‘ගෙදර ඉද්දි මුළු ගමටම ඇහෙන්න මම කෑ ගහනවා’ නාගරික මන්ත්‍රිගෙන් වෙන්වුන පියුමි කියන කතාව

ලංකාවේ රංගන ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියන්නේ. ඇය කළා ලෝකයේ ගොඩක්ම ප්‍රසිද්ධ විහිලු කරන කෑගහන දඟකාර රංගන ශිල්පිනියක් විදියට. ඉතින් පියුමිගේ මේ දඟකාර බවට හේතුව විදියට ඇය කිවුවේ මේ වගේ කතාවක් ”මට අයියලා තුන්දෙනෙක් ඉන්නවා මම තමයි පවුලේ බාලයා. ඉතින් මම ඒ තුන්දෙනා එක්ක හැදුනේ කොල්ලෙක් වගේ. පොඩිකාලේ ඉඳලම මම ගොඩක් දඟයි. එයාලා එක්ක දුවනවා ගහගන්නවා. කෑ ගහනවා. අම්මා කියන්නෙත් මට ඉන්නේ පුතාලා හතරදෙනෙක් කියලා. මම ගෙදර ඉන්න කොට අහල පහල අයත් දන්නවා මම ගෙදර කියලා මොකද ඒ තරම් සද්දේ” කියලයි.

ප්‍රහසන උපදවන්න උපන් හැකියාවකින් යුත් පියුමි ලැබෙන ඕනෑම චරිතයකට සාධාරණය ඉටු කරනවා. කොමඩි චරිත වගේම හාස්‍යයෙන් මිදුන චරිතද පියුමිට රඟපාන්න පුළුවන් බව ඇය රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍ය මඟින් මනාව ඔප්පු වෙනවා. ඒ වගේම වෙදිකානාට්‍ය රංගනයෙනුත් පියුමි ගොඩක් ජනප්‍රියයි.

වර්තමාන සමාජ මාධ්‍ය තුළ බොහොමයක් රංගන ශිල්පිනියන්ට මඩ ප්‍රචාර එල්ල වෙනවා. ඉතින් පියුමිටත් එවැනි අත්දැකිම් ඇතිද යන්න අපි ඇගෙන් අසා සිටියා. ” ඔව් මටත් සමහර අය එක එක කතා කියනවා මම ඒවා ගණන් ගන්නේ නෑ. සල්ලි හොයන්න පහත් විදිහේ මඩ ගහන්න ඕනි කෙනෙක්ට පුළුවන්. හැබැයි මට දිගින් දිගටම එහෙම දෙයක් සිද්ධ වුනොත් මම කට වහගෙන පැත්තකට වෙන්නේ නෑ. මොකද මම හිතන්නේ ගැහැණිය කියන්නේ පුදුම තරම් ශක්තියක් තියෙන කෙකෙක්. හැමදේම දරාගෙන නිහඩව ඉන්න ඕනි කියලා කොතනකවත් කාන්තාවට කියලා නෑ. ඉවසන්න ඕන තැන ඉවසනවා හැබැයි මම ඕනවට වඩා ඉවසන්නේ නෑ. ගොඩක් වෙලාවට සමාජේ අසරණ වෙන්නේ ගැහැණියක්මයි. හැබැයි බොහෝ විට ගැහැණියට ගරහන්නේ තවත් ගැහැණියක්මයි. ඉතින් මම විස්වාස කරනවා ප්‍රතිරූපයක් නැති හිස් පුද්ගලයින් තව කෙනෙකුගේ ප්‍රතිරූපය විනාශ කරනවා කියලා. මම ගැහැණියක් විදිහට ආසාධාරණ වෙනුවෙන් නැගි සිටිනවා.” කියලයි.

පියුමි බොතේජු විවාහ වෙන්නේ කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රි සුනෙත් අත්තිඩිය සමග නමුත් එම විවාහය සාර්ථක වෙන්නේ නෑ ඉතින් පියුමි ආදරේ ගැන කිවුවේ මෙහෙමයි ”ආදරය කියන්නේ අපි හැමෝටම අවශ්‍ය දෙයක් හැබැයි ඒ ආදරය ඇතුලේ විශ්වාසය වගේම අවංක වෙන්න ඕන. විවාහයක් වුනත් එහෙමයි එකට ඉන්න බැරිනම් වෙන් වෙන්න ඕන. ලෝකෙට පේන්න පවුල් කාලා ඇතුලෙන් විඳවන්න ඕන නෑ. ගැලපෙන්නේ නැත්නම් වෙන්වෙනවාඑක සාමාන්‍ය දෙයක් ඒ වගේම කාන්තාවකට විවාහයක් ඕනෑම නෑ” කියලයි, ඉතින් දැන් තනිකඩ දිවියක් ගත කරන පියුමිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.