ගස් පැවිදි කිරීම පිලිබඳ කිසිවෙකු නොදැන සිටි රහසක් මෙන්න

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා ඉවත් කිරීමට නියමිතව ඇති රතු දත්ත පොතට පවා ගිය “කෲඩියා සිලනිකා” ශාකය ආරක්ෂා කරගන්න එම ගස සසුන්ගත කිරීම පිලිබඳ විවිද කතා මතුවෙන්න පටන් ගත්තා. ඉතින් මේ විවිද කට කතා මැද්දේ සංඝරත්නය විසින් එම ශාකය සහිත ස්ථානයට වැඩම කර සෙත් පිරිත් දේශනා කරලා “කෲඩියා සිලනිකා” සාංඝික දේපළක් බවට පත්කළා. ඉතින් අපි පොඩ්ඩක් හොයලා බැලුවා මොකද මේ ගස් පැවිදි කරනවා කියන්නේ කියලා.

මේ ගස් පැවිදි කිරීම ලංකාවේ පමණක් තිබෙන දෙයක් නෙවෙයි තායිලන්තයේත් ගස් පැවිදි කිරීම සිදුවෙනවා, ඒ විතරක් නෙවෙයි නිතර නිතර පින් වැඩෙන කරුණ අතරට වන රෝපණය ප්‍රධාන කරුණක් බව බෞද්ධ ඉගැන්වීම් තුල ගොඩක් ප්‍රකට කියමනක්. මීට වසර ගණනාවකට පෙර ලියවී ඇතැයි සැලකෙන සෘග් වේදයේ අරණ්‍යානී සූක්තයේ ඒක ස්ලෝකයක මෙසේ සඳහන් වෙලා තිබෙනවා “අරණ්‍යානී අරණ්‍යානී අසේද්‍ර්‍යා ප්‍රේම නශ්‍යස – කථං ගාමං නපෘච්ඡ සි නත්වා හිරිව වින්දති” එහි තේරුම ‘‘ වනාන්තරය නැමැති දෙව් දුවේ. මේ ගම්මුන් පැමිණ ඔබේ සළුපිළි ඉවත් කරද්දීත් ඔබ නිහඬව ඉන්නේ ඇයි? ඔබට ලැජ්ජාවක් ඇති නොවන්නේ ද ?” යන්නයි. ඉහතකී ස්ලෝකය රචනා වුයේ ගස් වැල් බහුලව තිබුණු කාලයකදීයි, නමුත් වෛදික මුනිවරයා අනාගතයේ සිදුවන දේ දැක තිබෙනවා, ලංකාවේ ශාක සසුන් ගත කරීම පිලිබඳ කතිකාවක් ගොඩනැගුනේ ලෝකයෙන් වඳවී ගිය ශාකයක් ලෙස නම්කෙරුන “කෲඩියා සිලනිකා” සසුන් ගත කිරීමෙන් පසුවයි. නමුත් 2014වසරේ මුල නිල්ගල වනාන්තරයේ අක්කර අනූව සහ දිඹුල්දෙන ගම්මානය ආශ්‍රිතව තර්ජනයට ලක්වූ ශාක දහසක් පැවිදි කිරීම සිදු කරලා තිබ්බා. ඉතින් මෙම දුර්ලභ ශාක සසුන්ගත කරමින් හෝ රැකගැනීම අගය කලයුතුම කිරියාවක් නොවේද..?

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.