කොට්ටයක් නොමැතිව නිදාගැනීමෙන් ඔබේ සිරුරට ලැබෙන වාසි 6ක්

සුවබර නින්දක් කියද්දි ඔබේ මනසේ මැවෙන්නේ ඔබේ නිදන කාමරය, ඇඳ, ඔබේ කොට්ටය සහා පොරවනය නේද? අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ කොට්ටයකට හිස තබා නිදාගැනීමටයි. නමුත්, මේ ලිපිය කියවන ඔබට හොඳම විවේකයක් සිරුරට ලබාගැනීමට නම් කොට්ටයක් භාවිතා නොකර නිදාගන්න තරමට හොඳයි කියා ඇතැම් විට සිතේවි. කොට්ටයක් නොමැතිව නිදාගැනීමෙන් සිරුරට මේ ප්‍රතිඵල ලැබෙන බවයි කියන්නේ.

එමඟින් කොන්දේ වේදනා සහා කැක්කුම් ඇති නොවනු ඇත.

ඇතැම් කොට්ට නිර්මාණය කර ඇති ස්වභාවය නිසා අස්වාභාවික නිදන ඉරියව් ඇතිවිය හැකියි.  කොට්ටයක් නොමැතිව නිදාගන්නා විට ඔබේ සිරුර ස්වභාවික ඉරියව්වකට පත්වන නිසා කොන්දට හොඳින් විවේකය ලැබේ.

බෙල්ලේ වේදනා ඇති නොවේ.

නිවැරදි ඉරියව්වකින් නිදාගැනීමට කොට්ටයක් ඇතැම් විට බාධාවක් විය හැකියි. දිගු වේලාවක් තිස්සේ බෙල්ල එක් පැත්තකට නවාගෙන සිටීම අපහසු දෙයකි. විශේෂයෙන්ම ඔබ භාවිතා කරන්නේ වඩාත් තද බවින් හෝ වඩාත් මෘදු පිරවුමක් සහිත කොට්ටයක් නම් ඔබට බෙල්ලේ කැක්කුම් සහා වේදනා මතු වීමට ඇති ඉඩ වැඩිය.

හිසරදය වැනි තත්ව මතු නොවනු ඇත.

උදෑසන අවදි වු පසු ඔබට හිසරදයක් හෝ අපහසුබවක් දැනේ නම් ඊට හේතුව ඔබ භාවිතා කරන කොට්ටයද විය හැකියි. වඩාත් උස්ව කොට්ට තබාගැනීම මඟින් ඔබේ හිස සහා බෙල්ල ඉදිරියට වකු‍ටු වීම සිදුවිය හැකියි. ඉන් බෙල්ල ආශ්‍රිත මාංශ පේශීන් අනවශ්‍ය ලෙස පීඩනයට පත් වේ. පසුදා උදෑසන බොහෝ විට හිසරදයක් හෝ හිසේ බර ගතියක් ඔබට දැනෙන්නේ ඒ නිසයි.

ආතතීන් මතු නොවනු ඇත

 කොට්ටය සැපපහසු බවක් ලබානොදෙන සෑම විටකම එය වෙනස් කරමින් නින්දේදි එහා මෙහා පෙරලෙමින් අපි අපේ නින්දටම බාධා කරගන්නවා. ඉන් නිදාගැනීමට ලැබේන කාලය අඩු වී යයි. ඔබ දිනකට ප්‍රමාණවත් නින්දක නොලබන්නේ නම් එය ඔබේ ශරීර ක්‍රියාකාරීත්වය සඳහා අහිතකර ලෙස බලපාන සාධකයකි. නින්ද අතර තුරදි සිරුරේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලින් ‍රැසක් සිදුවේ. දිගින් දිගටම ප්‍රමාණවත්  නින්දක් නොලැබීමෙන් සිරුරේ ක්‍රියාශිලි බව අඩු වීම, මනෝභාවයන් වෙනස් වීම සහා පරිකල්පන ශක්තිය දුර්වල වීම පවා සිදුවිය හැකියි. එමෙන්ම දහවල් කාලයේදි අධික ලෙස ආතති හෝර්මෝන ශ්‍රාවය වීමට පටන් ගැනීම සිදුවිය හැකියි.

මුහුණේ කුරුලෑ ඇතිවිම වළක්වාගත හැකියි

අ දිනපතා කොට්ට කවර පිරිසිදු කිරීම සිදු නොකරන නිසා ඒවා මත ඔබේ සමේ ඇති තෙල් මෙන්ම අවට කුණු දූවිලි ‍රැඳීම සිදුවේ. රාත්‍රී නින්දේදි මුහුණ කොට්ටය මත තෙරපී තිබෙන නිසා එවැනි අපද්‍රව්‍ය මුහුණේ ස්පර්ෂ වීම සිදුවී සමේ ආසාදන හටගැනීම, ඉදිමුම් ඇතිවීම සහා අකලට සම ‍රැළි වැටීම පවා සිදුවිය හැකියි.

ඔබේ හිසකෙස් සඳහා වඩාත් හිතකර පියවරක් වේවි

රාත්‍රී නින්දේදි එහා මෙහා පෙරළෙන විට කොට්ටය මත කොණ්ඩය තෙරපී තිබීම නිසා හිසකෙස් පැටලීම,ගැට මතුවීම, කැඩී යාම, කොට්ටය මත දිගින් දිගටම ඇතිල්ලෙන නිසා වියළී යාම නිසා හිසකෙස් දුර්වල විය හැකියි. එමෙන්ම හිසකෙස් වල ඇති කුණු දූවිලි සහා තෙල් ගතිය කොට්ට ඇතිරිලි මත තැවරීමෙන්  ඒවා අපිරිසිදු වේ. මෙවැනි ගැටලු අවම කරගත හැකියි යන අපේක්ෂාවෙන් පමණයි මේ තොරතුරු ඔබ වෙනුවෙන් ගෙන ආවේ. එබැවින්, වෘත්තිය උපදෙස් සහා ප්‍රතිකාර සඳහා කරුණාකර ඔබේ වෛද්‍යවරයාව මුණගැසීමට කටයුතු කරන්න.