කෑම මේසයේදී මේ වැරදි 12 කලොත් දකින අය ඔබ නූගත් කෙනෙකු ලෙස සිතාවි

අද අපි ඔබව දැනුවත් කරන්නේ විශේෂ භෝජන සංග්‍රහයකට සහභාගී වන විට ඔබ හොඳින් මතකයේ තබාගත යුතු සහ ඔබ විසින් අනුගමනය කල යුතු ආචාර විධි (Etiquette rules) 12 ක් ගැනයි. පිරිසක් අතරේ සිටින විට, නිවැරදිව කෑම මේසයේ හැසිරිය යුතු ආකාරය ගැන හොඳ අවබෝධයකින් සහ සැලකිල්ලකින් යුතුව කටයුතු කිරීම ඔබ අචාර ධර්ම වලින් හෙබි පුද්ගලයෙකු බව පෙන්නුම් කරන ලක්ෂණයකි.

01. පිඟානට ලෙමන් පෙත්තක් මිරිකාගන්නා විට අතින් හෝ හැන්දකින් එය ආවරණය කරගනිමින් සිදුකරන්න.මීට හේතුව තමයි ලෙමන් බිංදු කෙනෙකුගේ ඇසට ඉසීමට අවදානමක් තිබීම. ඒවා ඇස් වලට ඇතුලු වීම දැඩි වේදනාකාරි අත්දැකීමක් ඇති කරයි. ඉතින්, එවැනි ගැටලු ඇති නොවීමට ඔබට හැකියි ඔබ එසේ කරන විට අනෙක් අතින් ලෙමන් පෙත්ත සහිත අත වසාගනිමින් එය සිදුකිරීමට.

02. ආහාර ගැනීමට පෙර නැප්කිනය ඔඩොක්කුම මත ත්‍රිකෝණාකාරව නොව සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් එලාගන්න. ඩිනර් නැප්කින් වර්ග ප්‍රමාණයෙන් විශාල නිසා ඒවා දෙකට නවා ඉහත සඳහන් හඩයෙන් ඔඩොක්කුව මත එලාගැනීම පහසුයි.ආහාර ගැනීම සිදුකර අවසන් වූ විට නැප්කිනය නැවීම සිදුනොකරන්න. එය ඔබේ ආහාර පිඟානේ වම් පසින් තබන්න.

03. තේ හෝ කෝපි පානය කරන විට ඔබේ සුලැඟිල්ල එසවීම සිදුනොකරන්න. ඒ වෙනුවට ඔබේ දබර ඇඟිල්ල සහ මැද ඇඟිල්ල භාවිතා කරමින් කෝප්පය මුව දෙසට මදක් ඔසවන්න.

04. කහිනවිට හෝ කිවිසින විට ඔබේ වම් අත භාවිතා කරන්න. දකුණු අත භාවිතා නොකරන්න.

05. ඔබට ආරාධනා කල පුද්ගලයා අසුන්ගන්නා තුරු ආහාර ගැනීමට පටන් නොගත යුතුයි.

06. කෑම මේසයේදී යම් අයෙක් ලුණු බෝතලය ලබාදෙන මෙන් ඔබෙන් ඉල්ලීමක් කලහොත්, ඒ සමඟ ගම්මිරිස් බෝතලයද ලබාදෙන්න. ලුණු බෝතලය පමණක් ලබාදීම සිදුනොකල යුතුයි. එය ආචාර සම්පන්න නොමැති බවයි පිලිගැනෙන්නේ.

07. ව්‍යාපාරික කටයුත්තක් ගැන සාකච්ඡා කිරීමට දහවල් ආහාර ගැනීම සඳහා ඔබ පිරිසකට ආරාධනා කලේ නම් එය සම්පූර්ණයෙන්ම ඔබේ සංග්‍රහයක් විය යුතුයි.ඔබ එහි බිල තනිව දැරිය යුතුයි.

08. පාන් සහිත බාස්කට් එක මේසයට පිලිගැන්වු විගස ඉන් ඔබේ පිඟානට බෙදාගැනීමට කලබල නොවිය යුතුයි. පළමුව එය ඔබේ දකුණු පසින් ඉඳගෙන සිටින පුද්ගලයාට පිලිගැන්විය යුතුයි. ඉන්පසුව, ඔබේ වම් පසින් සිටින පුද්ගලයාට පිලිගන්වන්න. ඉන් අනතුරුව ඔබේ පිඟානට බෙදාගන්න.

09. වැරදි ක්‍රමයකට තේ කෝප්පය කලවම් නොකල යුතුයි. එය ඔරලෝසු ක‍ටු කැරකෙන දිශාවට නොව, දකුණ සිට උතුරට ආකාරයේ චලනයකින් සිදුකල යුතුයි.

10. ඔබේ ගමන් මල්ල සැම විටම වම් අතේ දරාසිටින්න/රඳවාගෙන සිටින්න.

11. භෝජන සංග්‍රහය අවසානයේ නිවසට ‍රැගෙන යාම සඳහා ආහාර ඉතිරිවි ඇත්දැයි විමසීම කිසිසේත්ම නොකල යුතු දෙයකි. එය ආචාර සම්පන්න හැසිරීමක් නොවෙයි.

12. මේසයේ ඔබේ අසුනට වම් පසින් ලඟාවන්න. පිටවන විට දකුණු පැත්තෙන් පිටවන්න.