කොල්ලෙක් ඔයාට කැමැත්තෙන් සිටින බව හෙලි වන ඉඟි 7 ක්

වාචික සන්නිවේදනයට වඩා ශරීර භාෂාව ඇතැම් විට ප්‍රබල විය හැකියි. තරුණයෙක්ගේ හිතේ ඔබ ගැන යම් අදහසක් තියෙනවාද කියා ඔහුගෙන් වාචිකව දැනගැනීමටම අවශ්යවය නැහැ. බොහෝ විට, ඔවුගේ අංග විලාසයෙන් එය පහසුවෙන්ම අවබෝධ කරගත හැකියි. පිරිමි අයගේ ඇතැම් ශරීර අභින වලින් විවිධ අරුත් නිරූපණය වෙනවා. ඒවා මොනවාදැයි කියා අපි දැන් බලමු.

1ඔහු හිසකෙස් පි‍ටුපසට පිරිමැදීම හෝ හිසකෙස් අවුල් කරගනියි නම්,

මේ වගේ හැසිරිමකින් ඔවුන් තමන් කෙරෙහි විශ්වාසයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරති. ආකර්ෂණීය පුද්ගලයෙකු දු‍ටු විට නිතැතින්ම අපගේ අඩුපාඩු සකස් කරගැනීමට උත්සාහ කරමින් ඔහු/ ඇය ඉදිරියේ සර්වසම්පූර්ණ විමට අපි උත්සාහ කරන්නෙමු. එසේ කරන්නේ අප කෙරෙහි ආකර්ෂණයක් ඇතිකරවීමටයි. හිසකෙස් සකස් කිරීමත් එවැනි ක්‍රියාවකි. තමන්ගේ පෙනුම සකස් කරගනිමින් තමන් කැමති පුද්ගලයාගේ ආකර්ෂණය දිනාගැනීම අරමුණ වේ. මෙය කාන්තාවන්ට ද එක සේ අදාලයි.

2 ඔහු ඔහුගේ දෑස් ඉණ දෙසින් තබාගෙන සිටියි නම්,

පිරිමි පුද්ගලයෙකු ඔහුගේ දෑත් සාක්කු තුල හෝ ඉන අසලින් තබාගෙන සිටියි නම් ඉන් බොහෝ දුරට ඔහු තම කාය ශක්තිය පෙන්වීම්ට උත්සාහ කරන බව ඉඟි කරයි. ඒ වගේම පිරිමි පුද්ගලයෙකු ඉඳගෙන සිටින විටදී වඩාත් ඈතින් කකුල් දෙපසට කර තබාගෙන සිටීමෙන් අදහස් කරන්නේ ද ඔහුගේ ශක්තිමත් බව යැයි කියවේ.

3 ඔහු කැපී පෙනිමට උත්සාහ කරයි නම්,

සත්ව ලෝකයේ බොහෝ සත්වයින් කාන්තා සත්වයින්ගේ සිත දිනාගැනීම වෙනුවෙන් විවිධ උපක්‍රම භාවිතා කරති. ඒ අතරින් තම ලොම් හෝ පිහා‍ටු පුම්බවමින් තමා විශාල බව පෙන්වමින් කැපී පෙනීමට උත්සාහ කිරීම එක් උපක්රිමයකි. මිනිසුන් අතරේදි ද මෙය දැකිය හැකියි.කාන්තාව ඉදිරියේදි ඇතැම් පිරිමි පුද්ගලයින් මෙසේ සිරුර පුම්බවමින් කැපී පෙනීමට උත්සාහ කරති.

4 ඔහු විවෘත ඉරියව්වකට පැමිණ සිටියි නම්,

විවිධ අවස්ථාවලදි අපට ආකර්ෂණීය පුද්ගලයින් මුණගැසේ. එහිදී උපවිඥානිකව අපේ සිරුර ඔවුන් දෙසට විවෘත ඉරියව්වකට පැමිණේ. පිරිමි පුද්ගලයින්ගේ පාද දෙස බලන විට මේ ලක්ෂණය දෙස හොඳින් දැකිය හැකියි.ඇතැම් විට තමන් වටේ සිටින අනිත් පුද්ගලයින් සමඟ කතා කිරීමට ඒ දෙසට හැරෙන විටදී මෙය නිරීක්ෂණය කල නොහැකි වුණත් බොහෝ විට මෙම ලක්ෂණය හොඳින් දැකිය හැකියි.

5 ඔහු බොහෝ උනන්දුවකින් කතිකත්වය පෙන්වයි නම්,

ඔබ සිටින ස්ථානයකදි පිරිමි පුද්ගලයෙකු චතුර කතිකයෙක් බව පෙන්වමින් වැඩියෙන් කතාබහේ යෙදෙනවා නම් ඔහු ඔබේ සිත දිනාගැනීමට දෙයක් සිදුකිරිමට උත්සාහ කරනවා විය හැකියි. මෙය දැන ගැනීමට ඔබට හොඳ නිරීක්ෂකයෙකු වන්නට සිදුවේවි.

6 ඔබේ ඉරියව්වම අනුගමනය කරයි නම්,

ඔබ නැවති සිටින ඉරියව්වට සමානව ඔහුත් නැවතී සිටිනවා නම් ඉන් ඉඟි කරන්නේ ඔහු ඔබව තේරුම් ගැනීමට සහා ඔබ තුල ඇති පොදු ලක්ෂණ හඳුනාගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. ඔහුගේ එම සිතුවිල්ල උපවිඥානිකව ශරීර භාෂාවෙන් නිරූපණය වීම මෙහිදී සිදුවේ.

7 ඔහුගේ ගතිපැවතුම් කලබලකාරී නම්,

පිරිමි කෙනෙකු ඔබට කැමති නම් ඔහුගේ මුහුණේ ඉරියව් හා හැඟීම් ප්‍රකාශනයන් බොහෝ විට මිත්‍රශීලී සහා විවෘත ස්වභාවයක් ගනියි. ඔහු ඔබ දෙස බලන ආකාරය කරුණාවන්ත පෙනුමක් සහිත හෝ විශ්මයට පත්ව සිටින ස්වභාවයකින් විය හැකියි. ඔහු කලබලයට පත් වි සිටියිනම් මුහුණ රතු වී ලැජ්ජාශීලි වී සිටින බව දැකිය හැකි වේවි.