වහන්සේ පහල වුනත් මේ මිනිස්සු වෙනස් වෙන්නේ නෑ. මේ ආකල්ප අවුලෙන් ප්‍රයෝජන ගන්නේ දේශපාලකයෝ” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන නිරෝෂාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

26.