‘ගොඩක් බදාගෙන කරන්න මම කැමති නෑ’ ලංකාවේ පුංචි කිම් හර්ෂි කියන කතාව

දෙරණ ලිට්ල් ස්ටාර් කියන්නේ රියලිටි කලාවේ නව පෙරලියක් කිවොත් හරි. බොහෝ දක්ෂයින් ⁣රටට දායාද කරන ඒ ගමනෙ බිහි වුන එක චරිතයක් ගැනයි මේ කියන්න ⁣යන්නේ. 2008 වර්ෂයේ දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවේ ජනප්‍රය පුංචි නර්තන ශිල්පිනිය ලෙස කවුරුත් හදුන ගත් ඇය හර්ෂි අංජුමාලා. එදා නර්ථන ශිල්පිනියත් වු ඇය අද රංගන ශිල්පිනියක්. රත්නපුර ප්‍රදේශයෙන් බිහි වු ඒ තරුව ගැනයි මේ කතාව

ඔබ මුලින්ම කලේ නර්ථනය ඉතින් නර්ථනය ඇතැරලද රංගනයට එන්නේ, “මගේ හිතේ කොනකවත් රංගනයට එන්න අදහසක් තිබුනෙ නෑ මම 2008 11 පහළ ජනප්‍රිය නර්ථන ශිල්පිය වුනත් එක්ක විවිධ මාධ්‍ය වල මට වැඩ හම්බවුනා. ඒත් මට උසද් පෙළ නිමවනතුරු කිසි දේකට සම්බන්ධ වෙන්න අම්මා ඉඩ දුන්නේ නෑ. ඊට පස්සේ දෙරණ ලක්සිරි සර්ගේ ආරාධනයකට තමා මම මුලින්ම සිදු ටෙලිනාට්‍යයේ රංගනයට යොමු වෙන්නේ.”

සිදු ටෙලිනාට්‍යයේ ගයනිගේ රංගනයට වඩා වෙනස් චරිතයක් කණාමැදිරියෝ ටෙලිනාට්‍යයේ විහංසා කියන්නේ. මොකද හර්ෂි ඒ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය. ඒ ගැන මොනාද කියන්න තියෙන්නේ, “මුලින්ම කියන්න ඕනි මට ගොඩක් සතුටුයි. සිදු ටෙලිනාට්‍යයේ ගයනිගේ චරිතය රගපාන අතර තුරයි මට කණාමැදිරියෝ ටෙලිනාට්‍යයේ ආරාධනා ලැබෙන්නේ. හිතුවේ නෑ මට ප්‍රධාන චරිය ලැබෙයි කියලා. පිටපත බලද්දි ඇත්තටම මම ඒ චරිතයට කැමති වුනා. තාත්තාගේ ආදරේ අහිමිවිම එක්ක අම්මා එක්ක ජිවිත් වෙන දැඩි චරිතයක්. ඉතින් මේක මට වෙනස්ම අත්දැකිමක්. කොතනට ගියත් මතක් කරන්න ඕනි ලක්සිරි සර් ඇතුළු දෙරණ ටිම් එක. මොකද මාව බිහි කලේ එයාලා.”

ඔබ රංගනය කරන්නේ රැල්ලට යන තරඟයකටද? “අපෝ නෑ. මට කිසි කෙනෙක් එක්ක තරඟයක් නෑ. මම ම⁣ට ලැබෙන චරිතය සාර්ථකව කරනවා. ඒ දෙයින් මම සතුටක් ලබනවා. සමකාලින යොවුන් නිලියන් වන නයනතාර, මනිෂා වගේ අයත් එක්කවත් මට තරඟ කරන්න ඕනි නෑ. ගොඩක් බදාගෙන වැඩ කරන්න මම කැමති නෑ. ඉතින් ලැබෙන දේවල් හරි විදිහට ජනතාවලට දිලා මම චරිත වලට සාධාරණය කරනවා.

මම කවුරු ඉදිරියට ගියත් හදවතින්ම සුබ පතන කෙනෙක්. මේ මගේ ගමනේ ආරම්භයක්. දවසක් අනිවාර්යයෙන් මට උදාවෙයි මගේ නම් සම්මාන උළෙලක කියවෙන. හැබැයි මට තරඟයක් නෑ කොතනකවත්.” ඉදිරියේදි නව නිර්මාණ තුළින්ද ඇයව දැකිය හැකි බවත් දැනට මුලික තැන කණාමැදිරියෝ සිදු ටෙලිනාට්‍යයට දි ඇති බවත් ඇය අප සමඟ කියා සිටියා.