ගයාන් සමග විවාහ උනත් තුන් දෙනෙකුට එකවගේ කැමති චතුරිකා පීරිස් දැන් කියන කතාව

අද අපිත් එක්ක කතාබහට එකතු වෙන්නේ කාලයක් ඉතා ජනප්‍රියව සිටි දැන්නම් වැඩිය පෙන්න නැති ගොඩක් ලස්සන රංගන ශිල්පිනියක් එක්ක, කලා පවුලකින් රංගනයට පැමිණ මේ වනවිට ක්ෂේත්‍රයේ තමන්ටම අනන්‍යවූ සුවිශේෂී රංග පෞරුෂයක් ගොඩනගාගෙන ඇති ඇය නමින් චතුරිකා පීරිස්, අපිට ආරංචි වෙන විදියට චතුරිකා පීරිස් ක්ෂේත්‍රයේ සිටින නළුවන් තුන්දෙනෙකුට කැමතිලු. ඒ පිළිබඳව ඇය අපිත් එක්ක මෙහෙම කිව්වා, කැමතිම එක්කෙනෙක්ගේ නම නම් කියන්න ටිකක් අමාරුයි. හැබැයි මම ගාමිණී ෆොන්සේකා මහතාටත් විජය කුමාරණතුංග සහ ජෝ අබේවික්‍රම කියන නළුවන් තුන් දෙනාම මට ගොඩක් විශේෂයි සහා මම කැමතියි. ඒකට ප්‍රධාන හේතුව තමයි මුලින්ම ගාමිණී ෆොන්සේකා මහතා ගත්තොත් එතුමා සතු විශිෂ්ට රංගන හැකියාවට සහ ඔහු චරිත නිරෑපණය කළ ආකාරය, විජය කුමාරණතුංග මහතාට ඇති ප්‍රේක්ෂක ආකර්ෂණය උපරිමයෙන් දිනාගන්නට පුළුවන් වුනු රංගන ශිල්පියෙක් කියලා මම හිතනවා. ඒක හැකියාව හැමෝටම පිහිටන්නේ නෑ. එතකොට ජෝ අබේවික්‍රම මහතා විශේෂ වෙන්නේ එතුමාට නොයෙකුත් ආකාරයේ රංගන පරාසයන් තිබුණා ඒක අද්විත්විතීය හැකියාවක් හාස්‍ය රංගනයේ සිට ත්‍රාසජනක රංගනයක් පවා ගොඩක් සාර්ථකව කරන්න පුළුවන් රංගන ශිල්පියෙක්. ඉතිං අපේ රටේ හිටිය මේ ප්‍රවීණයින් තිදෙනාටම මම ඉතාමත් කැමතියි

චතුරිකා මෙච්චර කාලයක් රංගනයෙන් ඈත් වෙන්න හේතුව මොකද්ද ?

මෙහෙමයි ගොඩක් වෙලාවට මම කළේ මගේම නිෂ්පාදන කටයුතු ඉතින් පසුගිය කාලයේ මම ටිකක් විවේකීව ඉන්න හිතුව ඒ නිසා මම කිසිම නිෂ්පාදන කටයුත්තක් කළේ නැහැ, රංගන කටයුතු කළෙ නැත්තේ ටෙලි නාට්‍යවල විශේෂයෙන් ගෙවන මුදල් පිලිබඳ පොඩි පොඩි ගැටළු සහගත තත්වයන් කිහිපයක් තිබුණා. ඉතින් මම හිතුවා මම කරන තිර රචනයෙන් තෘප්තිමත් වෙන්නත් සහ ලැබෙන ආර්ථිකමය පැත්තෙන් විදියට තෘප්තිමත් වෙනවා නම් තමයි මම නිර්මාණ භාර ගන්නේ කියලා

අදවන විට රංගන ශිල්පිනියකට තමන් කරන චරිතෙට සාදාරන වටිනාකමක් ලැබෙනවද..?

ඇත්තෙන්ම නැහැ. මම පසුගිය කාලේ කිසිම නිර්මාණයක් භාර නොගත්තේ ඒ හේතුව නිසා. අඩු ගණන්වලට වැඩ කරන්න මේ කාලේ ඔනෑ තරම් කට්ටිය ඉන්නවා. මම කිසිම වෙලාවක පසුතැවෙන්නේ නැහැ. මොකද මාගේ කාලේ මම හරියට වැඩ කළා. අවශ්‍ය දේ උපරිමයෙන්ම කරලා තියෙනවා එච්චරයි

01.

02.

03.

04.

05.

08.