‘කොටට ඇඳලා මගේ හැකියාව බාල්දු කරන්නේ නෑ’ පළමු කසාදයට සමුදී තනිව ඉන්න පියුමි කියන කතාව

කලාවට පිවිසෙන හැමෝම කලාවේ රැදෙන්නේ නෑ. මොකද කලාවේ රැදීම ඒ තරම් ලේසි දෙයක් නෙවෙයි. එකපාර කලාවට ඇවිත් එක පාර කලාවෙන් සැඟවුන තරුවක් ගැනයි මේ කතාව. ඇය නමින් පියුමි පුරසිංහ. සරාගි සුරූපි නිළියක් වන ඇය “වැඩ බැරි ටාසන්” හරහා සිය රංගන ජිවතයට අත්පොත තියනවා. හැබැයි ඒ සමඟම ඇය නොසිතු විදිහට රංගනයෙන් ඉවත් වෙලා යනවා. ඇත්තටම පියුමි රංගනයෙක් ඉවත් විමට හේතුව ඇගේ විවාහය කියලයි බොහෝ දෙනෙක් කිවේ.

ඉතින් ඒ නිසාම අපි පියුමිගෙන්ම අහන්න හිතුවා කලාවෙන් ඈත් විමට ඇය ගත් තිරණය විවාහයද කියලා. “කට කතා ගැනනම් මම දන්නේ නෑ. හැබැයි විවාහය නිසා රංගනයෙන් අයින් වුනේ නෑ. මම දැන් කලාවෙන් අයින් වෙලා දැන් අවුරුදු ගණනාවක් වෙනවා. විවාහය එක්ක මම කලාවෙන් අයින් වුනා කියනවනම් ඒක බොරු. මම විවාහ වෙලා වසර කිපයකින් මම විවාහ⁣යෙන් අයින් වෙනවා. ඇත්තටම මම දැන් විවාහය ගැන හිතන කෙනෙක් නෙවෙයි.

මම තනිකඩයි. මගේ දෙමව්පියෝ මට කියන්නේ අධ්‍යාපන වැඩ එක්ක මගේ ජිවිතේ හදාගන්න කියලා. ඉතින් කටකතා නිසා මගේ ජිවිතේ ඇත්ත කියන්න මම බය කෙනෙක් නෙවෙයි. අනික මම ඇත්ත හංගගෙන බොරුවෙන ජිවත් වෙන කෙනෙකුත් නෙවෙයි. ඉතින් ඒ නිසාම මම හිතනවා මම රංගනයෙන් වෙන්න මගේ විවාහය හේතුවක් වුනේ නෑ.” කියලයි.

කලාවෙන් මදක් ඈත් වෙද්දි ඇය ව්‍යාපාරයකට අඩිතාලම දැමුවත් මේ වන විට එයද තරමක් අසාර්ථක වෙලා. ඉතින් පියුමි ඉදිරියේදි ව්‍යාපාරයට මුල් තැන දි එය ගොඩ නගන්න සැලසුම් කරන බව අපි සමඟ කියා සිටියා. ජනතාවගෙන් කාලයක් ඈත්ව සිටි නිසා හොද නිර්මාණ තුළින් ජනතාව අතරට එන්න ඇය මඟ බලන බවද හොද නිර්මාණයක් ලැබුන සැනින් එයට සිය දායකත්වය ලබා දෙනබවද ඇය අප සමඟ කියා සිටියා. කිසි විටෙක ඇය කොට ඇඳුම් ඇඳලා තමන්ගේ හැකියාව බාල්දු නොකරන බවත් අප සමග කියාසිටියා.