කුඩා දරුවන් තමන්ට ඇති අපහසුතා ගැන හඟවන සරල ඉඟි 9 ක්

දරුවෙකු ලැබීම කියන්නේ ජීවිතයේ තිබෙන විශාල බලාපොරොත්තුවක් ඉ‍ටු වීමකි. පවුලට දරුවෙකු එක් වුණ අලුත විවාහක යුවලක් විසින් දෙමාපියන් ලෙස තම වගකීම් වලට හැඩගැසීමේදී මුහුණ දෙන ලොකුම ගැටලුව තමයි බබාට අවශ්‍ය දේ කුමක් ද කියා නිවැරදිව තේරුම් ගැනීම. බබාට කතා කරන්න බැරි නිසා එයාව තේරුම් ගන්න එක මුලදි ටිකක් සංකීර්ණ අත්දැකීමක් වීමට ඉඩ තිබෙනවා. කොහොම නමුත්, බබාගේ ඇතැම් හැසිරීම් වලින් එයාට අවශ්‍ය දේ පහසුවෙන් හඳුනාගත හැකි සරල ඉඟි කිහිපයක් තිබෙනවා. අපි බලමු ඒවා මොනවාද කියලා,
ඔවුන්ගේ භාෂාව

  • ‘නෙහ්’ යනුවෙන් ශබ්ද කිරීම – බබා කට අරිමින් දිව එලියට දමන අතරේ මෙම ශබ්දය නිකුත් කරනවා නම් ඉන් කියවෙන්නේ බබාට බඩගිනි වි ඇති බවයි.
  • ‘ඔව්හ්’ යනුවෙන් ශබ්ද කිරීම – නිදිමත සැදුනු විට වැඩිහිටියෙකු වගේම ඈනුම් අරින එක කුඩා දරුවන් විසින්ද සිදුකරන නිසා එයාට නිදිමත ඇති වෙලා කියලා පහසුවෙන් හඳුනාගන්න පුලුවන්.
  • ‘හෙහ්’ යනුවෙන් ශබ්ද කරමින් – තමන් නොහඳුන අයෙක් වඩා ගෙන ඉන්න විට අත් සහා මුහුණ ගසමින් බබා ඉවතට බර වෙමින් කරන ඇතැම් සුලු සුලු චලනයන් වලින් එයා අපහසුතාවයට එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා අතේ ඉන්න අකමැති බව කියන්න උත්සාහ කරයි.

බබාගේ හැසිරීම් හොඳින් නිරීක්ෂණය කරන්න.
කුඩා දරුවන් තමන් වටා ඇති පරිසරයට ඉතා සංවේදී වේ. ඉතින්, එයාලට ඇසෙන විශාල ශබ්ද වලට ඉතා ඉක්මනින් බියට පත් වීම සිදුවිය හැකියි. බබාගේ සෑම කුඩා චලනයකින්ම සහා හැසිරීමකින්ම ඔහු / ඇය පරිසරය හඳුනාගනිමින් ඊට අනුගත වෙමින් සිටින බව පෙන්නුම් කරනවා. කාලයත් සමඟ දරුවා හට පරිසරයට හුරුවීමට ඉඩලබාදෙන්න. ඒ අතරේ බබාගේ වෙනස්කම් නිරීක්ෂණය කරන්න. නමුත්, හැම විටම අනවශ්‍ය කලබලයකින් කටයුතු කිරීමට අවශ්‍ය නැහැ.

හඬන විටදී
බබාගේ හැඬීම් එකිනෙක වෙනස් ස්වරූපයක් ගනියි. මෙහිදී වඩාත් වැදගත්ම වන කරුණ වන්නේ ඔවුන්ගේ හැඬීමට හේතුව සහා ඔවුන් හට අවශ්‍ය දේ කුමක් දැයි හරියාකාරව තේරුම් ගැනීමට කටයුතු කිරීම. මේ කරුණු කිහිපය ඔබට යම් උපකාරයක් වේවි.

  • තමන් වෙත ගෙන්වා ගැනීමට හඬන විට – කුඩා දරුවන් තම දෙමාපියන්ගේ අවධානය ලබාගැනීමට හැඬීම සිදුකරනවා. එවිට අම්ම හෝ තාත්තා පැමිණ තමන්ව වඩාගන්න බව ඔවුන් හොඳින්ම දන්න නිසයි එහෙම කරන්නේ. ඒ විදියට හඬන අවස්ථාවක තත්පර 5-6 ක් පමණ එක දිගට හැඬීමෙන් පසු තත්පර 20 ක් පමණ හැඬීම නවතා අම්මා / තාත්තා තමන් වෙත එනවාද කියා මග බැලීම බොහෝ විට සිදුකරයි.
  • බඩගිනි දැනුනු විට හැඬීම- බබා තම හිස කරකවමින් හඬන අතරේ තලු මරණ ශබ්දයක් නිකුත් කරයි නම් බබාට බඩගිනි වී ඇති බව ඉන් ඉඟි කෙරේ.
  • නිදිමත දැනුනු විට හැඬීම- බබා කෙඳිරි ගාමින් සහා ඈනුම් යවමින් හඬයි නම් ඉන් අදහස් වන්නේ බබාට නිදිමත දැනෙන බවයි.

ඔවුන් සිදුකරන චලන
කුඩා දරුවන් විසින් සිදුකරනු ලබන චලනයන් ‍රැසකි. එක් එක් චලනයේ වෙන් වෙන් අර්ථය කුමක්දැයි හඳුනාගන්නේ කෙසේද? මේ උපදෙස් කිහිපය ඔබට ඊට උපකාර කරාවි.

  • කන් වලින් ඇදීම- බබා තම සිරුර පුරා අත යවමින් ස්පර්ෂ කිරීම මඟින් ඔහු/ ඇය තම සිරුර හඳුනාගන්නා බව නිගමනය කල හැකියි. නමුත්, ඔවුන් නිරන්තරයෙන් එසේ සිදුකරයි නම් ඔබ වෛධ්‍යවරයෙකුට දරුවා පෙන්වීම වඩාත් සුදුසු වේවි.
  • අත් මිට මෙළවීම- බබා මෙසේ අත් මිට මොළවන්නේ තමන් හට බඩගින්නක් දැනුනු විටයි.
  • පාද ඉහළට එසවීම- ඇතැම් විට මෙය බබාට උදරාබාධයක් හටගෙන ඇතැයි සැක කල හැකි ඉඟියක් වීමට පුලුවන්. කුඩා දරුවන් එසේ පාද ඔසවන්නේ ඉන් වේදනාව සමනය වී පහසුවක් දැනෙන නිසයි.