‘ගයාත්‍රීයි මමයි වෙන්වෙලා දැන් අවුරුදු 7කට වැඩියි’ ජනප්‍රිය නළු චන්න පෙරේරා කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියන්නේ. කොහොම වුනත් පසුගිය කාලයේ චන්න රංගන ශිල්පියා කියන චරිතයට පොඩි විරාමයක් දීලා අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළා. ඒ වගේම තමයි චන්න විසින් අධ්‍යක්ශණය කරලා රංගනයෙනුත් දායක වුන ‘අංජලිකා’ සහ ‘කල්පාන්තයේ සිහිනයක්’ කියන සිනමාපටවලින් ප්‍රේක්ෂක සිත් වශී කරගත් ඔහු මේ වනවිට සිනමාපට 10කටඅධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබාදීලා තියෙනවා ඒ අතරින් ‘සෙනසුරු මාරුව’ ‘මායාවී’ ‘සීතල ගිනි කඳු’ ‘මිල්ලෙ සොයා’ ‘අංජලිකා’ යන සිනමාපට ලංකාවේ ඉතාම ජනප්‍රිය වුන සිනමාපට ලෙස හඳුන් වන්න පුළුවන්.

ඒ වගේම චන්න විසින් අධ්‍යක්ෂණය කල ‘පුංචි වීරයෝ 1 හා 2’ ‘වස්සානේ හිරු ඇවිදින්’ ‘සඳ දිය අරණ’ ‘ටිකිරි හපන්නු 1 හා 2’ ටෙලිනාට්‍යත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. චන්න විවාහ වෙන්නේ ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙක් වන ගයාත්‍රී ඩයස් සමග ඒ 1996 වසරේදී, චන්න සහ ගයත්‍රී යුවලට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. කොහොම වුනත් මේ වනවිට මේ යුවල වෙන්වෙලා ඉන්නේ, නමුත් චන්න මේ සම්බන්දව කියන්නේ මේ වගේ කතාවක් ”මම ගයත්‍රීගෙන් වෙන්වෙලා දැන් අවුරුදු හතකටත් වැඩියි, හැබැයි මම මගේ දුවලා දෙන්නට වෙන්න ඕන යුතුකම් ඒ විදියටම ඉටුකරලා තියෙනවා, ගයත්‍රීත් එහෙමයි. අපි ගොඩක් සුහදව ඉන්නවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන චන්න පෙරේරාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.