ගුවන්යානාවල ඇති මගීන් නොදන්නා රහස් 13ක් මෙන්න

ගුවන් සේවය කියන්නේ ලොව ඇති පිලිගත් වෘත්තීන් වලින් එකක්. සෑම වෘත්තියකටම අදාල වූ රහස් තිබෙන බව අපි කවුරුත් දන්න දෙයක්. ගොඩක් වෙලාවට ඒවා පිටස්තර පුද්ගලයින්ට දැනගන්න ලැබෙන්නේ හරිම අඩුවෙන්.නමුත්, ඉතින් සමාජ ජාලා නිසා ඒවගේ දෙවාල් වුණත් හරිම ඉක්මනට හෙලිදරවුවෙනවා කියලයි පෙනෙන්නේ. ගුවන් සේවයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් විසින්ම තමන්ගේ වෘත්තිය සම්බන්ධ පෞද්ගලික අත්දැකීම් තම සමාජ ජාලා ගිණුම් වල සටහන් තැබීම සිදුකරලා තිබෙනවා. අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ එවැනි තොරතුරු ඇසුරෙන් අනාවරණය වුණු ගුවන් සේවාව සම්බන්ධ රහස් 13 ක් ගැනයි.

01. සුලු යාන්ත්‍රික අකර්මන්‍යතා  වහාම අළුත්වැඩියාවට ලක්නොකරයි

අනාරක්ෂිත ගුවන් යානා ගුවන්ගත කිරීම කිසිසේත් සිදුනොවන්නක්. යානයක් ගුවන්ගත කිරීමට පෙර පිරික්සා බැලෙන කරුණු ලැයිස්තුව ඉතා විශාලයි. නමුත්, ගුවන් ගමන් වාර ප්‍රමාද වීම වළක්වාගැනීමේ අරමුණින් ආරක්ෂාව කෙරෙහි එතරම් බලපෑමක ඇති නොකරන සුලු සුලු අකර්මන්‍යතා පසුව පිලිසකර කිරීමට ඉඩතබා ගුවන් ගත කිරීමට සූදානම් කරවයි.

02. ප්ලේන් එකේ දොර ඇතුලත හෑන්ඩ් ග්‍රිප් තිබෙන්නේ ඇයි?

ගුවනේදි හදිසි තත්වයක් ඇතිවුවහොත් ගුවන් සේවිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුයි මේවා සකසා තිබෙන්නේ. පිටවීමේ දොර‍ටුව අසලට පැමිණෙන කලබල වූ මගීන් නිසා බොහෝ විට පිටවීමේ දොර‍ටුව විවෘත වී ගුවන් සේවිකාවක් දොර‍ටුවෙන් පිටතට විසිවී යා හැකියි. මෙම අවදානම අවම කිරීමට ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හෑන්ඩ් ග්‍රිප් දොර‍ටුව තුල සවිකර ඇත.

03. ප්‍රධාන ගුවන් නියමුවරයාට සහ සහය-ගුවන් නියමුවරයාට ලැබෙන ආහාර එකිනෙක වෙනස්ය

මෙසේ සිදුකරන්නේ හදිසියේ හෝ එක් අයෙකුට ආහාර විෂ වීමක් සිදුවුවහොත් නැක් නියමුවරයාට ඔහුගේ රාජකාරියට ආදේශනය කල හැකි නිසයි. නමුත්, මෙය සෑම ගුවන් සේවා ජාලයකම ක්‍රියාත්මක වන දෙයක් නොවේ.

04. මගියාගේ ගමන් භාණ්ඩ වලට ලොක් දමා තිබුණද ඒවා විවෘත කිරීමට නොහැකි බව ඉන් අදහස් නොවන බව

ගමන් මලු සඳහා සිප් තුලට ලොක් භාවිතා කලද ඒවා පෑනකින් හෝ පැන්සලකින් පහසුවෙන්ම විවෘත කල හැකි බව සඳහන් වෙනවා. ඇතැම් විට සිපර් වලට හානි කරමින් ගමන් මලු විවෘත කල හැකි නිසා වටිනා දේවල් ඔබ සමීපයේ ඇති බෑගයක තබාගැනීම ඉතා උචිතයි.

05. ගුවන් යානාවේදී දුම්පානය තහනම් කිරීමට හේතුව?

දුම්බීම තහනම් කර ඇත්තේ ගිනි ඇතිවීමේ අවදානම නිසා හෝ මගීන්ට ඇති වන බාධාව නිසා යැයි සිතිය හැකි වුවද ඇත්තෙන්ම මුල් කාලයේදි ගුවන් යානා තුල දුම්බීමට අවසර තිබී ඇති බව සඳහන් වෙනවා.  ඒවගේම ඒ කිසිඳු අවස්ථාවක යානාවක් ගිනිගත් බව වාර්තා වී නැහැ. කෙසේවෙතත්, පසුකාලීනව තහනම් වූ මෙය සඳහා බලපෑ ඇත්තේ ආර්ථිකමය වශයෙන් ලාභදායි අරමුණක් වෙනුවෙන් වීම විශේෂත්වයකි. එනම් ගුවන් යානාව තුල ඇති වාතාශ්‍රය අඛණ්ඩව පිරිපහදුවට ලක්කෙරෙන නිසා රෙසින් සහ දුම් නිසා එම උපකරණ ඉතා ඉක්මනින් ගෙවී යාම සිදුවන නිසා එසේ වීම වළක්වාගැනීමට මේ පියවර ගෙන තිබෙනවා.

06. මගියාගේ ගමන් භාණ්ඩ අතුරුදහන් වීමට බලපාන පොදු හේතු 7 ක්

  • අතිරේකව පරික්ෂාවට ලක්කර ඇත්නම් හෝ නිසි වෙලාවට පටවා නොතිබිමෙන්.
  • අත්වැරදීමකින් ආධුනික නිලධාරියෙකු අතින් ගමන් මලු වැරදි ට්‍රොලියක පටවා තිබීම නිසා
  • නිලධාරියෙකු විසින් වැරදි ස්ටිකරයක් අලවා තිබීම නිසා
  • මගියා විසින් මින් පෙර ගමන් මලු වල අලවා තිබී ඇති ස්ටිකර් ඉවත් නොකිරීම නිසා සිදුවිය හැකි හඳුනාගැනීමේ ගැටලු නිසා
  • සූට් කේස් ආදිය බෙල් එක් අතුල සිර වීම හෝ වැරදි දිශාවකට ගමන් කර තිබීම
  • සූට්කෙස් ගුවන් යානාව දක්වා ගෙන එන අතරේදි ට්‍රොලියෙන් වැටි තිබීම
  • ගමන් මලු පරික්ෂා කරන පද්ධතියේ ගැටලුවක් නිසා හෝ ගමන් මලු වල ස්ටිකරය වැටි තිබීම නිසා. ගම්න් මලු තුල ඔබේ නම සහ සම්බන්ධ කරගත හැකි තොරතුරු බෑග් වල පිටත හෝ ඇතුලත යම් සටහනක් තබන ලෙස උපදෙස් ලැබෙන්නේ ඒ නිසයි.

07. ගුවන් මගීන් සඳහා දුරකථන ක්‍රියාවිරහිත කරන මෙන් උපදෙස් ලබාදෙන්නේ ඇයි?

දුරකථන භාවිතය නිසා රේඩියෝ තරංග වලට ස්ථිතික බලපෑම් ඇතිවන බව සඳහන් වෙනවා. එහිදී ගුවන් නියමුවන් හට ප්‍රධාන පාලක ඒකකයෙන් ලැබෙන වැදගත් සංඥා තොරතුරු නිවැරදිව නොඇසී සේ බාධා ඇතිවිය හැකි බැවිනි.

08. ගුවන් සේවා නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ලැබෙන්නේ අඩු මිල ගුවන් ප්‍රවේශපත්‍ර වේ.

බොහෝ ගුවන් ගමන් සේවා සමාගම් තම සේවකයින් සඳහා අඩුමිල හෝ නොමිලේම ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරයි. මෙම දීමනාව ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට ද හිමිවෙනවා. ගුවන් සේවකයෙකු මිලදි ගන්නා ගුවන් ප්‍රවේශපත්‍රයකදි ඔහුගෙන්/ඇයගෙන් අය කරගන්නේ අදාල බදු සහ තීරු බදු අගය පමණක් වන අතර ඒ අනුව ගුවන් ගමන සම්පූර්ණ නොමිලේ ලැබෙන අවස්ථාවකි.

09. වැසිකිළි දොර‍ටුව පහසුවෙන්ම පිටතින් විවෘත කල හැකිය

‘Lavatory’ හෝ ‘No smoking’ යනුවෙන් සටහන් කර ඇති දොර‍ටුව යටින් එක් ස්විචයක් ඇත. මින් ඇතුලත කෙනෙකු සිටින අතරේදි ඇතුල්වීමට උත්සාහ කිරීම වැළැක්වීම සඳහා ප්‍රයෝජනවත් වේ.

10. ගුවන් ටිකක්පත් මිලදි ගැනීමට සුදුසුම කාලය!

අඟහරුවාදා, බදාදා සහ සෙනසුරාදා වැනි දිනවා සාමාන්‍ය දින වලට වඩා ටිකට් පත් වල මිල ටිකක් අඩු බව සඳහන් වෙනවා. කොහිම නමුත්, මෙය විවිධ ගුවන් සේවා සමාගම් අනුව වෙනස් දෙයකි. වසරේ ඇතැම් කාල වලදි ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා විශේෂ දීමනා මිල අඩුකිරීම් සිදුකිරීම දක්නට ලැබේ.

11. විනිතව හැසිරීමෙන් දක්වන සහයෝගයට ඔවුන්ගෙන් ඔබට උපරිම සේවාවක්!

මගීන්ගේ දක්වන උපරිම සහයෝගයට උපරිම සේවාවක් ගුවන් සේවක සේවිකාවන්ගෙන් හිමිවේ. ඔබට අවශ්‍ය දේ කාරුණික ඉල්ලිමක් ලෙස ඔවුන් වෙත යොමුකරන්න.

12. කවුලු ආසන වල arm rests (අත් ආධාරක) ඉහළට එසවිය හැකියි

මේ සඳහා arm rests එකට පි‍ටුපසින් ඇති කුඩා බොත්තම තද කරන්න. ඔබ පිටවී යන විට එය නැවත තිබූ ඉරියව්වටම සකසන්න. නැතිනම් ඔබට එසේ කරන මෙන් උපදෙස් ලැබෙන්නට ඉඩ තිබෙනවා.

13. ගුවන් යානා ගුවන්ගත වීමේදි සහ ගොඩබැස්වීමේදි භාවිතා වන ගුවන් පථ වල සඳහන් ඉලක්කම් වල වැදගත්කම

මෙම ඉලක්කම් වලින් දැක්වෙන්නේ චුම්භක උතුරේ සිට මෙම ගමන් පථ කොපමණ අංශක ගණනකින් පිහිටා ඇත්දැයි 10 ස්ථානයට වටයමින් දැක්වෙන අගයන්ය. මෙම විශාල ඉලක්කම් අනුව ලබාගත යුතු ග්‍රේඩය කුමක්දැයි නියමුවා හඳුනාගනියි.