‘ගොඩක් අය පස්සෙන් එන්නේ ආදරේට නෙවෙයි වෙන දේවල් වලට’ ජනප්‍රිය නිලි ශ්‍රීමාලි කියන කතාව

වයස් භේදයක් නොමැතිව කොයි කවුරුත් ආදරයෙන් වැළඳගත් ටෙලිනාට්‍යයක් තමා “රාවණා”කියන්නේ.අපි මේ කතා කරන්න යන්නේ රාවණා ගැනනම් නෙවෙයි.රාවණා ටෙලිනාට්‍යයේ සුවි⁣ශේෂි චරිතයක් වන කේතුමති රැජිනට පණ පොවන ශ්‍රිමාලි ෆොන්සේකා සමඟයි.ඇය ආව ගමන ගැන ඇය ප්‍රකාශ කලේ මෙවැනි අදහස් කිහිපයක්. තුෂාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලිමට මේ චරිතයට පණ දෙන්න ඇය කැමති වු බවත් අද වන විට ලැබෙන ඉහළ ප්‍රතිචාර සමඟ ඇය බොහෝ සතුටු වන බවත්ය..රාවණා රඟපාන්න අවුරුද්දක් ගත වුවත් කිසිදු මහන්සියකින් තොරව ආසාවෙන් ඇය මේ චරිතයට යොමු වන්නේ ප්‍රේක්ෂක ආදරය මෙන්ම ඔවුන්ගේ වචන නිසා බවද ඇය පැවසුවා.

නිරන්තරයෙන් රඟපාන්න ඇය කැමති වුවත් රඟපාන්න චරිත නොමැති නිසා ව්‍යාපාර කටයුතු කරගෙන යන අතර ‘කේතුමති රැජින’ වැනි අභියෝගාත්මක චරිතයකට යොමු වීම වෙනස් අත් දැකිමක් වු බවත් ඇය බංකොලොත් නිර්මාණ වලට දායක නොවන නිසා ඇය නිරන්තරයෙන් දක්නට නොලැබෙන බවද තරයේ කියා සිටියා.

මිසිස් ඒෂියා, මිසිස් USA වීම ඇයට ලොකු අභිමානයක් වුවත් ඇය සරළ නිරහංකාර චරිතයක් නිසා ඒ දේවල් ඇය කිසිවෙකුටත් පෙන්වා නැත.තමන්ට හොද චරිතයක් ලැබුනහොත් රටේ කෙළවරට හෝ ගොස් එයට දායක වන බවද පැවසු ඇය සමාජය තුළ දැඩි නිහඩ චරිතයක් බව කාටත් නොරහසකි. ඇගේ ආර්ථිකය ගත් විට ඇයට රඟපෑම අවශ්‍ය නොවුවත් ඇය සිය රංගන හැකියාව නිසාම විනෝදාංශයක් ලෙස රංගනයට දායක වෙයි.

ඇය, ඇය ගැන පවසා සිටි⁣න්නේ “මම යකඩ ගැහැණියක්” ලෙසයි. මේ ලොකේ වැඩිපුරම ආසාධාරණකම් වෙන්නේ ගැහැණියට බව පවසන ඇය ගැහැණිය අසාධාරණය ඉදිරියේ තමන්ගේ දෙපා තුළින් නැගිටිය යුතුයි යන්න පවසයි. ඇය තවමත් තනිකඩ ගැහැණියක් වෙද්දි ජිවිතේ අභියෝග රැසකට ඇයට මුහුණ ⁣දිමට සිදු වෙනවා. එහෙත් ඒ සියල්ල ඇය භාරගන්නේ සියල්ලට තනිවම මුහුණ දීමට තරම් ඇය ශක්තිමත්වයි. එකවරක් අවංක ආදරයෙන් බැට කෑ පුද්ගලයෙක් නැවත ඒ වේදනාව ඒ තනිකම ඒ දරාගැනිමට අකමැතිය. ඒ නිසා ඇය පවසන්නේ මේ වගේ කතාවක් ” මම ආදරෙන් හොඳට බැට කාපු කෙනෙක්. ඒ නිසා මම දැන් මගේ ගමන තනිවම යනවා. ගැහැනියකට පිරිමියක් වශ්‍යම නෑ. ගැහැණිය කියන්නේ ගොඩක් ශක්තිමත් කෙනෙක්ට. අපිට මේ ජීවිතය ලැබිලා තියෙන්නේ විඳින්න එහෙම නැතිව විඳවන්න නෙවෙයි. මම ආදරේ විඳලත් තියෙනවා වින්දවලත් තියෙන්නේ. ගොඩක් අය අපේ පස්සෙන් එන්නේ ඇත්තටම ආදරේට නෙවෙයි එයාලගේ ඔනෑ එපාකම් සම්පුර්ණ කරගන්න. වෙන වෙන ආසාවල් වලට ඉතින් මට ආදරේ ඕන නෑ මේ ඉන්න විදිය හොඳයි” කියලයි.

01.

02.

03.

04.

05.

06.

07

08.

09.

10.