කොරියාවේ සිටින කඩවසම්ම තරුණයන් 10 දෙනා

කොරියානු ටෙලිකතාමාලා සහා ත්‍රපට අපේ රටේත් ඉතා ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. ඇත්තෙන්ම කොරියානු රංගන ශිල්පීන් සහා ශිල්පිණියන් වෙනුවෙන් විශාල ප්‍රේක්ෂකාගාරයක් අපේ රටේ තරුණ තරුණියන් අතරේ නිර්මාණය වෙලා තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. කොරියානු නිර්මාණයන් වලට ආදරය කරන බොහෝ දෙනෙක් ඒවාට කැමති වෙන්න තවත් හේතුවක් තිබෙනවා. ඒ තමයි කොරියානු රංගන ශිල්පීන් ශිල්පිණියන් ගේ තිබෙන ආකර්ෂණීය පෙනුම. විශේෂයෙන්ම කාන්තා ප්‍රේක්ෂකයින් වැඩි දෙනෙක් කොරියානු නිර්මාණ නැරඹීමට උනන්දු වෙන්නේ ඔවුන් වඩාත් ප්‍රිය කරන රංගන ශිල්පීන්ව දැකගැනීමට බව නොරහසකි. හැබැයි, ඉතින් ඒකට වරදක් කියන්න බැරි තරමටම මේ රංගන ශිල්පීන් ඉතා කඩවසම් බවින් යුක්ත බවත් සඳහන් කල යුතුමයි. සුප්‍රකට “Kpopmap” සඟරාවේ 2020 වසරේ දත්ත අනුව එරට සිටින වඩාත්ම කඩවසම් නලුවන් 10 දෙනා තමයි මේ ඉන්නේ. බලන්න, ඔබේ ප්‍රියතම තරුවත් මේ අතරේ ඉන්නවාද කියලා…?

1. ජී චන්ග් වූක් Ji ChangWook

2. යූන් ෂී යූන් Yoon ShiYoon

3. යූ සියුන්ග් හෝ Yoo SeungHo

4. ලී ජොන්ග් සුක් Lee JongSuk

5. හියුන් බින් Hyun Bin

6. කිම් සූ හියුන් Kim SooHyun

7. සියෝ ඉන් ගුක් Seo InGuk

8. චෝයි ටේ ජූන් Choi TaeJoon

9. පාක් සියෝ ජූන් Park SeoJoon

10. කිම් යන්ග් ක්වන්ග් Kim YoungKwang