‘කාවින්ද්‍යා එක්ක තිබ්බ සම්බන්දෙ නතර කරලා ගොඩක් කල්’ ජනප්‍රිය නළු ගයාන් කියන කතාව

පිය උරුමයෙන් ලැබුන හැකියාව. ලේ වල පවා දුවන සංගීතය. මොහොතකටවක් නොබිදෙන පිය පුතු ආදරය, වර්තමානය තුළ ගායන ශිල්පියෙක් මෙන්න තාරුණ්‍යයේ හැඩකාර රංගන ශිල්පියෙක්. ඔහු නමින් ගයාන් ගුණවර්ධන.කලාවේ නව දොරටු හොයාගෙන යන ගයාන් ගැන කතා කරන්නයි අපේ මේ සුදානම,

ගායන ශිල්පියෙක් වු නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන කියන්නේ වර්තමානයේ කැපි පෙනෙන රංගන ශිල්පියෙක්ද කිවොත්හරි. සංගීතය ඔස්මේ ආව ගමනේ විෂුවල් හරහා රංගනයට පිවිස ගයාන්, විටෙක නිවේදකයෙක්ද කිවොත් හරි. මෙච්චර උපතින් දක්ෂතා රැගෙන එන ගයාන් කවුරුත් අතර ජනප්‍රිය තරුවක්. ප්‍රසංග වේදිකාව ඔහුට අලුත් දෙයක් නොවුනත් රංගන වේදිකාවට ඔහුට අලුත්. හැබැයි වර්තමානයයේ ස්වර්වාහිනි නාලිකාවේ විකාශය යන පාරදිගේ නාට්‍ය හරහා ගයාන් බොහෝ ජනප්‍රියව ඇත්තේ රංගනයට.

විවිධ චරිත හරහා රංගනට එන ගයාන්ට පාර දිගේ කතාව දැනුනෙ කෙහොමද කියලා අහන්න අපි අමතක කලේ නෑ. ඉතින් ගයාන් අපිට දුන්නේ මේ වගේ පිළිතුරක් ” මම ආසාවෙන් කරන චරිතයක්. ඇත්තටම පාර දිගේ කතාව කියන්නේ වෙනස්ම තේමාවකට යන කතාවක්. සංගීතය එක්කම බැදුන චරිතයක් නිසාම ඇත්තටම මම ඒ චරිතයට ගොඩක් ආස කරනවා. පුළුවන් උපරිම විදිහට චරිතයට සාධාරණ කරන්නයි කැමති.”

විවිධ කට කතා නිසාම කාලයක් ගයාන් සමාජ මාධ්‍ය තුළ ප්‍රකට චරිතයක් වුනා. සමහරු ඔහු විවාහ වුනා කිවුවා, සමහරු ඔහු කාවින්ද්‍යා එක්ක සම්බන්ධයක් තියෙනවා කිවා. මේ සේරම කතා මැද්දේ කතාවල ඇත්ත දැනගන්න අපි ගයාන්ගෙන්ම මේ ගැන ඇහුවා. “ඇත්තටම මට කලාවේ වැඩ එක්ක ආදරේ කරන්න වෙලාවක් නෑ. අනික මම මගේ පෞද්ගලික ජිවිතේ ෂෝෂල් මිඩියා වල ප්‍රසිද්ධ කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම මගේ පෞද්ගලිකත්වය රකිනවා.

මම කාවින්ද්‍යා එක්ක තිබුන ප්‍රේම සම්බන්ධය නතර කරලා ගොඩක් කල්. අපි දෙන්නම කතා වෙලයි ඒක කලේ. හැබැයි අදටත් අපි දෙන්නා හොද යාළුවෝ. මට කෙල්ලෙක් ඉන්නවනම් එක එක කෙල්ලෝ එක්ක ෆොටෝ දාන්න බෑනේ.” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ගයාන්ගේ සුන්දර පින්තූර කතුවක් තමයි මේ,