‘කැරොලයින් කියන්නේ පුදුම කාන්තාවක්’ ලෝක රූ රැජිනිගේ සැමියා දැන් කියන කතාව

කාලයක් ලංකාවේ හැමෝගේම ආදරේ දිනාගෙන හිටපු චරිතයක් තමයි කැරොලයින් ජූරි කියන්නේ. 2020 ලෝක විවාහක රූ රැජින කිරුළෙහි හිමිකාරිණිය වන්නේත් ඇයයි. 1992 වසරේ ඔක්තෝබර් මස 11වන දින උපන් ඇයගේ සම්පුර්ණ නම වන්නේ ‘කැරොලයින් ලුසි ඇනී ජූරි’. ඒ වගේම තමයි ඇය ‘කඳාන ශාන්ත සෙබස්තියන්’ බාලිකා පාසලෙන් අධ්‍යාපන හදාරා තිබෙනවා ඒ වගේම කැරොලයින් ඩුබායි හි වර්ජින් මෙගා වෙළඳසැලේ විකුණුම් විධායකවරියක ලෙස සේවය කරනවා. කොහොම වුනත් කැරොලයින් පිලිබඳ පසුගිය කාලයේ විවිද කටකතා රැසක් පැතිරුනා. ඒ කැරොලයින් විසින් පුෂ්පිකාගේ රූ රැජින කිරුල ගලවා වෙනත් තරඟ කාරියකට පැළඳුව නිසා.

කැරොලයින්ගේ ආදරණීය සැමියා තමයි නිශාන්ත, ඉතින් මේ ආදරේ පටන් ගත්ත විදිය පිලිබඳ කැරොලයි කියන්නේ මේ වගේ කතාවක් ”අපි දෙන්නා මුලින්ම මුණගැහෙන්නේ ඩුබායි රාජ්‍යයේදී. අපි ගොඩක් කතා කළා ඊට පස්සේ අපි ආදරේ කරලා විවාහ වුනා. දැන් අපි ගොඩක් සුන්දර දිවියක් ගතකරනවා.” කියලයි.

කොහොම වුනත් 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගත් නිසා ලංකාවේ හැමෝම වගේ ඇයට ආදරේ කරන්න පටන් ගත්තා ඉතින් තමන්ගේ ආදරණීය බිරිඳ ලබාගත් මේ ජයග්‍රහණය පිලිබඳ ඇයගේ සැමියා කිවුවේ මෙහෙමයි ”ඇත්තම කියනවනම් මට මගේ බිරිඳ පිලිබඳ පුදුමාකාර ආඩම්බරයක් තියෙන්නේ. කැරොලයින් කියන්නේ පුදුම කාන්තාවක් මොකද ඇය කිසිම වෙලාවක නිවසේ වැඩ, ළමයාගේ වැඩ, මගේ වැඩ, කිසි දෙයක් මගහැරියෙ නෑ. එයා උදේම නැගිටලා කෑම හදලා ළමයාට කවලා. ගෙදරත් අස්කරලා තමයි වැඩට යන්නේ. ඇත්තටම ලෝකයට එයා ​රැජිනක් තමයි, හැබැයි එයාගේ ලෝකේ වෙලා තියෙන්නේ මමයි අපේ දරුවයි. කැරොලයින් හරි සාමාන්‍ය චරිතයක් ගෙදරදි” කියලයි ඉතින් ලංකාවේ හැමෝම කාලයක් ගොඩක් ආදරේ කල චරිතයක් වන කැරොලයින්ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.