ගුවන් යානයක ගමන් කරන විට කවමදාවත් මෙන්න මේ දේවල් 20 සිදු කරන්න එපා

ගුවන් යානා සංචාර වලදී අප අනුගමනය කල යුතු ආචාර විධි තිබෙන අතර අපගේ සුරක්ෂිතතාව වෙනුවෙන් ඒවා පිලිපැදීම අනිවාර්ය වෙනවා. ඔබේ ගුවන් ගමන ඔබට, ඔබේ අසල්වාසී මගීන්ට වගේම කාර්ය මණ්ඩලයේ පිරිසටත් බාධාවක් නොවන ආකාරයේ එකක් කරගැනීමට මේ මාර්ගෝපදේශනයන් කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන්න.

අසුන්ගෙන සිටින විටදී

• ගුවන් සේවිකාවක් සැම ගුවන් ගත වීමකදිම හා ගොඩ බැස්සවීමකදීම ඔබට ජනෙල් කවුළුව විවෘත කරන ලෙස දන්වයි නම් ඊට අනුගත වන්න. පිටත සිදුවන දේවල් පැහැදිලිව දැකිය හැකිවන්නේ මගීන් හට බැවින් යම් අනතුරක් හෝ ගැටළුවක් නිරීක්ෂණය වුවහොත් සේවක මණ්ඩලයට දැන්වීමට කටයුතු කරන්න.

• අසල්වැසි මගියෙක් ආසනය ඇළ කරමින් භාවිතා කිරීම ගැන වාද ඇතිකරගැනීමට හෝ ගුවන් සේවිකාවන් හට පැමිණිලි කිරීමට නොයන්න. සියලු දෙනාට සැපපහසු ගුවන් ගමනක් ලබාදීම වෙනුවෙන්ම එම ආසන සකසා ඇත. ඒවා භාවිතා කරන ඔබ අන් අයට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීමට කාරුණික වන්න.

• ගුවන් සේවිකාවන් ස්පර්ෂ කරමින් ඔවුන්ගේ අවධානය ලබාගැනීමට උත්සාහ නොකරන්න. ඔබට යමක් අවශ්යඔය නම් ආසනයට ඉහළින් බොත්තම තද කරමින් ඔබට අවශ්‍ය දේ ඔවුන් හට දැනුම් දෙන්න.

• ගුවන් සේවිකාවන්ට අමතමින් ඔබේ අපද්‍රව්‍ය. ඉවත් කරන ලෙස නියෝග නොකරන්න. ඒ සඳහා ඔවුන් වෙනම වාරයක් මගීන් අසලට පැමිණීම සිදුකරති. අනෙකුත් මගීන් හට ආහාර සේවා සපයමින් සිටින අතරේ ඔබ එසේ ඇමතීම ඔවුන්ගේ කාර්යයට බාධා කිරීමක් වැනියි.

වැසිකිළි භාවිතා කිරීමේදී

• ඔබ වැසිකිළියේ අසුන් ගෙන සිටින විට flush කිරීමෙන් වළකින්න. එමඟින් ඔබ වල තුල සිරවී යා මට ඉඩ ඇත.

• ඩයපර් වැනි ද්‍රව්‍ය වැසිකිළිය තුල නොදමන්න. එසේ කිරීමෙන් අනෙක් මගීන්ට භාවිතා කල නොහැකි ලෙස වැසිකිළිය අවහිරවීයා හැකියි. ඒ සඳහා වෙනම අපද්‍රව්‍ය බහාලුමක් භාවිතා කරන්න.

සුරතලුන් ‍රැගෙන යාමේදී

• යානය තුල ඔබේ සුරතලුන් හොරෙන් සඟවා ගෙන යාමට උත්සාහ නොකරන්න. ඔබව ප්‍රශ්න විමසීමකින් තොරවම ගුවන් යානයෙන් පිටතට ‍රැගෙන යාමට ඉඩ ඇත.

• ඔබ සුරතලුන්ගේ ලොම් වලට ආසාත්මිකතා ඇති පුද්ගලයෙකු වූ පමණින් ගුවන් සේවිකාවන් හට එම සතුන් ඉවත් කරන්න යැයි ඉල්ලා සිටීමට ඔබට අයිතියක් නැත. ඒ සඳහා ඔබ ලබාගන්නා ඖෂධ ලඟතබා ගැනීම උචිතයි. ඔබට වඩාත් අපහසුතාවක් ඇති වේ නම් එම ස්ථානයෙන් වඩාත් ඈතකින් අසුන්ගැන්වීමට හෝ වෙනත් ගුවන් යානයකට මාරු කිරීමට හෝ ගුවන් බලධාරීන් කටයුතු කරනු ඇත.

ගමන් මලු සම්බන්ධව

• ගුවන් යානාවට නැගි පසු ඔ,බේ පිටේ එල්ලාගෙන සිටින බෑගය ගලවා ඉවත් කරගන්න. එමඟින් අන් අයට ඇති විය හැකි අනතුරු වළක්වාගත හැකියි.

• ගමන් මලු ඔබේ අසුන ඉදිරියෙන් තැබීමට හැකිනම් හිසට ඉහළින් රාක්කයේ තබානොගන්න. එසේ කිරීමෙන් දිගු පෝළිමක නො‍රැඳි ගුවන් යානයෙන් පිටවීමට ඔබට හැකි වේවි.
දරුවන් සමඟ ගමන් ගන්නා විට

• දරුවාට නොමිලේ අසුනක් ලබාගත හැකියි නොසිතිය යුතුයි. ඔබ මිලදි ගත්තේ එක් ටිකට් පතක් පමණයි නම් ඔබේ දරුවා ඔබේ උකුළේ තබාගැනීමයි කලයුතු වන්නේ. වෙනත් අයෙකුට අයිති ආසනයේ දරුවා අසුන් ගැන්වීම වරදකි. යානාවේ මගීන් එතරම් නොමැති නම් ගුවන් සේවිකාවකගේ සහාය ලබාගනිමින් දරුවා වෙනත් අසුනක තැබීම සිදුකරන්න.

• ඔබේ දරුවාට කිරි අවශ්ය්ය නම් ඔබ කලින්ම ඒවා මිලදී ගැනීම වැදගත් වේවි. බොහෝ ගුවන් සමාගම් මගීන් සඳහා කිරි වැනි පාන වර්ග ලබා නොදේ.

• අසුන ඉදිරියේ ඇති tray table එක මත දරුවා තබා ඩයපර් මාරු කිරීම සිදු නොකල යුතුයි. ඒ සඳහා වැසිකිළිය භාවිතා කරන්න.

• ඔබේ දරුවන් බලා ගැනීමේ වගකීම ගුවන් සේවිකාවන්ට පැවරීම සිදුනොකරන්න. ඔවුන්ට ඔබේ දරුවාගේ වගකීම දැරිය නොහැකියි.

විශේෂ අවශ්‍යතා සපුරාගැනීමට උත්සාහ කිරීමේදි

• ගුවන් යානයක ගමන් කරන විටදි ඔබේ ප්‍රයතාවය පරිදි ආහාර ඇණවුම් කිරීම සිදුකල නොහැකියි. ඔවුන් ඔබට සේවය ලබාදෙන්නේ පෙර සැලසුම් කල ක්‍රමවේදයකට අනුවයි.

• ගුවන් සේවිකාවන් හට ඔබට අවශ්ය්ය බෙහෙත් ඖෂධ ලඟට ගෙනවිත් දීමේ හැකියාවක් නැත. ඔබ ගුවන් ගමනට පෙර ඔබට අවශ්යටය බෙහෙත් ද්‍රව්‍ය සූදානම් කරගෙන තිබීම වැදගත් වන්නේ ඒ නිසයි.

• ගුවන් ගමන අතරතුරදී connecting flights සඳහා විශේෂයෙන් ගමනාන්ත ගුවන් තො‍ටුපලවල් දැනුවත් කරමින් ඉල්ලිම් කිරීමට ගුවන් සේවිකාවන්ට හෝ ගුවන් නියමුවරුන්ට හැකියාවක් නැත.

• ඔබට කැමති ලෙස අසුන් මාරු කිරීමේ හැකියාවක් නැත. යම් කෙනෙකු ඔබේ ඉල්ලිමට එකඟ නොවෙයි නම් ගුවන් සේවිකාවකට ඒ ගැන පැමිණිලි කිරීම ප්‍රයෝජනයක් නැත.

සාමාන්‍ය දැනීමට

• ඉදිරි පෙළේ (economy class) අසුන් ගැනීමට වඩා පි‍ටුපස පෙළ අසුන්ගැනීම වාසිදායක විය හැකියි. ගුවන් සේවිකාවන් විසින්ම හෙලිකරන ආකාරයට අනුව ඔවුන් වැඩි අවධානයක් හා සත්කාරක සේවාවක් පි‍ටුපස පෙළේ සාමාන්‍ය මගීන් සඳහා ලබාදෙන බව පැවසෙනවා.

• ගුවන් යානය තුලදී ටැප් ජලය භාවිතා කිරීම .තේ හෝ කෝපි පානය කිරීමෙන් හැකිතාක් වැළකීසිටීම සුදුසුයි. යානයේ උණුසුම් ජල නළ පිරිසිදු කෙරෙන්නේ අවම වශයෙන් යැයි කියැවේ.