කුරුල්ලෙකුට ලෝකය පෙනෙන ආකාරය ගැන පෙන්වන ඡායාරූප 15 ක්

ඉහළ උන්නතාංශයක සිට ඡායාරූප ලබාගැනීම අද වන විට ඉතා ජනප්‍රිය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ‘ද්‍රෝන’ තාක්ෂණයත් සමඟ මේ ප්‍රවණතාවය වැඩි වී ඇතැයි සැලකිය හැකියි. උවමනාව තියෙනවා නම් මිනිසුන් නොගන්න පරිශ්‍රමයක් නැහැනේ. ඉතින්, ඒ වගේ ඉහළ අවකාශයේ සිට පොලොව මතු පිට ඡායාරූප ලබාගැනීමට ඡායාරූප ශිල්පීන් විසින් මිල අධික ක්‍රම පවා භාවිතා කරනවා. ඔවුන් විසින් මෙම බොහෝමයක් පින්තූර ලබාගෙන තිබෙන්නේ Q Quadcopters හෝ හෙලිකොප්ටර් වල ගමන් කරන අතරතුරදී, චන්ද්‍රිකා තාක්ෂණය හරහා වගේම පැරාග්ලයිඩර්ස් භාවිතා කිරිම හරහා වීමද විශේෂත්වයකි. කොහොම වුණත් මේ අසාමාන්‍ය සහා ආශ්චර්යමත් ඡායාරූප ලබාගන්න ඔවුන් ගොඩක් මහන්සි වී තිබෙනවා. නමුත්, ඔවුන්ගේ මහන්සිය වතුරේ ගිහින් නැහැයි කියා මේ ඡායාරූප දකිද්දී ඔබටත් සිතේවි.
ලෝකයේ මෙහෙමත් තැන් තියෙනවාද කියා පුදුම හිතෙන තරම් ලස්සන ඡායාරූප 15 ක් තමයි මේ .

• රියෝ ඩි ජැනයිරෝ, බ්‍රසීලය, ප්‍රතිමාවේ පළල ගැන හිතාගන්න පුලුවන් ද?

• ටහිටි, පොලිනේෂියාව, ඇවිද යා කැකි තරම් නොගැඹුරු මුහුදු වෙරළක්

• වොෂිංග්ටන් නුවර, ඇමෙරිකා එක්සත් ජනපදය, හේඩන් ජලාශය කොයි කෝණයෙන් බැලුවත් ලස්සනයි.

• නයිස්, ප්‍රශය, දොරවල් නැති හෙලිකොප්ටරයකින් රවුමක්

• නව කැලඩෝනියාව, සොබාදහම අපට කොච්චර ආදරේද බලන්න!

• මරාකේච්, මොරොක්කෝව, මේ කාපට් ඔක්කොම පිරිසිදු කරන්නේ කොහොමද?

• බාලි භාරත් ජාතික වනෝද්යා්නය, ඉන්දුනීසියාව, රාජාලියෙකුගේ පියාසරිය. කොහොමද පියාපත් වල විශාලත්වය?

• හොං කොන්ග්, ‘නාගරික තරු අහසක්’ මීට කලින් දැකලා තියෙනවාද?

• නයිජර්, අප්රිනකාව, මැටි වල ලවණ නිස්සාරණය වීම නිසා සහරා තැන්න වෛවර්ණ චිත්රයයක් වගේ පෙනෙන අවස්ථාවක්

• නැට්රෝථන් ජලාශය,ටැන්සානියාව, රතු! රතු! රතු! හැමතැනම රතු!

• නිව් යෝර්ක් නුවර, පොඩි ට්‍රැෆික් එකක්

• අම්බොසේලි ජාතික වනෝද්‍යානය, කෙන්යාව, මෙහි කොළ පැහැයෙන් පෙනෙන්නේ ජලාශයකි. එහි ජලය මිනිසෙකුගේ ගෙල දක්වා වූ ගැඹුරකින් යුක්තවේ.

• වඩි මිටාන් කාන්තාරය, ඕමානය, විශාල සෙවණැලි තිරයක් වගේ පෙනුනත් ඉතා භයංකාර තැනක්

• හ්වාචා, කොරියානු ජනරජය, සෑම නොවැම්බරයකම කොරියාවේ බොහෝ ජනතාවක් ‘ice fish festival’ නම් උත්සවයට එක් ‍රැස් වෙති

• සොලමන් මුහුද, කොහොමද වතුරේ ලස්සන?

• ටිසාවෝ ජාතික වනෝද්යා?නය, කෙන්යාව, මෙය ජීවයේ ගසයි(tree of life). බලන්න එහි විශ්මිත බලය දිහා!

• විල්නියස්, ලිතුවේනියාව, කම්මැලි කෙනාව හොයාගන්න හොඳම ක්‍රමය!

• ගුන්තූර්,ඉන්දියාව, විශාල රතු මිරිස් යායක්

• මාරිංගා, බ්රවසීලය, ‘හූකාහ්’ උත්සව සැමරුම අතරේදි නගරය පැය කිහිපයකට දුමෙන් වැසී ගිය මොහොතක්

• සොවු චෙන්ග්, චීනය කාටවත් හොයාගන්නම බැරිවෙන්න හැංගෙන්න හොඳ තැනක්!