‘කූඩැල්ලෝ දැක්කම මගේ ඇඟ හිරිවැටෙනවා’ ඉස්කෝලේ නාට්‍යයේ අනගි කියන කතාව

මේ කතාව පාසල හැර ගිහින් වසර ගණනාවක් ගතවෙලා නැවත පාසල් යන්න වරම් ලද කෙනෙක් ගැන. ඇය නමින් හිරුෂි පෙරේරා. මේ දවස්වල දෙරණ ටිවි ඔස්සේ විකාශනය වන ‘ඉස්කොලේ’ ටෙලි නාට්‍යය ප්‍රධාන චරිතයක් වන අනගි නම් පාසල් යුවතිය ලෙසින් රඟපාන හිරුෂි සමගයි අපේ මේ කතාබහ. හිරුෂි ‘ඉස්කෝලේ’ නාට්‍ය ගැන මොකද හිතෙන්නේ ”පාසලෙන් ඉවත් වෙලා අවුරුදු හයක් පමණ ගත වුනත් මම හරි ආසාවෙන් හිටියෙ පාසල් දැරියකගේ චරිතයක් රඟපාන්න. ඉතින් ඉස්කෝලෙ ටෙලිනාට්‍යයේ පාසල් දැරියකගේ චරිතයට ආරාධනා කළාම මට පුදුම සතුටක් දැනුණේ. මේ චරිතය ඉස්කෝලෙ යන ළමයෙකුට වුවමනාකරන සුදු ගවුම්, සපත්තු, රිබන් පාසල් නිල ඇඳුමට ඕන දේවල් මම අලුතින්ම ලැස්ති කරගත්තා. දර්ශන තලයට ගිහින් සුදු ගවුම ඇන්දම ආයෙත් ඉස්කෝලේ යන්න පටන් ගත්ත වගේ අමුතුම හැඟීමක් දැනුණා. ඇත්තටම එක ගොඩක් සුන්දර අත්දැකීමක් ආයේ අතීතෙට ගියා වගේ” කියලයි.

ඇය ඒ චරිතයට කා වැදෙමින් කතා කලේ හදවතින්ම ඒ චරිතයට ආස කරමින්. ඇගේ චරිතය දුක දරා ඉවසගෙන ඉන්න අහිංසන ගැමි යුවතියක් නිසාම බොහෝ දෙනා⁣ගේ ආදරයට හසුවන්නේ ඇයට චරිතයට තවත් දිරි ගැන්විමක් ලෙසයි. එමෙන්ම ඇය 2020 දෙරණ අවුරුදු කුමරිය අවසන් දොළොස් දෙනා අතරට තේරි පත් වු යුවතියක්ද වනවා.

රාවණා ටෙලි නාට්‍යයේ සුළු චරිතයකින් හා දෙවනි ඉනිමේ වෙද මහත්තයාගේ දුව ලෙසට ඇය රංගනයට පැමිණියත් ‘ඉස්කෝලේ’ නාට්‍ය ඇගේ ජිවිතේ හැරවුම්ලක්ෂය ලෙස කිවොත් නිවැරදියි. ප්‍රේක්ෂකයා අතරට ඇය බොහෝ සේ ලං වුනේ මෙම නාට්‍යයෙන්. ඉතින් හිරුෂි ‘ඉස්කෝලේ’ නාට්‍යයේ රංගන මතකය අවදි කලේ මේ විදියට.

“මේ ටෙලිනාට්‍ය රූගත කරන්නෙ හෝමාගම, අතුරුගිරිය, ඉංගිරිය, මම කූඩැල්ලන්ට පොඩි කාලේ ඉදන් හරිම බයයි දැක්කම ඇඟ හිරිවැටෙනවා. ඒ තරම්ම මම කූඩැල්ලන්ට බයයි, ඉතින් එක දවසක් ෂූටින් කරන වෙලාවේ කූඩැල්ලෙක් මගේ කකුලෙ එල්ලිලා ඒක මට ඉතින් පුදුම ත්‍රාසජනක අත්දැකීමක් වුනා. එදා මට කෑගහුනත් එක්ක, ඒත් ඊට පස්සෙ තවම නම් එහෙ කූඩැල්ලො දැක්කෙ නැහැ.” කියලයි.

ඇය ඒ මතක දිග හැරියේ තවත් කරුණු කිහිපයක් පවසමින්. සංචාරක ක්ෂේත්‍රයේ එකවුන්ටන් කෙනෙක් ලෙසට රැකියාව කරන ඇය පසුගිය කාලයේ රටේ තත්වය සමඟ ඒ රැකියාව නතර වු නිසා මුළු කාලයම රංගනයට යෙද වු බවත් එහෙත් ඇය රංගනය වෘත්තීයක් ලෙස නොකර බවත් කියා සිටියා. නමුත් ඉඩක් ලැබෙන සෑම අවස්ථාවකම ඇය රංගනයට දායක වන බව ද කියා සිටියේ රංගන ජිවිතයටද ඇය මහත් සේ ඇලුම් කරන බව පවසමින්.

ඇය අවසන් ලෙසට ආදරය ගැන කිවේ “දැන්ම නෙවෙයි පස්සේ දවසක මම ඒ ගැන හරියටම කියන්නම්. මම ආදරය කරන කෙනා කවුරු වුණත් මට උදව් කරන කෙනෙක් වෙන්න ඕන. මොකද ජිවිතේට කෙනෙක් එකතු කරගන්නේ ජිවිතේට හයියක් වෙන්න. කලා ක්ෂෙත්‍රයේ වැඩ කරද්දි බොහෝ පිරිසක් එක්ක එකතු වෙලා වැඩ කරන්න වෙනවා ඉතින් ඒ දේවල් එක්ක මගේ හිතේ තියෙන්නේ මට ආරක්ෂකයෙක් වෙන ප්‍රේමවන්තයෙක් හොයාගන්න ඕනි කියන එක” ඇය ආදරවන්තයා ගැන කතා නොකළත් ඇය හොයන ආදරය ගැන කියා සිටියේ එවැනි අදහසක්

01.

02.

03.

04.

05.

06.

07.