‘මම තමයි ලංකාවේ පුංචි රුක්මනී’ ජනප්‍රිය ගායිකා ටශ්නි කියන කතාව

පිළයන්දල ප්‍රදේශයේ උපත ලද ඇය දෙරණ ඩ්‍රිම් ස්ටාර් හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි අතර ඇය වඩාත් ප්‍රසිද්ධ වන්නේ පුංචි රුක්මනි ලෙසය. නමින් ටෂ්නි චතුරංගි පෙරේරා වන ඇය ගැනයි මේ සොඳුරු කතා බහ. පවුලේ තුන්වෙනියා නැත්නම් පවුලේ බාලයා වන ඇය සංගීත ලෝකයේ මියුරු කට හඩ හිමි රුක්මනි දේවියගේ දෙවනි උපත ලෙස සලකන්නේ ටෂ්නිට පිහිටා ඇති මියුරු නටහඩ නිසාමය.

උපතින්ම ගායක හැකියාව උරුම කරගත් ටෂ්නිගේ ජිවිත කතාව ගැන අපි ඇයගෙන්ම අහන්න හිතුවා. “ගොඩක් අය මට කියන්නේ පුංචි රුක්මනි කියලා. මගේ සියා සංගිතවේදි වික්ටර් දළුගම. පොඩි කාලේ ඉදන් දෙමාපියන් විදේශ ගත වු නිසා මම හැදුනේ ආච්චි අම්මා ළග. ඇය නමින් විජිත කුසුම්. ආච්චි තමා මාව හැම තැනකදිම දිරිමත් කලේ. ගෙදර අය හැමදාම කිවේ හොදට ඉගෙන ගෙන හොද රැකියාවක් කරන්න කියලා. හැබැයි ආච්චි මාව දිරිමත් කරලා ගෙදර අයගෙනුත් අවසර ඉල්ලගෙන මාව පළවෙන රියලිටි තරඟයට ඉදිරිපත් කලා.

ඇත්තටම ඒ තමා මගේ ජිවිතේ පළවෙනි අත්දැකිම. මට ගීත ගායනය විතරයි පුළුවන්. මට හැමෝම රුක්මනි කිවාට ඇත්තටම රුක්මනි දේවිය මහත්මිය ගායනයට රංගනයට සේරටම දක්ෂ කෙනෙක්. මගේ හඬ එතුමියගේ හඬට තරමක් සමීප නිසා වෙන්න ඇති සමහර අය එහෙම කියන්නේ. කොහොම වුනත් එහෙම කියන එක මට ලොකු ගෞරවයක් වගේ දැනෙන්නේ. ඒ වගේ විශිෂ්ට චරිතයක් වගේ කියලා අහන්න ලැබීමත් ලොකු වාසනාවක්” කියලයි.

ටෂ්නි ඇය ගැන කතා කල නිසාම ඇගේ පවුල ජිවතේ ගැනද අහන්න අපි අමතක කලේ නෑ. ඉතින් ඇය ඇයගේ විවාහ දිවිය පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් “මම මේ වෙද්දි විවාහකයි. එයා ගයාන් ධනුෂ්ක. ගයාන් කියන්නේ ව්‍යාපාරිකයෙක් එයාට බිස්නස් දෙක තුනක්ම තියෙනවා. මගේ ජිවිතේ මේ හැමදේකටම උදව් කරන්නේ එයා. මම ආව ගමනේ එයාත් ලොකු හයියක්. ඒ වගේම එයා මම ගැන ගොඩක් හොයනවා. මම ඉක්මනින් ⁣කේන්ති ගන්න කෙනෙක්, අහයි ඒ අනවශ්‍ය දේවල් වලට නෙවෙයි. හැබැයි මට කේන්ති ගියාම මාව පාලනේ කරගන්නේ එයා. ඇත්තටම ගයාන් වගේ සැමියෙක් ලැබුනේ මගේ වාසනාවට ” කියලයි. ඉතින් ඉදිරියේදි තවත් නිර්මාණ තුළින් ජනතාවගේ ආදරය මෙන්ම ජනතාවගෙ හදවත් දිනාගන්න හැකි වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.